top of page
Writer's pictureChathuska Amarasekara

#Motivation | ඔබ වේගවත් විය යුතුමයි!

Updated: Apr 12, 2021



ඔබ අහලා ඇති ජීවිතේ සාර්ථක කරගන්න හීන දකින එක, හීන දකින මිනිසෙක් බවට පත් වෙන එක, සිහින දකිමින් ජීවත් වෙන එක හොද ධනාත්මක දෙයක් කියලා.


ඒක එක අතකින් නිවරැදි කතාවක් නමුත් නිකමට මෙහෙම හිතන්න...


ඔබට අද දවස ගෙවන්නේ සාර්ථක වීම වෙනුවෙන් හීන දකින මිනිසෙක් ලෙස නම් එහි අදහස වෙන්නේ, අනිත් පැත්තට, ඔබ ඔබේ ජීවිත කාලයේ සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වීමට ඇති තවත් දවසක් අහිමි කරගන්න බව නෙමේද?


හොදට හිතන්න, හොදින් තේරුම් ගන්න, මේ ලෝකයේ ජීවත් වෙන කිසිම මිනිසෙක්ට මේ ලෝකයේ අසාර්ථක මිනිසෙක් ලෙස හෝ සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න අසීමිත දින ගනනක් නෑ. තියෙන්නේ සීමිත දින ගනනක් විතරයි. එකම ගැටලුව අපි කවුරුත් මේ දින ගනන කොපමණද කියලා දන්නේ නැති එක විතරයි.


මේ නිසා ඔබ සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වුනත් අසාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වුනත්, ඔබට ජීවත් වෙන්න තියෙන්නේ ඔය දින ගනන විතරයි.


ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, ඔබ සාර්ථක වීමට උත්සාහ කරන මිනිසෙක් ලෙස ජීවත් වෙන සෑම දවසක්ම, ඔබට සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවත් වීමට තිබූ දවසක් අහිමි කරන බව.


ඔබ වේගවත් විය යුතුමයි මගෙ මිත්‍රයා.


එසේ නොවුනොත් ඔබේ ජීවිතය කාලයේ වැඩි කාලයක්, සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවිතය වින්දනය කරනවා වෙනුවට, සාර්ථක වෙන්නට හීන දකින මිනිසෙක් ලෙස, අසාර්ථකත්වය අත්විදිමින් ජීවත් වෙන්නට සිදු වේවි.


මේ නිසා මේ තත්වය වෙනස් කර ගන්න දැන්ම, මේ මොහොතේ සිටම පටන් ගන්න. වේගවත් වෙන්න. එක මිනිත්තුවක්වත් අපතේ නොයවන්න.


මා ඔබට මගේ ජීවිතයේ වූ රහසක් කියන්නට කැමැතියි. මා සාර්ථකත්වය හබා යාමේදී මගේ ජීවිතයේ වූ එකම අරමුණ වුනේ, මම සිහින දැකි නිදහස් ජීවිතය අවුරුදු 30 පිරීමට පෙර සකස් කර ගැනීමයි. මොකද එසේ නොවුනොත් බොහෝ විට එහි අදහස වුනු ඇත්තේ මා මගේ ජීවිත කාලයෙන් අඩක් වත් සාර්ථක මිනිසෙක් ලෙස ජීවිතය විදීමට හැකි තත්වයක් අහිමි කරගනු ඇති බවයි.


සාමාන්‍ය මිනිසෙක් ගේ ජීවිත කාලය අවුරුදු 70ක් ලෙස ගතහොත්, ඔබට වයස අවුරුදු 35 වූ විට ඔබ ඔබේ ජීවිත කාලයෙන් අඩක් ගෙවා අවසන් වෙයි, ඔබ ඔබේ ජීවිත කාලයෙන් අඩක් ගෙවා ඉතිරි අඩවත් ඔබ සිහින දකින ජීවිතය ගත නොකරයි නම්, ඔබ කොහේ හෝ හොදටම වරදවාගෙන ඇති බව මගේ අදහසයි.


මේ නිසා මා ඔබට නැවත නැවත කියන්නේ, වේගය ඉතාම වැදගත් බවයි, එය සාර්ථකත්වයේ වැදගත්ම සාදකයක් බවයි.


46 views

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page