1. නව වසර වෙනුවෙන් නිශ්චිත ඉලක්ක සකස් කර ගන්න
ඉලක්කයක් නැතුව සාර්ථක වෙනවා කියන්නේ හීනයක්. නිශ්චිත වශයෙන්ම ජීවිතේ සාර්ථකත්වය ගොඩනැගෙන්න පටන් ගන්න පළමු වෙනි තැන තමයි නිශ්චිත ඉලක්ක කියන්නේ. හොදට හිතන්න ඔබට පුලුවන්ද , ගමනක් යනකොට යන තැන හරිට තීරණය නොකර යන්න ඕනේ මාර්ගය තීරණය කරන්න?
බෑ නේ... යන්නේ කොහොමද කියලා තීරණය කරන්න නම් , යන්න ඕනේ තැන හරියටම අපි හදුන ගන්නම ඕනේ. අන්න ඒ වගේම ඔබට නව වසර තුල නිශ්චිත , ප්‍රායෝගික සාර්ථකත්වයක් අවශ්‍යනම්, ඔබට ලගා වෙන්න ඕනේ මොන වගේ සාර්ථකත්වයක් වෙතටද කියන දේ ගැන ඔබ මුලින්ම පැහැදිලි අදහසක් ඇතිකර ගන්න ඕනේ! ඒ කියන්නෙ නව වසර වෙනුවෙන් නිශ්චිත ඉලක්කයක් ඇතිකර ගන්න ඕනේ.
ඉලක්කයක් කියන්නේ පොහොසතෙක් වෙනවා, හොද පවුල් ජීවිතයක් ඇතිකර ගන්නවා වගේ සරල දල අදහස් නෙමේ. ඒවා හීන. හීන කියන්නේ ඉලක්ක වලට නෙමේ. ඉලක්ක කියන්නේ හීන වලට වඩා හාත් පසින්ම වෙනස් සිතුවිලි රටාවක්. ඉලක්කයක් හදනකොට නිශ්චිත ක්‍රමයක් තියෙනවා. සිතුවිල්ලක් ඉලක්කයක් වෙන්න නම් සම්පූර්ණ කල යුතු සාදක තියෙනවා. එහෙම නැත්නම් ඒ සිතුවිලි ඉලක්ක වෙන්නේ නෑ.
ඉලක්කයක තියෙන මූලික ලක්ෂණය තමයි ඉලක්කයක් තියෙන කෙනෙක්ට මම කොහොම හරි, මොනවා කරලා හරි, කවදා හරි මගේ අරමුණ වෙත ලගා වෙනවා කියලා හිතන්න බැරි වීම. ඒ වෙනුවට නිශ්චිත වශයෙන්ම මම මොනවා කරලද මගේ ඉලක්කයට ලගා වෙන්නේ කියන දේ ගැන හිතන්න හුරු වීම.
උදාහරණයක් විදිහට, "මට පොහොසත් වෙන්න ඕනේ" කියලා ඔබ සිතුවොත් , ඊලගට ඒ සම්බන්දයෙන් ඔබට මම කොහොම හරි පොහොසතෙක් වෙනවා කියලා ඔබට හිතන්න පුලුවන්. නමුත් ඔබ දවසකට රු 100000ක් උපයනවා කියලා හිතුවොත් ඔබට මම ඒ දේ කොහොම හරි කරනවා කියලා හිතනවාට වඩා මම ඒ දේ කරන්නේ කොහොමද කියලා හිතන්න පෙලබවීමක් තියෙනවා.
අන්න ඒ වගේ ඉලක්කයක් හදනකොට එයින් ඔබ සිතන විදිහ වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ දේ වෙනුවෙනුයි අපි ඉලක්කයක් පිහිටුවන්නේ. ඒ නිසා මුලින්ම , ඔබට නව වසර ජය ගන්න ඕනේනම් ඒ වෙනුවෙන් නිශ්චිතව සකස් කරපු ඉලක්ක ටිකක් ඔබ ලග තියෙන්න ඕනේ. ඔබ තවමත් ඉලක්ක පිහිටුවන ආකාරය හරියටම දන්නේ නැත්නම් සියල්ලටම කලින් ඒ දේ අද්යයනය කරලා හරි ඉලක්ක ටිකක් හදා ගන්න වැඩේ කරන්න. ඔබට ඒ ගැන හදාරන්න ඕනේනම් අප ඉදිරිපත් කර ඇති ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය හොදින් පරිෂීලනය කරන්න, නිවරැදිව ඉලක්කයක් හදා ගන්න ඕනේ ක්‍රමය ගැන සම්පූර්ණ හැදින්වීමක් පියවර වශයෙන් එහි ඉතාම පැහැදිලිව ඇතුලත් වෙනවා!
2. ඉලක්කය වෙනුවෙන් කැපවෙන්න පුලුවන් මානසික මට්ටමක් සකස් කර ගන්න
සාර්ථකත්වය වෙනුවෙන් කැපවීම තරම් උදව් වෙන මානසික තත්වයක් තවත් නැති තරම්. හැබැයි කැපවීම කියන්නේ ඔබ හිතන විදිහේ සරල මට්ටමේ කැපවීමක් නම් නෙමේ. කැපවීම කියන්නේ , තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනැම දෙයක් කැප කරන්න පුලුවන් මට්ටමේ කැපවීමක්. උදාහරණයක් විදිහට ඔබ වතුරේ ගිලිනොත්, ඔබ මිය යන්න ඔන්න මෙන්න තියෙන මට්ටමකට පැමිනියොත් එතැනදී ඔබට ජීවත් වෙන්න, හුස්ම ගන්න ඕනේ වෙන තරමට උවමනාවක් සහ කැපකිරීමක් ඔබ සතුව තියෙන්න ඕනේ.
කවුරු හරි ඔබව මරන්න හැදුවොත් , ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ සතු සියලු දේ ඉල්ලුවොත් , හැම දෙයක්ම දීලා හරි ඔබේ ජීවිතය බේර ගන්න ඔබ උත්සාහ කරනවා වගේ, ඕනෑම දෙයක් කැප කරලා , කොහොම හරි තමන් බලාපොරොත්තු වෙන ජීවිතය ගොඩනගා ගන්න හිතෙන තරම් කැපවීමක් ඔබ සතුව තියෙන්න ඕනේ.
එතැනදී ඔබට ඔබේ කෑම වේල කැප කරන්න වෙන්න පුලුවන්, නින්ද කැප කරන්න වෙන්න පුලුවන්, සමහර විට ඔබ වැඩියෙන්ම ආදරය කරන අය එක්ක තරහා වෙලා ඔබේ ගමන තනියම යන්න සිද්ද වෙන්න පුලුවන්, ඔබේ හොදම යාලුවෝ ඔබත් එක්ක තරහා වෙන්න පුලුවන්. සමහර වෙලාවට දවස් ගනන් නිදි නැතුව හරි ආහාරයක් නැතුව වැඩ කරන්න වෙන්න පුලුවන්.... ඒ මොන දේ කරන්න සිදු වුනත් කැපවීමෙන් යුතුව ඒ දේ කරන්න ඔබට පුලුවන් වෙන්නම ඕනේ. එහෙම නැත්නම් ඔබට සාර්ථක වෙන එක ඇත්තටම ප්‍රායෝගික ලෝකයේදී අමාරුයි.
මේවගේ කැපවීමක් ඔබට කරන්න පුලුවන් වෙන්නේ හැම වෙලාවෙම ඔබේ ඉලක්ක වෙතට ලගා වෙන්න ඔබට කොතරම් ඕනෑ කමක් තියෙනවාද කියන දේ මත. අන්න ඒ නිසයි ඔබ ඉලක්ක පිහිටුවන විදිහ හරියටම දන්නේ නැත්නම් , ඒ දේ ඉගෙන ගෙන කරන්න කියලා කලින් සදහන් කලේ. මොකද බොහෝ දෙනෙක් ඉලක්ක පිහිටුවන්නේ ඇත්තටම තමන්ට අවශ්‍ය සාර්ථකත්වය හදුනාගෙන නෙමේ, බාහිර පරිසරය තුල අපි අහන, දකින, ඉගෙන ගන්න දේවල් වලට සාපේක්ෂව. එහෙම කෙනෙක්ගේ ඉලක්ක ඇත්තටම තමන්ගේ ඇතුලෙන්ම හටගන්න අවශ්‍යතා මත ගොඩනැගූ ඉලක්ක නොවන නිසා ඒ අය තුල ඕනෑම දෙයක් කැප කරලා සාර්ථකත්වය හබාගෙන යන්න තරම් උවමනාවක් කිසිම වෙලාවක ඇති වෙන්නේ නෑ. කැපවීම කියන්නේ බාහිරව ඇතිකරන්න පුලුවන් දෙයක් නෙමේ , ඔබ තුලින්ම ඇති වෙන්න ඕනේ දෙයක්. ඒ දේ ඇති වෙන්නෙත් ඔබ කොතරම් සාර්ථකව ඉලක්ක පිහිටුවනවාද කියන දේ මතම තමයි.
3. නිශ්චිත සැලැස්මක් සකස් කර ගන්න
නව වසර සාර්ථක කරගන්න ඔබට ඕනේනම් ඒ දේ වෙනුවෙන් ඔබට නිශ්චිත සැලැස්මක් තියෙන්නම ඕනේ. මේ ලෝකයේ කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වුන මිනිස්සු නෑ. හැමදාම ප්‍රායෝගික ලෝකයේදී සාර්ථක වුනේ නිශ්චිත වශයෙන්ම කල යුතු දේ කල යුතු වෙලාවට, කල යුතු ආකාරයෙන් කරලා තමන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගත්ත මිනිස්සු. අවුරුද්දක් කියන්නේ දවස් 365ක්. ඒ කියන්නේ පියවර 365ක ගමනක්. මේ පියවර 365 හරියට තැබුවොත් විතරයි ඔබට වසර ඉවර වෙනකොට තමන්ට ඕනේ තැනට ප්‍රායෝගිකව යන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා අවුරුද්ද පටන් ගන්න කොට ඔබට තියෙන්න ඕනේ පියවර 365ක සැලැස්මක්.
ඔබ වැඩකරන්න ඕනේ අන්න ඒ සැලැස්මට අනුව. සැලැස්මකට අනුව වැඩ කරන්න ගියාම ඒක කියන තරම් ලේසි වෙන්නේ නැති බවත් ඔබ තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ඔබ සැලසුම් කරන විදිහටම හැම දේම වෙන්නේ නෑ. අන්න ඒ නිසා සැලැස්මක් හදනකොට වුනත් ඒ සැලසුම සංශෝධනය කරන්න පුලුවන් ආකාරයෙන්, හරියට හදන්න තමන් වගබලා ගන්න ඕනේ. ඒ නිසා සැලැස්මක් හදනකොට වුනත් අපි කලින් ඉලක්ක පිහිටුවීම ගැන සදහන් කලා වගේ නිශ්චිත , නිවරැදි ක්‍රම ශිල්ප අනුව නිවරැදිව සැලැස්මක් සකස් කරන එක ඉතාම වැදගත්.
ඒ දේ ගැනත් අපි ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතියේ පැහැදිලිව, පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඔබ තවමත් සැලැස්මක් සකස් කරනකොට අනුගමනය කරන්න ඕනේ , මූළිඛ ක්‍රම ශිල්ප ගැන දැනුවත් නැත්නම් ඔබට පුලුවන් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය ඇසුරෙන් ඒ දේ ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
4. තමන්ගේ යලුවෝ වෙනස් කරන්න
මේ නව වසර ජය ගන්න ඕනේනම් ඔබ අකමැත්තෙන් වුනත් කරන්න ඕනේ තවත් දෙයක්, ඔබ වැඩියෙන්ම ආශ්‍රය කරන 5 දෙනාව ඔබ විසින් වෙනස් කරන්න ඕනේ. තමන් වැඩියෙන්ම ඇසුරු කරන 5 දෙනා වෙනස් කරලා , ඒ තැන් වලට තමන් ලගා වෙන්න අපේක්ෂා කරන ආකාරයේ ජීවිත ගත කරන 5 දෙනෙක් ඇතුලත් කරගන්න උත්සාහ කරන්න.
මේක කියනවාට වඩා කරන්න ගියාම අමාරුයි, ඒත් කරන්න දෙයක් නෑ. ඔබ ඒ දේ අමාරුවෙන් වුනත් කරන්නම ඕනේ. මොකද ඒ තරම් ඔබේ සාර්ථකත්වයේ වේගය වැඩි කරන තවත් දෙයක් නැති තරම්. දැනටමත් සාර්ථක නොවූ කෙනෙක්ට පෙනෙන සීමාවයි, ඒ තැනට ගිය කෙනෙක්ට පෙනෙන සීමාවයි කියන්නේ දෙකක්. හරියට කන්දක පහල ඉන්න කෙනාටයි, කන්ද උඩ ඉන්න කෙනාටයි වට පිටාව පෙනෙන ආකාරය වෙනස් වගේ.
ඔබ වැඩියෙන්ම ආශ්‍රය කරන්නේ , ඔබ ලගා වෙන්න උත්සාහ කරන ජීවන තත්වය දැනටමත් ලගා කරගෙන ඉන්න අයනම්, එතැනදී ඒ ගමන ලගා වෙන්න ඔබ ගමන් කරන්න ඕනේ හොදම පාරවල් ටික ඔබට ඔවුන්ගෙන් අහගන්න පුලුවන්. ඒ දේ සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා 10 ගුණයකවත් වේගයක් ඇතුව සාර්ථක වෙන්න පුලුවන් වාතාවරනයක් ඔබ තුල ඇති කරනවා.
ඔබට පුලුවන්නම් මෙන්න මේ කරුණු 4 , නව වසර උදා වෙන්න කලින් තමන්ගේ ජීවිතයට ඇතුලත් කරගන්න උත්සාහ කරන්න. මොකද මේ කරුණු 4 විතරක් ඇති 2020 ඔබේ ජීවිතයේ සාර්ථකම වසර කරගන්න!
සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
තාමත් 2020 වෙනුවෙන් ඔබට ලිඛිත සැලැස්මක් නැත්නම් පහත සබැදිය හරහා ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත සහ වැඩපත්‍රිකා Download කරගෙන ඔබේ සැලැස්ම සකස් කර ගන්න!
Download Link > http://bit.ly/2t0NYid
Commentaires