top of page
Writer's pictureChathuska Amarasekara

"ආකර්ෂණයේ නීතිය" කියන්නේ පට්ට පල් බොරුවක් ද?

Updated: Dec 1, 2022


මේ ලිපිය ලියන්න මූලිඛම හේතුව වෙන්නේ ලගදී මම කරපු දේශණයක්දී මම කල අදහස් දැක්වීමකට අදාලව දේශණයට සහබාගී වූ අයෙක් විසින් ඇසූ ප්‍රශ්නයක්.


එහිදී මා දැක්වූ අදහස වුනේ, " විශ්වය ඔබව සාර්ථක කරන තෙක් ඔබ බලා සිටිනවානම්, ඔබ කිසි සේත්ම සාර්ථක වන්නට නුසුදුස්සෙක් බව හා වැඩි සම්බාවිතාවයකින් ඔබ අසාර්ථක වන බව"


එයට නැගුණු ප්‍රශ්ණය වුනේ, එහෙනම් Law of Attraction කියන්නේ බොරුවක්ද? කියන එක....


  • ඇත්තටම Law of Attraction කියන්නේ බොරුවක්ද?

  • එහෙනම් Law of Attraction හරහා තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය ගොඩනැගුවායි කියන අය කියන්නේ බොරුද?

  • එහෙම වෙන්න බෑ, සමහර වෙලාවට අපි හිතන දේවල් අපි වෙතට ආකර්ෂණය වෙන බව අපිට දැනිලා තියෙනවා, එහෙනම් ඒක වෙන්නේ කොහොමද?

මේ ලිපිය තුල මම ලියන්නේ කරන්නේ ඔන්න ඔය ප්‍රශ්න සියල්ලටම මම ලබා දෙන පිලිතුරු ගැන.


ඇත්තටම Law of Attraction කියන්නේ ඇත්තක්ද? බොරුවක්ද?


Law of Attraction කියලා ඔබ පිලිගන්න අදහස වෙන්නේ, අපි සිතන දේවල් වලට සමාන තත්වයන් අපේ ජීවිතය තුල ගොඩනැගෙනවා, අපි වෙතට විශ්වය විසින් ආකර්ෂණය කර දෙනවා කියන එක නම්,


ඒ වගේම Law of Attraction කියලා ඔබ පිලිගන්න අදහස වෙන්නේ, එය ගුරුත්වාකර්ශනය වැනි විශ්වයේ ලෝකයේ ඇති නියමයක් කියන එක නම්, එයට දිය හැකි ඍජු, පැහැදිලි පිලිතුර වෙන්නේ, එය බොරුවක් කියන එක.


හැබැයි Law of Attraction හරහා ඔබට යම් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගන්න හැකියාවක් නෑ කිව්වොත් ඒකත් බොරුවක්.


දැන් ඔබ හිතයි, ඒ මොන හතර බීරි කතාවක්ද ඒ කිව්වේ කියලා..... ඒ කතාවේ තේරුම මෙහෙමයි.


Law of Attraction කියන්නේ සරලවම Experiential Reality එකක්. ඒ කියන්නේ අපිට යමක් වෙනවා වගේ දැනුනට, සැබෑවටම එහෙම නොවන ආකාරයේ දෙයක්.


උදාහරණයක් විදිහට, ඔබ Hologram, 7D, 9D වැනි තාක්ෂනයක් සහිතව නිර්මාණය වුන චිත්‍රපටයක් බැලුවොත්, ඔබට චිත්‍රපටය තුල, ත්‍රිමාණ රූප පෙනුනට, ශබ්ද ඇසුනට, ඒ ගද සුවද, රස්නය සීතල, කම්පනයන් වැනි දේවල් දැනුනට, ඔබ අත්විදින සියල්ල ඇත්දැකීමක් ලෙස සැබෑ වුනාට, එය සැබෑවට සිදුවන දෙයක් නෙමේ. ඒ කියන්නේ ඒක Experiential Reality එකක් වුනාට Reality එකක් නෙමේ.


මැජික් සන්දර්ශණයක් ගැන හිතන්න, අපි විවිද දේවල් අතුරු දහන් වීම, මැවීම වගේ දේවල් ඇත්ත වගේ දැක්කට, සැබෑව තුල එය ඇත්තටම සිදු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක Experiential Reality එකක් වුනාට Reality එකක් නෙමේ.


Law of Attraction කියන්නෙත් ඒ වගේම දෙයක්.


අතීතයේ මිනිස්සු, තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න කියලා, විවිධ දේව පූජා, ග්‍රහ පූජා, වන්දනා හා වතාවත් ක්‍රම වගේ දේවල් භාවිතා කලා. නමුත් කාලයක් යනකොට විද්‍යාව දියුණු වෙනකොට, මේ විශ්වාසයන් ක්‍රමාණුකූලව බිඳවැටෙන්න ගත්තා.


ඉර, හඳ දෙවියන් විදිහට විශ්වාස කරපු මිනිස්සු, ඒවා ග්‍රහවස්තූන් ලෙස ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ නිසා මිනිස්සු තුල තිබ්බ සංස්කෘතික විශ්වාසයන්, ක්‍රමාණුකූලව බිද වැටෙන්න පටන් ගත්තා. ඒ කාලයේ අපායට යන්න බයේ වැරදි නොකරපු මිනිස්සු, අද අපාය තියෙන්නේ කොහෙද කියන දේ ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.


පිං අනුමෝදම් කරලා මල ගිය ඥාතීන්ගෙන්, දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න පුලුවන්, ඔවුන්ට වඩාත් සැපවත් ජීවිතයක් ලගා කර දෙන්න පුලුවන් කියලා විශ්වාස කරපු මිනිස්සු, අද පවු කරලා පවු අනුමෝදම් කලොත්, ඒ හරහා වෙන බලපෑම ගැන ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.


මේ නිසා, සංස්කෘතික වශයෙන් තිබුන විශ්වාසයන්, මිත්‍යා මත බවට පත් වෙන්න පටන් ගත්තා.


හැබැයි මේ අතීතයේ තිබුන ජන විශ්වාසයන් ගොඩනැගීම සිදු වුනේ, නිකන්ම නෙමේ, ඒ සියල්ල තුල විද්‍යාත්මක පදනමක් තිබුනා. නමුත් හැමෝටම ඒ විද්‍යාත්මක පදනම නොතේරෙන නිසා ඒවා විවිධ ආගමික හා සංස්කෘතික ස්වරූපයන්ගෙන් සමාජගත කිරීම සිදු වුනා.


Law of Attraction කියන්නෙත් ඒ වගේ ඉස්සර, ආගමික හා සංස්කෘතික ස්වරූපයන්ගෙන් සමාජගත කිරීම සිදු වුන විද්‍යාත්මක තත්වයන්, නූතනයට ගැලපෙන ලෙස සමාජගත කිරීමක් කිව්වොත් හරියටම හරි.


මොකද ඉස්සර පේවෙලා, විවිද වතාවත් කරමින්, දෙවියන්ගෙන් සාර්ථකත්වය ඉල්ලීමයි, අද විවිද ක්‍රම හරහා විශ්වයෙන් සාර්ථකත්වය ආකර්ෂණය කර ගැනීමයි කියන්නේ සමස්ථයක් ලෙස බැලුවොත් එකම කාසියක දෙපැත්ත වගේ.


ඔය දෙක තුලම තියෙන විද්‍යාත්මක පසුබිම එකයි. ඒ වගේම Experiential Reality එක එකයි. කලින් දෙවියන්ගෙන් ඉල්ලපු දේ ලැබෙනවා, දැන් හිතන දේ විශ්වයෙන් ආකර්ශණය වෙනවා.


ඒ වගේම දෙවියන්ගෙන් යම් යම් දේවල් ඉල්ලුවාම ලැබුන මිනිස්සු ඉන්නවා වගේ, Law of Attraction වලිනුත් ලැබුන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. මොකද ඔබ දැන හෝ නොදැන කල යුතු දේ කලොත් ඒ හරහා ඔබට අවශ්‍ය දේ ලැබෙන නිසා.


ඒක හරියට, දැන හෝ නොදැන අඹ ඇටයක් පැල කලොත්, අඹ පැලයක් හැදෙනවා වගේ.


හැබැයි ගැටලුව මේකයි, මෙහෙම අගක් මුලක් නොදැන, මේ වගේ දේවල් හුදු විශ්වාසයන් මත පමණක් වැලද ගත්තාම වෙන ගැටලුව වෙන්නේ, ඔබට හැම වෙලාවෙම ඔබ සාර්ථකත්වය කියන දේ අහඹුවක් ලෙස බාර ගන්න සිදු වීම.


සාර්ථකත්වය කියන්නේ කිසි ලෙසකින්වත් එහෙම අහඹුවක් කරගෙන ලැබෙන කන් බලාගෙන ඉන්න ඕනේ දෙයක් නෙමේ, ලබා ගත යුතු දෙයක්. මොකද සාර්ථකත්වය අහබුවක් කරගත්තොත් එතන සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වෙන්න තියෙන වැඩි සම්භාවිතාවයක් ඉබේම ගොඩනැගෙනවා!


ඒ වගේම ඔබ අගක් මුලක් නොදැන මේ දේවල් භාවිතා කරන්න ගියාම, ඕනෑම කෙනෙක්ට ඔබව හරිම ලේසියෙන් රවට්ටන්න පුලුවන්.


නිකමට හිතලා බලන්න, Law of Attraction සම්බන්දයෙන් කොයි තරම් ක්‍රම මේ ලෝකයේ දැනටම නිර්මාණය වෙලා තියෙනවාද කියන දේ ගැන. අගක් මුලක් නොදැන මේ දේ කරන්න ගියොත්, ඕනෑම කෙනෙක්ට පුළුවන්, ඔය ක්‍රමය හරියන්නේ නෑ, මේක තමයි හරිම ක්‍රමය කියලා කියන්න.


ඒ නිසා, විශේෂයෙන්ම සාර්ථකත්වය සම්බන්දයෙන් ඔබ යමක් ඉගෙන ගන්නවානම්, විශ්වාසයන් මට යම් යම් දේවල් ඉගෙන ගන්න යන්න එපා. තාර්කිකව ඇත්තටම වෙන දේ ගැන ඉගෙන ගන්න. මොකද සාර්ථකත්වය කියන්නේ ඒ වගේ විශ්වාසයන් මත ගොඩනැගෙන විශයක් නෙමේ. ඒ විශය තාර්කික විශයක්.


Law of Attraction කියන්නේ, ඇත්තටම අපි තුල තියෙන සමහර වෙලාවට අපි නොදන්න, විවිද ශක්තීන් අවිඥානිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම නිසා අපිට අත්විදින්නට ලැබෙන Experiential Reality එකක්.


Law of Attraction කියලා ඔබ බොහෝ වෙලාවට ඉගෙන ගන්නේ, එම ශක්තීන් අවිඥාණිකව ක්‍රියාත්මක වීම වෙනුවෙන් ඔබේ අවිඥාණික මනස සැකසීමේ අභ්‍යාස ගැන. හැබැයි ගැටලුව තියෙන්නේ, බොහෝ වෙලාවට මේ දේවල් උගන්වන අය පවා මේ දේ නොදැන, යම් යම් ක්‍රම ගැන ඉගෙනගෙන, ඒ ක්‍රම ගැන උගන්වන්න යාම ප්‍රායෝගිකව ඒ තරම් ඇගට ගුණ දෙයක් නෙමේ.


මොකද ඔබ වැඩ කරන්නේ ඔබේ මනසත් එක්ක. ඔබේ මනස තුල වෙන පුංචි වෙනසකට, මීලග මොහොතේ ඔබ විශිෂ්ඨයෙක් කරන්නත්, නැත්නම් ඔබව පිස්සෙක් කරන්නත් පුලුවන්. ඒ නිසා, මනස කියන්නේ, එහෙම හිතෙන හිතෙන විදිහට, සෙල්ලම් කරන්න ඕනේ දෙයක් නෙමේ.


හරියට දැනගෙන, අවබෝධයෙන් යුතුව මෙහෙයවන්න ඕනේ දෙයක්.


Law of Attraction ගැන සුරංගනා කතා ඉගෙන ගන්නවා වෙනුවට, ඔබට ප්‍රායෝගිකව ඇත්තටම Law of Attraction කියන්නේ මොකක්ද? ඒ හරහා අපිට කරන්න පුළුවන් දේවල් මොනද? ඒ වගේම ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද වගේ දේවල් ඉගෙන ගන්න ඕනේනම්, අප ඒ වෙනුවෙන් සකස් කර තිබෙන, Law of Attraction ප්‍රායෝගික උපදෙස් පොත පහතින් Download කරගෙන කියවන්න පුළුවන්.

වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න





2,045 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page