ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ඉපදුනු පුංචි කලු ජාතික ගැහැනු දරුවෙක් හිටියා. ඇය ඉපදුන දවසේ ඉදලා නොයෙක් විදිහේ කුඩා දරුවෙකුට ඉවසන්න බැරි තරමේ ගැටලුවලට මුහුන පෑවා.
ඇය දැනගෙන හිටියේ නෑ ඇගේ පියා කවුද කියලවත්, ඇය දිගින් දිගටම පවුලේ අය අතින්ම අතවර වලට ලක් වුනා, ඇය වයස අවුරුදු 14 වන විට ගැබ් ගැනීමකට පවා ලක් වුනා. එමෙන්ම ඇය කලු ජාතිකයෙක් ලෙස දිගින් දිගටම සමාජයෙන් පවා ගැරහුමට ලක් වුනා.
ජීවත් වෙන්න තරම් බලාපොරොත්තුවක් නැති තරමටම ඇගේ ජීවිතය කඩා වැටුනා, නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඇය තීරණය කලා කොහොම හරි ආයෙමත් තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්නවා කියලා.
පසුව ඇය රූපවාහිනී ආයතනයක රැකියාවකට ඉල්ලුම් කලා, නමුත් කීප වතාවක්ම ඇය රූපවාහිනියට නුසුදුසු හැඩරුව තියෙන කෙනෙක් විදිහට ඇයව ප්‍රතික්ශේප වුනා.
අවසානයේ ඇය නැවත වරක් සිතන්න පටන් ගත්තා මම කොහොම හරි නැගිටිනවා කියලා. අවසානයේ ඇය වැඩසටහන් මෙහෙය වන්නියක් ලෙස රැකියාව ලබා ගත්තා, ඇය ඒ ගමන අවසන් කලේ ඇගේ නම වන Oprah Winfrey කියන නාමය ලෝකයේ ඉතාමත් ගරුබුහුමන් ලබන නාමයක් බවට පත් කරමින්.
ජීවිතේ සමහර වෙලාවට අපිත් කොහොම හරි නැගිටිනවා කියමින් නැගිටින්නට උත්සාහ කලත් ආයෙමත් ඇදගෙන වැටෙන අවස්ථා ඕනේ තරම් ඇතිවෙන්න පුලුවන්. ගැටලුවක් නෑ, ආයෙමත් සැරයක් උත්සාහ කරන්න. ඔබේ අනාගතය ඔබේ වර්ථමානයටත් වඩා ඉතා වටිනා එකක් කර ගන්න අවශ්‍ය හැකියාව අපි හැම කෙනෙක් ගාවම තිබෙනවා.
Comments