2021 කියන්නේ ස්වභාවයෙන්ම, සාමාන්‍ය වසරකට වඩා ටිකක් අභියෝගාත්මක වසරක්. ඉතින් මේ වසර තුල තමන් බලාපොරොත්තු වෙන අරමුණු කරා ලගා වෙන එක, සාමාන්‍ය වසරකට සාපේක්ෂව බැලුවොත් ටිකක් අමාරු වෙන්න පුළුවන්.
කොහොම වුනත්, ඒ අමාරු කම අභියෝගයක් ලෙස බාර අරගෙන, ඊට ගැලපෙන විදිහට අපි වෙනස් වුනොත්, 2021 කොතරම් අභියෝගත්මක වසරක් වුනත්, ඒක ජයගන්න එක එතරම් අපහසු වෙන්නේ නෑ. ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබට කියන්න යන්නේ, 2021 කියන වසර කොතරම් අභියෝගාත්මක වසරක් වුනත්, ඒ වසර, තමන් ජීවිතයේ ගත කල අති සාර්ථකම වසරක් බවට පත් කරගන්න ඔබ කල යුතු දේවල් 5ක් ගැන.
ඔබ කවුරු වුනත්, ඔබ කොහේ ජීවත් වුනත්, ඔබට පුළුවන්නම් මේ දේවල් 5 හරි ආකාරයෙන් සිදු කරන්න. නියත වශයෙන්ම 2021 ඔබට සාර්ථක වසරක් වෙන එකේ කිසිදු සැකයක් නෑ.
එහෙනම් අපි බලමු, මොනවද මේ දේවල් 5 කියලා...
1. දැඩි ඉලක්ක ඇති කර ගන්න.
ඒ කියන්නේ 2021 තුල ඔබ ලගා කරගන්න බලාපොරොත්තු වෙන සාර්ථකත්වය සම්බන්ධයෙන්, දැඩි, වෙනස් නොවන ඉලක්ක ඇති කර ගන්න කියන එක. සාමාන්‍යයෙන්, අවුරුද්දක් ආරම්භ කරනකොට ඒ වසර වෙනුවෙන් 80% දෙනා ඇතිකර ගන්න ඉලක්ක පලමු මාසයේ පළමු දින 20 තුල ඔවුන්ට අමතක වෙලා, ඔවුන් තමන්ගේ සාමාන්‍ය ජීවිතයට හුරු වෙනවා.
2021 ජය ගන්න හිතනවානම් මෙන්න මේ තත්වය ඔබ තුලින් ඉවත් වෙන්න ඕනේ, ඔබ උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන මොහොත තෙක්, පැහැදිලි ඉලක්ක පෙරදැඩි කරගෙන වැඩකරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ අරමුණ අංක 1ට තියාගෙන අනිත් සියල්ල දෙවැනි තැනට දාන්න පුළුවන් තරම්, ඉලක්ක ගත වුන පුද්ගලයෙක් වෙන්න ඕනේ.
මොකද 2021 තුල තියෙන අවිනිශ්චිත බව, අභියෝගාත්මක බවට සාර්ථකව මුහුන දීලා, තමන්ගේ අරමුණු ජයගන්න එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වගේ දැඩි ඉලක්ක හා අරමුණු සහිතව වැඩකරන මිනිසෙක්ට විතරයි.
2. උපරිම සැලසුම් සහගත බවක් ඇති කර ගන්න.
ඒ කියන්නේ, කරන හැම දෙයක්ම හරි සැලැස්මකට අනුව කරන්න ඕනේ කියන එක. උදේ නැගිටිනකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ, අද දවසේදී තමන් තමන්ගේ සාර්ථකත්වය ගොඩනගා ගන්න කරන්න ඕනේ මොනවද කියන දේ, ඒ වගේම, ඒ දේවල් හරියට කලොත් කොතරම් සාර්ථකත්වයට ලගා වෙනවද, නොකලොත් තමන් කොතරම් සාර්ථකත්වයෙන් තමන් ඈත් වෙනවද කියන දේ ගැන පැහැදිලි අදහසක් තමන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
කරන හැම පුංචි දෙයක් තුලම පිලිවෙලක්, සැලසුම්සහගත බවක්, උපරිම කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. සරලවම කිව්වොත්, ඔබ දහවල් ආහාරය ගන්නකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ, ඔබට ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් උපරිම කාල වෙලාව කොතරම් ද කියන දේ ගැන.
තමන් අවදි වෙන්නේ කීයටද, නින්දට යන්නේ කීයටද, කන්නේ බොන්නේ මොනවද, අදින්නේ පලදින්නේ මොනවද වගේ සාමාන්‍ය දේවල් පවා, සැලසුම් සහගතව කරන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙන්න ඕනේ.
මොකද ඔබේ ජීවිතයේ ඔබ ලබන ප්‍රතිඵල තීරණය වෙන්නේ, ඔබ කරන කියන දේවල් වලට සාපේක්ෂව, ඒ නිසා සැලසුම්සහගතව වැඩ නොකරන මිනිසෙක්ගේ අනාගතය ඒ පුද්ගලයාට හැම මොහොතකම අහබුවක් වනවා මිස ඔහු හෝ ඇය කිසිම දිනයක තමන්ට අවශ්‍ය අනාගතයක් ගොඩනගා ගැනීමක් කරන්නේ නෑ.
3. මනසේ පාලනය තමන් සතු කරගත්ත කෙනෙක් වෙන්න.
ඒ කියන්නේ, හිතට ඕනේ විදිහට මෙහෙය වෙන්නේ නැති, තමන්ට ඕනේ විදිහට හිත මෙහෙයවන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ කියන එක. හිතේ පාලනය ඔබ සතු නොවුනොත්, ඔබ හැම වෙලාවේදීම ක්‍රියාත්මක වෙන්නේ ඔබට හිතෙන දේවල් මත,
එහෙම මිනිස්සු, කොච්චර වැදගත් වැඩක් වුනත්, කම්මැලි හිතුනොත් නතර කරනවා. මොකද ඔවුන්ට හිතේ පාලනයක් නෑ. ඔවුන් හිතට ඕනේ විදිහට වැඩකරනවා. එහෙම කෙනෙක්ට 2021 කියන්නේ ජයගන්න ලේසි වසරක් නෙමේ.
ඒ නිසා 2021 දිනන්න ඕනේනම්, ඔබට ඕනේ විදිහට වැඩකරන, මනසක් හදා ගන්න එක, එහෙමත් නැත්නම්, මනසේ පාලනය තමන් සතු කරගන්න එක කරන්නම ඕනේ.
4. මුදල් මෙහෙයවීමේ දක්ෂයෙක් වෙන්න
2021 තුල අපි හැමෝටම මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගය තමයි, මූල්‍යමය ගැටලු කියන්නේ. ඒ නිසා මේ වසර ජය ගැනීම වෙනුවෙන්, ඔබට ඉතාම ඉහල මට්ටමේ මූල්‍යමය සාක්ෂරතාවයක් තිබීම ඉතාම වැදගත්.
සාමාන්‍යයෙන් මේ ලෝකයේ හැමෝම වගේ මුදල් භාවිතා කලාට, මුදල් හරියට භාවිතා කරන්න දන්න පිරිස ඉතාම අඩුයි. ඒ නිසා තමයි, ලෝකයේ සංසරණය වෙන මුදල් වලින් 80%ක්ම , ලෝකයේ ජීවත් වෙන 20%ක් තරම් වූ සුලුපිරිසක් අතේ පවතින බව ඔබට මම බොහෝ ලිපි වලදී කියලා තියෙනවා.
ඒ නිසා 2021 ස්ථාවර වසරක් කරගන්න, මූල්‍යමය වශයෙන් ඇති වෙන්න පුලුවන් දැඩි අර්බුදකාරී තත්වයන්ගෙන් මිදෙන්න ඔබේ මූල්‍යමය සාක්ෂරතාවය ප්‍රමාණවත් මට්ටමකින් ගොඩනගා ගැනීම ඉතාම වැදගත්.
සමහර විට මූල්‍යමය සාක්ෂරතාවය කියන වචනය ඔබ අහන්නේ මුල් වතාවට නම්, ඔබ හිතයි, මේ කියන්නේ හරියට මුදල් පාලනය කරගැනීමක් පිලිබද කියලා. නමුත් එය එසේ නෙමෙයි, මුදල් පාලනය කිරීම හා මූල්‍යමය සාක්ෂරතාවය කියන්නේ දෙකක්.
සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ දෙනෙක් මුදල් ගැන ඉගෙනගන්න සංකල්ප වලින් 80%ක් ම වගේ වැරැදියි,
උදාහරණයක් ලෙස, මම ඔබට කිව්වොත්, සාර්ථක වෙන්න ඕනේනම්, කිසිම දවසක මුදල් ඉතිරි කරන්න පුරුදු වෙන්න එපා කියලා, ඒ වගේම ඉතිරි කරනවානම් බැංකු වල ඉතිරි කරන්න එපා කියලා, මේ කතාව ඔබ සාමාන්‍යයෙන් ඉතිරි කිරීම් ගැන අහල තියෙන කතාවට වඩා පරස්පර විරෝදියි, නමුත් මූල්‍යමය සාක්ෂරතාවය තුලදී එය තමයි නිවරැදි දේ වෙන්නේ. මොකද මුදල් ඉතිරි කිරීම කියන්නේ පුරුදු වෙන්න හොද පුරුද්දක් නෙමේ.
හැබැයි ඒ ඇයි කියන දේ ඔබට තේරෙන්නේ නැත්නම්, ඒකට හේතුව ඔබ සතුව මූල්‍යමය සාක්ෂරතාවයක් නැති එක.
5. පවුල් සබදතා ශක්තිමත් කර ගන්න.
සාර්ථකත්වය හබාගෙන යන පුද්ගලයෙක්ට, තමන් වැඩියෙන්ම ඇසුරු කරන පුද්ගලයින්ගෙන් ලැබෙන සහයෝගය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. මොකද ඒ සහයෝගය නැති වුන තැන, එය බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධානම බාධකය බවට පත් වෙනවා.
මොකද ඔබට පවුලේ තියෙන ප්‍රශ්ණ ගැන හිත හිතා ඉන්න ගියොත් ඔබට ඒ හරහා නැති වෙන්නේ, ඔබේ සාර්ථකත්වය ගැන හිතන්න, තීරණ ගන්න හා ක්‍රියාත්මක වෙන්න තියෙන කාලය.
මේ නිසා 2021 වගේ අභියෝගාත්මක වසරක ඉහල සාර්ථකත්වයක් ලගා කරගන්න, පවුල් සබදතා තුල තියෙන ශක්තිමත් බව වගේම, ඔබේ පාලනයට නතු බව කියන දේ ඉතාම වැදගත්.
මෙන්න මේ අංශ 5 තුල ඔබට පුලුවන්නම් ඔබේ සාර්ථකත්වය ගොඩනගා ගන්න, එය නිසක වශයෙන්ම 2021තුල ඉතාම සාර්ථක තත්වයන් ලගා කරගන්න පුලුවන් පුද්ගලයෙක් බවට ඔබව පත්වීම සිදුවෙනවා.
ඉහත තත්වයන් 5 ගොඩනගා ගන්නා ආකාරය පිලිබද විස්ථරාත්මකව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න, ඒ වෙනුවෙන් සකස් කල, "ජීවිතය දිනන ප්‍රායෝගික මග", "පොහොසත් බවේ රන් දොරටු", "සාර්ථක ආදරයකට මග" සහ "අසිරිමත් යටි සිත" යන ප්‍රායෝගික උපදෙස් පොත් 4ම සහිත Book Pack එක පහත සබැදිය හරහා Download කරගෙන කියවන්න.
Comments