මනස අවුල් වෙන එක, පීඩනයට ලක් වෙන එක, අපි හිතන වෙලාවට වෙන දෙයක් නෙමේ, ඒ නිසා, මනස අවුල් වුන වෙලාවකදී, එහෙමත් නැත්නම් පීඩනයකට ලක් වුන වෙලාවකදී, ඒ තත්වය ඉක්මනින් මගහරවා ගන්න හැටි ඉගෙන ගෙන තිබීම ජීවිතේ දියුණුවට හරිම වැදගත්, ඒ නිසා මේ ලිපියෙන් අපි ඉගෙන ගන්න යන්නේ අන්න ඒ විදිහට, මනස සැහැල්ලු කර ගන්න අපිට පාවිච්චි කරන්න පුලුවන්, උපක්‍රම 05ක් ගැන.
1. සවිංඥාණික ගැබුරු හුස්ම ගැනීම්
හුස්ම ගැනීම හා පිටකිරීම පිලිබද අවදානය ඇතිව, ඉතාම සෙමින් සිදුකර ගැබුරු හුස්ම ගැනීම් හා පිටකිරීම් වාර 10ක් පමණ ඔබට කල හැකි නම්, එය ඔබේ මනස වේගයෙන් වඩාත් සැහැල්ලු මට්ටමකට රැගෙන යනවා.
2. විනාඩි 15ක ශාරීරික ව්‍යායාම
විනාඩි 15ක පමන කාලයක්, ඇවිදීම, පඩිපෙලක් නැගීම, හෝ වෙනත් කෙටි , නමුත් ඔබව ක්‍රියාශීලි කරන ව්‍යායාමයක නිරත වීම ඔබේ මනස වේගයෙන් සැහැල්ලු කරනවා.
3. භාවනා කිරීම
සිනා මුසු මුහුනෙන්, මද වෙලාවක් සැහැල්ලුවෙන් ගත කිරීම, ඔබේ ගැටලු, විශ්වයට බාර දීම වැනි භාවනා අභ්‍යාසයක විනාඩි 10-15 පමණ කාලයක් නිරත විය හැකිනම්, එය හරහා ඔබට වඩාත් සැහැල්ලු මනසක් වේගයෙන් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා.
4. විසංදි වීම
ඔබව මානසික පීඩනයට ලක් කල පරිසරයෙන් ඉවත් වීම, මද වෙලාවක්, හුදකලාව වෙනත් ඔබට වින්දනය කල හැකි දෙයකට අවදානය යොමු කරමින් සිටීම මානසික පීඩනයක් හෝ අවුල් සහගත බවක් ඇති වුන වෙලාවක එය මගහරවා ගන්න ඔබට කල හැකි තවත් දෙයක්
5. කතා කරන්න
ඔබේ මානසික පීඩනය, සවන් දිය හැකි අයෙකු සමග කතා කර පිට කිරීම හා අවශ්‍ය නිවැරැදි උපදෙස් හා මගපෙන්වීම් සමගින් ශක්තිමත්ව නැවත, ගැටලුවට මුහුණ දීමට සුදානම් වීම, මානසික සැහැල්ලු බව ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබට කල හැකි තවත් හොදම උපක්‍රමයක්.
මානසික පීඩනයක්, අවුල් සහගත බවක් ඇති වන අවස්ථා වලදී, මෙම උපක්‍රම වලින් එකක් හෝ කීපයක් පහසු පරිදි භාවිතා කරන්න. එය හැකි ඉක්මනින් කලමණාකරණය කරන්න.
මානසික පීඩනයත් සමග රැදී සිටීම නිසා, සෑම විටම එහි ප්‍රබලත්වය වැඩි වීම සිදුවෙනවා. එය ඇතැම් විට ඔබව වඩාත් අහිතකර තත්වයකට වුවත් පත්කිරීමට තරම් ප්‍රබල විය හැකියි.
තව දුරටත්, ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න
Comments