පසුගිය දවසක මගෙන් එක තරුණයෙක් අහපු ප්‍රශ්ණයක් තමයි, මූල්‍යමය සාර්ථකත්වය ගොඩනගා ගන්න ඇත්තටම ආකර්ෂණයේ නීතිය, යටි සිත වගේ දේවල් භාවිතා කරන්න පුලුවන්ද කියන කාරණය.
මේ කතාව මගෙන් යම් යම් පුද්ගලයින් අහපු පළමු අවස්ථාව මෙය නොවන නිසා, මම හිතුවා ලිපියක් හරහා මේ පිලිබද සටහනක් තබන්න. ඒ නිසා කවුරු හරි කෙනෙක්ට මූල්‍යමය ගැටලු වලින් මිදෙන්න හෝ මූල්‍යමය වශයෙන් දියුණු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවානම්, ඒ වගේම ඒ වෙනුවෙන් ආකර්ෂනයේ නීතිය, යටි සිත වගේ දේවල් භාවිතා කරන්න පුලුවන්ද කියන දේ ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඕනේනම්, ඒ ඕනෑම කෙනෙක්ට මේ ලිපිය තුල අවශ්‍ය පිලිතුරු ටික තියෙනවා.
මම ඔබට මගේ කලින් ලිපි වලදී ඍජුවම සදහන් කර තිබෙනවා, ආකර්ෂණයේ නීතිය කියන්නේ, විශ්වීය ශක්තියක් හෝ විශ්වීය නීතියක් නොවන බව, ඒ වගේම ඔබ යමක් ගැන සිතූ විට එය ඔබ වෙතට ආකර්ෂණය වීම කියන්නෙම බොරුවක් බව.
අනිත් අතට, එය සරලවම ඔබේ අවිංඥාණික මනස තුල වන ස්වයංක්‍රීය මෙහෙයුම් ක්‍රියාවලිය ඔබට අවශ්‍ය අරමුනට අදාලව සක්‍රීය වීමට පටන් ගැනීමත් සමග ඔබට ලැබෙන අත්දැකීමක් කියන දේ ගැන මම ඔබට දීර්ග පැහැදිලි කිරීම් රාශියක් කර තිබෙනවා.
ඒ නිසා කවුරුහරි කෙනෙක්, විශ්වීය නීතියක් යන අදහසේ ඉදලා මගෙන් ඇහුවොත්, ආකර්ෂණයේ නීතිය හරහා මූල්‍යමය සාර්ථකත්වය ලබන්න පුලුවන්ද කියලා. මම ඔහුට හෝ ඇයට දෙන ඍජු පිලිතුර තමයි, බෑ කියන එක.
නමුත් කවුරු හරි කෙනෙක්, මගේ පැහැදිලි කිරීම් වලට අදාලව ඒ ප්‍රශ්ණය යොමු කලොත් මම ඔහුට දෙන ඍජු පිලිතුර තමයි නිසකවම එක කල හැකි බව.
දැන් තියෙන ප්‍රශ්නය තමයි, මොකක්ද ඒකට තියෙන හේතුව කියන දේ....
ආකර්ෂණයේ නීතිය පිලිබද මගේ පැහැදිලි කිරීම තමයි, යම් නිශ්චිත පියවර 7ක් හරහා ඔබට ඔබේ අවිංඥාණික මනසේ වන අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාවලිය, යම්කිසි ඔබට අවශ්‍ය අරමුණක් වෙත ඔබව රැගෙන යාම වෙනුවෙන් සකස් කල (programe) හැකි බවත්, ඒ වගේම එම සැකසීම අවසානයේ, එය සක්‍රීය වූ පසු ඔබ සිතන දේවල් ඔබ වෙතට වේගයෙන් ලගා වෙන්න පටන් ගැනීමට සමාන අත්දැකීමක් ඔබට ලැබෙනවා කියන එක.
ඒ තත්වය ඇත්තටම බැලුවොත් මූල්‍යමය සාර්ථකත්වයට විතරක් නෙමේ, ඕනෑම දෙයකට අදාලව අපිට ඇතිකරගන්න පුලුවන් දෙයක්.
උදාහරණයක් විදිහට මූල්‍යමය සාර්ථකත්වය දිහා බැලුවොත්, අපි බලාපොරොත්තු වෙන මූල්‍යමය සාර්ථකත්වය වෙතට අපිට ලගා වෙන්න අපහසු වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි, අපි කරන කියන දේවල් අපි ලගා වෙන්න බලාපොරොත්තු වෙන තැනට ලගා වෙන්න ප්‍රමාණවත් නොවීම.
උදාහරණයක් විදිහට ඔබට මාසයකට මිලියනයක් උපයන්න ඕනේනම්, ඒත් ඔබට ඒ දේ කරන්න බැරිනම්, එතැන තියෙන ගැටලුව තමයි, තමන් ඒ දේ කරන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න තමන්ට තියෙන නොහැකියාව.
ඔබට කල යුතු දේ තේරුම් ගන්න හැකියාවක් නැත්නම්, කොහොමත් ඔබට කල යුතු දේ කරන්න හැකියාවක් නෑ, ඒ නිසා ඔබට ලබන්න අවශ්‍ය ප්‍රතිඵලය ලබන්න හැකියාවක් නෑ.
සරලවම කිව්වොත් සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර තියෙන්නෙ ඔන්න ඔය තත්වය.
ඒ නිසා ඔය තේරුම් ගැනීම කාට හරි කරගන්න බැරිනම්, ඔහු අසාර්ථක වෙනවා කියන එක අමුතුවෙන් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් නෙමේ. ඒක ඉතාම සරල දෙයක්.
නමුත් යම් කිසි කෙනෙක්ට පුලුවන් නම්, තමන්ගේ මනසේ වන අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාවලිය තමන්ට ජීවිතේ අත්විදින්නට අවශ්‍ය සාර්ථකත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මකවීමට හැකි ආකාරයෙන් සකස් කිරීමකට ලක් කරන්න, ඔහුට හෝ ඇයට පුලුවන් වෙනවා, තමන් දන්නේම නැතුව තමන්ගෙන් කල යුතු දේ සිදුවෙන තත්වයක් නිර්මාණය කර ගන්න.
ඒක හරියට මෙන්න මේ වගේ,
ඔබ දැකලා ඇති ඇතැම් මිනිසුන් ඉන්නවා, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කලාට පසු, කිසිම සිහියක් නැති මට්ටමට පත් වෙනවා. ඔවුන් බොහෝ වෙලාවට කියන දෙයක් තමයි, මොනවා උනාද දන්නේ නෑ, ගෙදර එනවා මතකත් නෑ. නමුත් ගෙදර ඇවිල්ලා තියෙනවා කියන කතාව.
මෙතැනදි තමන් ගෙදර එන බව නොදන්නවා වුනත්, ඒ පුද්ගලයාට පුලුවන් වෙලා තියෙනවා ගෙදර එන්න. ඔහු හිතලා ඒ දේ නොකලට, ඔහු තුලින් කල යුතු දේ වෙලා තියෙනවා.
අනිත් අතට අපි බොහෝ වෙලාවට වාහනයක් පදවාගෙන යනකොට කරන දෙයක් තමයි, ගුවන් විදුලියට සවන් දෙන එක, අපි එතැනදී එතැනදී අපේ අවදානය එයට යොමු කරගෙන ඉන්නවා, ඒහි කියන දේවල් ගැන හිතනවා, නමුත් ඒ අතරෙම අපි වාහනයක් පදවාගෙන යනවා.
අපි අවශ්‍ය තැන් වලදී තිරිංග තද කරනවා, අවශ්‍ය තැන් වලදී වේගය අඩු වැඩි කරනවා. අපි හරියට වාහනය මෙහෙයවනවා. නමුත් මේ බොහෝ දේවල් අපි හිත හිතා කරන දේවල් නෙමේ, ඒවා අපෙන් ඉබේ වෙන දේවල්.
මේ සියල්ල සිදුවෙන්නේ අපේ අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාකාරීත්වයත් එක්ක.
අපි යම්කිසි අරමුණකට අදාලව අපේ අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කලත් සිදු වෙන්නේ මෙන්න මේ දේට සමාන දෙයක්.
උදාහරණයක් විදිහට ඔබට මාසෙකට යම් කිසි යම් මුදලක් උපයන මට්ටමකට ලගා වෙන්න ඕනේනම්, එතැනදී ඔබ එයට අදාලව ඔබේ අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කලොත්, ඒතැනදී අවිංඥාණිකව ඒ වෙනුවෙන් කල යුතු දේ සිදුවෙන මට්ටමක් ඔබ තුල නිර්මාණය වෙනවා.
හැබැයි ඒක අවිංඥාණික ක්‍රියාවලියක් නිසා, ඔබට එය සිදුවන බවට දැනීමක් නෑ. ඔබට ලැබෙන අත්දැකීම තමයි, හොදටම මත් වෙලා ගෙදර යන මිනිසෙක් උදේට නැගිටලා බලනකොට දන්නේම නැතුව ගෙදර ඇවිල්ල කියලා දැනගන්නවා වගේ.
ඔබ හීන දැකපු දේවල් දන්නේම නැතුව ඔබ වෙතට ලගා වෙලා කියන අත්දැකීම. ඔන්න ඔය නිසා තමයි ඕකට බොහෝ දෙනෙක් ආකර්ෂණයේ නීතිය කියන්නේ.
ඒ නිසා, ඔබට වැඩිපුර මුදල් උපයන්න අවශ්‍යනම්, ඒ වගේම ඔබට ණය ගැටලු වලින් මිදෙන්න අවශ්‍යනම්, මූල්‍යමය ස්ථාවර බවක් ඇතිකර ගන්න අවශ්‍යනම්, ඔබට අවශ්‍ය යම් යම් භෞතික තත්වයන් ගොඩනගා ගන්න අවශ්‍යනම් මේ ඕනෑම දෙයකට මේ ක්‍රමය නිශ්චිත වශයෙන්ම භාවිතා කරන්න පුලුවන්.
එකම දේ වෙන්නේ ඔබ තේරුම් ගත යුතුයි, නිසි ආකාරයෙන් මේ සකස් කිරීම කරන්නේ කොහොමද කියන දේ. මොකද මෙහිදී අනුගමනය කල යුතු නිශ්චිත පියවර තියෙනවා, ඒ වගේම මෙම සකස් වීම් වෙනුවෙන් ගතවෙන කාල සීමාවන් තිබෙනවා. අනිත් අතට මෙම සකස් කිරීම් අතර තුර ඔබ විශේෂ අවදානයන් යොමු කල යුතු තැන් සහ ඔබ නොකල යුතු දේවල් තිබෙනවා.
ඉතිං ඒ දේවල් ගැන හරියට තේරුම් ගැනීම වැදගත්... මොකද ඔබ මේ වෙනස් කරන්න යන්නේ ඔබේ මනස, හරියට කල යුතු දේ කලොත් එයින් ගොඩක් වැඩ ගන්න පුලුවන් වගේම, වැරැදි දේවල් කලොත් එයින් ඔබට ලොකු හානි සිදු වෙන්නත් පුලුවන්.
ඔබ දන්නවා, පුංචි මානසික වෙනසකට මිනිසෙක්ව අති සාර්ථක මිනිසෙක් කරන්නත් පුලුවන්, පිස්සෙක් හෝ මීලග මොහොතේ දිවිනසා ගන්න තීරණය කරන මිනිසෙක් බවට පත් කරන්නත් පුලුවන්.
ඒ නිසා හරියට, අවබෝධයෙන් යුතුව අවශ්‍ය ගොඩනැගීම් කලොත්, ඔබ හීන දකින ඕනෑම සාර්ථකත්වයක් ඉතාම පහසුවෙන් ගොඩනගා ගන්න, මෙම ක්‍රමයන් පැහැදිලිවම පාවිච්චි කරන්න පුලුවන්.
ඔබේ අවිංඥාණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔබට අවශ්‍ය තත්වයන් කෙරෙහි සකස් කරන්නේ කොහොමද යන්න පිලිබද ක්‍රමාණුකූල ප්‍රායෝගික උපදෙස් සහ ඔබ විශේෂයෙන් තේරුම් ගත යුතු තත්වයන් පිලිබද පූර්ණ පැහැදිලි කිරීම් සියල්ලම මම "ආකර්ෂණයේ නීතිය A-Z Guide Book" එක තුල සදහන් කර තිබෙනවා.
ඒ වගේම ඒ වෙනුවෙන් වන ප්‍රායෝගික ක්‍රියාත්මක වීම් සදහා දින 90ක ප්‍රායෝගික අභ්‍යාස සැලැස්මක් එහි තියෙනවා.
ඒ නිසා මෙම ක්‍රමය ප්‍රායෝගික භාවිතා කරලා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න හිතන කෙනෙක්ට ඒ හරහා මේ පිලිබද පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
මුලින්ම පොත කීප සැරැයක් පැහැදිලිව කියවන්න, අවශ්‍ය කරුණු හරියට තේරුම් ගන්න, ප්‍රායෝගික සැලැස්මේ මුද්‍රිත පිටපතක් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට ඔබටම තේරෙයි ඔබේ ජීවිතය වෙනස් වෙන ආකාරය.
මොකද ඔබ මේ දේවල් ගැන මොනවා ඉගෙන ගත්තත් වැඩක් නෑ, අවසානයේ ඔබ ඉන්නේ හිටපු තැනමනම්, ගත කරන්නේ කලින් ගත කරපු ජීවිතයම නම්.
ඒ නිසා සියල්ලටම වඩා වැදගත් ප්‍රායෝගික ප්‍රතිඵල. කොච්චර වැදගත් දෙයක් වුනත් එයින් ඔබට ප්‍රතිඵලයක් ලබන්න බැරිනම්, එයින් වැඩක් නෑ.
ඒ නිසා හැම වෙලාවෙම සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නකොට ප්‍රායෝගික ප්‍රතිඵල වෙනුවෙන් ඉගෙන ගන්න එක ඔබේ අරමුන කර ගන්න.
මේ ආකාරයෙන් මෙම ක්‍රමය ප්‍රායෝගික භාවිතයක් වෙනුවෙන් උනන්දු අයට "ආකර්ෂණයේ නීතිය A-Z Guide Book" එක මෘදු පිටපතක් ලෙස බාගත කර ගැනීම වෙනුවෙන් වන සබැදිය පහත තිබෙනවා ඒ හරහා ඔබට එය ලබා ගන්න පුලුවන්.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්.
ඒ සදහා 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න
Comments