කුඩා කල සිටම අපට බොහෝ දෙනෙකු උගන්වන්නේ සාර්ථක වන්නටනම් හොදින් ඉගෙන ගෙන විභාග සමත් කර ඉහල වැටුපක් හා දීමනා සහිහ රැකියාවක් ලබා ගත යුතු බවත්ය.
නමුත් සැබෑ ලෙසම ලොව සාර්ථක වූ පුද්ගලයන් සාර්තක වූයේ මේ ආකාරයෙන්ද?
ලොව සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුවේ සිටින බොහෝ දෙනෙකු පාසල් කාලය තුල අසාර්ථක වූ සිසුන්ය. එමෙන්ම ඔවුන් සියල්ලම පාහේ පොහොසතුන් වූයේ රැකියාව තුලින් නොවීය.
ලොව අංක එකේ මූල්‍ය උපදේශකයකු වන රොබර්ට් ටී කියොසාකි විසින් වරෙක ඕනෑම අයෙකුට මූල්‍යමය වශයෙන් සාර්තක වීමට අවශ්‍යනම් සාම්ප්‍රධායික ඉහල රැකියාවක් වෙත ලගා වීම යන ක්‍රමය වෙනුවට යොදා ගත යුතු පියවර 6ක ක්‍රමයක් පිලිබදව පැහැදිලි කරයි.
එය මෙසේය:
1. මූල්‍යමය සාක්ෂරතාවය ලබා ගන්න.
මූල්‍යමය සාක්ෂරතාවය යනු100ක් ප්රායේගික දෙයකි. මෙහිදී මූල්‍යමය සාක්ෂරතාවය යන්නට රොබර්ට් විසින් ආර්ථකවිද්යාව, ආර්ථික ඉතිහාසය, ගණකාධිකරණය, බදුකරණය, ආයෝජන හා ව්‍යාපාර ගොඩනැගීම යන විශයන් ඇතුලත් කරයි. මෙම විශයන් සමහරක් වෘත්තිමය අද්යාපනය තුල හමුවුවත් රොබර්ට් පවසන්නේ විශය පතයට පමණක් සීමා නොවූ ප්‍රායෝගික දැනුමක් හා තීරණ ගැනීමේ හැකියාවක් පිලිබදවය.
ඔහු පවසන අන්දමට මේ විශයන් සමත් වූ සිසුන් ගෙන් වැඩි පිරිසක් එහි ප්‍රායෝගික කොටස් ග්‍රහණය නොකිරීම නිසා සැබෑ ජීවිතය තුල අසමත් වන බවයි.
2. ඉගෙන ගැනීම පිනිස රැකියාව තෝරා ගන්න.
ලොව බොහෝ දෙනෙකු රැකියාව කරන්නේ මුදල් පිනිසය, නමුත් ඔබ සාර්ථකත්වය හබා යන්නෙක්නම් ඔබ එය කල යුත්තේ ඔබගේ සාර්ථකත්වය සදහා අවැසි ප්‍රායෝගික දැනුම පිනිසය. ලොව සාර්ථක වූ බොහෝ මිනිසුන් මුල් කාලයේ අඩු වැටුපකට, වැඩි වැඩ ප්‍රමාණයක් අත්දැකීම් ලබා ගැනීම පිනිස කල මිනිසුන්ය.
රොබෙර්ට් පවසන ආකාරයට ඔබ රැකියාව කල යුත්තේ,
1. නායකත්ව හැකියා වර්ධනය කර ගැනීමට
2. කළමනාකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට - මුල්‍ය හා ව්‍යාපාර ක්‍රමවේදයන් පිලිබදව.
3. විකුනුම් හා අලෙවිකරණ හැකියාවන් වර්ධනය කර ගැනීමට.
යන කාරනා තුන ඉටුකර ගැනීම පිනිස පමණි.
3. උපදේශකවරයෙක් හෝ අනුගමනය කල යුතු පුද්ගලයෙක් තෝරා ගන්න.
මූල්‍යමය සාර්ථකත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් කල යුතුයයි බොහෝ දෙනෙක් සිතන දේ සහ සැබෑවටම කල යුතු දේ අතර පැහැදිලි වෙනස්කමක් පවතී. එබැවින් සාර්ථක හෝ ඒ වෙතට ලගා වෙන පුද්ගලයක් ඇසුරු කිරීමට පුරුදුවන්න. එය ඔබට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා ශක්තිය ලබා දේ. සාර්ථක මිනිසෙකු අනුගමනය කිරීම සාර්ථක වීමට ඇති පහසුම ක්‍රමයයි.
4. ඔබ වෙනුවෙන් වැඩ කරන්න
ඔබ මුදල් වෙනුවෙන් වැඩ කිරීම වෙනුවට , ඔබගේ සිහින හා ඉලක්ක ලගා කරගැනීම පිනිස දවසේ වැඩි කාලයක් වෙන්කරන්න. ඔබගේ රැකියාවෙන් ලද දැනුම හා කුසලතා ඒ වෙනුවෙන් වැය කරන්න. ව්‍යාපාර ගොඩනැගීමට , ඔබ වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඇතිකර ගැනීමට වෙහෙසෙන්න.
ධනවත් බව යනු මුදල් පමණක් සහිත වීම නොවෙයි. එහි අදහස වන්නේ, වින්දනය කල හැකි නිදහස් ජීවිතයක් තුල මුදල් සහිත වීමයි
5. ස්වයං ආදායම් නිපදවීම් සිදුවන තත්වයන් නිර්මාණය කරන්න.
සෑම විටම ඔබ මුදල් ඉපයීම වෙනුවෙන් කරන දේවල් වලින් වැඩි කොටසක් ඔබ වෙහෙසුනත් නැතත් මුදල් ඉපයීම සිදු කල හැකි ආකාරයේ ආකෘතියකට රැගෙන යන්න.
ව්‍යාපාරයක් නම්, සේවකයන් කළමණාකරුවන් පත් කර, අභ්‍යන්තර පාලන ක්‍රම (Internal Control Systems) නිසි ලෙස ස්ථාපනය කර, එයට ඔබේ දායකත්වයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි තත්වයක් නිර්මාණය කරන්න.
උපයන මුදල් නිවැරැදිව ආයෝජණය කර, ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන තත්වයක් නිර්මාණය කරන්න
6. ධනවත් වීමේ ප්‍රථිලාභ සමාජයට මුදා හරින්න.
දන් දීම තුලින් වැඩි ප්රතිලාභ තමා වෙත ලගා වන බව ආගමික මතවාදයකි. නමුත් රොබර්ට් පවසන ආකාරයට එය පොහොසතෙකු වීමට අනිවාර්යය සාදකයකි.
ඔහු පවසන ආකාරයට සෑම දනවතෙකුගෙම දනවත් වීමේ එක් රහසක් වන්නේ දන්දීමයි. ධනත්වත් වීමත්, දන්දීමත් අතර ඇති සම්බන්දය ඍජුව පෙන්විය හැකි දෙයක් නොවූවත්, ප්‍රායෝගිකව බැලුවොත් ලොව සුපිරි දනවතුන්ගේ ලයිස්තුවේ සිටින සෑම කෙනෙකුම පාහේ තම ආදායමෙන් කොටසක් මුල් කාලයේ සිටම විවිධ සාමාජීය හා යහපත් අරමුණු වෙනුවෙන් දන්දීමට පුරුදු වී සිටීම විශ්මය ජනකයි.
පොහොසත් බව ගොඩනැගීම වෙනුවෙන්, වන සංකල්ප, උපක්‍රම, මුදල් කළමණාකරණ ක්‍රම ඇතුලු බොහෝ දේ ගැන අධ්‍යයනය කරන්න, පහත තියෙන, පොහොසත් බවේ රන් දොරටු පොත Download කරගෙන කියවන්න.
අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.
Comentários