සමහර විට මේ ලිපිය කියවන ඔබ 2018 වසර තුල හිතපු තරම් සාර්ථක නොවුන කෙනෙක් වෙන්න පුලුවන්, බලාපොරොත්තු ගොඩක් එක්ක අවුරුද්ද ඇරබුවත් ඒ කිසිවක් ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගන්න බැරි වුන කෙනෙක් වෙන්න පුලුවන්. මේ කොහොම වුනත් දැන් 2018 වසර සම්පූර්ණයෙන්ම වගේ ගෙවී ගොස් අවසන්. අපි ගෙවුන කාලය ගැන කණගාටු වුනා කියලා වැඩක් වෙන්නේ නෑ. අපිට අතීතය වෙනස් කරන්න බෑ.
නමුත් අතීතය වෙනස් කරන්න බැරි වුනාට අපිට තවමත් අනාගතය වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම අවසන් වෙන්නේ අලුත් දෙයකට ආරම්භයක් ලබා දීලා.. ඒ ආකාරයෙන්ම 2018 තුල අසාර්තක ඔබෙන් 2018 වසර සමුගන්නේ ආයෙත් ජීවිතේ අලුතින් පටන් ගන්න , නැවත ඔබේ වැරදි නිවරැදි කරගෙන සාර්තකත්වය කරා යන්න අලුත් වසරක් ඔබට ලබා දීලා. ඒ අවස්තාව අපි හරියට තේරුම් අරගෙන හරියට ප්රයෝජණයට ගත්තොත් 2019 කියන්නේ අපි හැමෝගෙම ජීවිතය වෙනස් කල හැරවුම් ලක්ෂය කරගන්න අපි හැමෝටම අනිවාර්යයෙන්ම පුලුවන් වේවි.
මේ නිසා ලබන්නාවූ 2019 වසර අති සාර්තක, ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කල වසරක් කරගන්න ඔබ අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු පියවර 4ක් ගැන අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙනවා. හැබැයි මෙය කියවලා ගිහින් පරණ ජීවිතයටම වැටුනටනම් ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නෑ. මේ නිසා අවශ්‍ය කරුනු ටික හොදට ඔලුවට දාගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන අදහසින් මේ ලිපිය කියවන්න. එහෙම වුනොත් ඔබ මෙය කියවන්න ගත කරන කාලය අපතේ යැවීමක් කර නොගෙන ආයෝජයක් කර ගන්න ඔබට හැකිවේවි.
1. කරපු වැරදි හදුනා ගන්න, සාමාන්‍ය මිනිසෙක්ගේ මානසිකත්වයෙන් ඉවත් වෙන්න.
2018 ලබනකොට ඔබ නව වසරට සූදානම් වුන විදිහ හොදට මතක් කරන්න. නව වසරට සූදානම් වීම වෙනුවෙන් ඔබේ සිතේ තිබුන ප්‍රමුඛතා ලයිස්තුව නැවත මතක් කරන්න. අනිවාර්යයෙන්ම එහි, අලුත් ඇදුම්, තෑගි බෝග, ගෙදර දොර අලුත් කිරීම වෙනුවෙන් වන විවිද දේවල් තියෙන්න ඇති.
මේ හැම දෙයක්ම ඔබව බාහිරින් අලුත් කරන දේවල්, නමුත් ඒ අතර තිබුනද ඔබ හිතන විදිහ අලුත් කරන, ඔබ සිතන විදිහ, තීරණ ගන්න විදිහ අලුත් කරන යමක් වෙනුවෙන් වන ප්‍රමුඛතාවයක්. අලුත් ඇදුම් ඇන්දට, අලුත් වූ නිවසක සිටියට, ඔබ සිතන්නේ පරණ හිතපු ඍ ණාත්මක සිතුවිලිම නම්, ඔබ කරන්නේ පරන කියපු කරපු දේවල්ම නම් ඔබ හිතනවද ඔබේ ජීවිතය බාහිරින් අලුත් වූ පමනින් වෙනස් වෙයි කියලා?
මේ නිසා ඔබ සැබවින්ම සාර්තක වෙන කෙනෙක් නම් නව වසර වෙනුවෙන් සූදානම් වීමේ ලයිස්තුවේ උඩින්ම තියෙන්න ඕනේ ඔබ , ඔබ සිතන විදිහ, ඔබේ පවුලේ අය සිතන විදිහ, ඔබේ සිතුවිලි වල, ඔබේ ක්‍රියාකාරකම් වල ධනාත්මක කල හැකි දේවල් වෙනුවෙන් යම්කිසි ආයෝජණයක් කිරීමේ අදහසක්.
2. නිශ්චිත ඉලක්කයක් සමගින් 2019 අරබන්න.
2019 තුල ඔබට නිශ්චිතවම දින 365ක් ගත කරන්න ලැබෙනවා. එය තුල ඔබට ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍යනම් ඔබ මුලින්ම කරන්න ඕනේ මේ දින 365 අවසානයේ නිශ්චිතවම ආර්තික වශයෙන්, පවුල් ජීවිතය අතින්, සෞක්‍ය අතින් ලගා කරගන්න බලාපොරොත්තු වෙන්නේ කුමන තත්වයක්ද යන්න තීරණය කරන එක. ඒ කියන්නේ 2019 වෙනුවෙන් ඉලක්කයක් හදා ගනන් එක. ඉලක්කයක් කියන්නේ හීනයක් වත් බලාපොරොත්තුවක් වත් නෙමේ. එය නිශ්චිත දෙයක් විය යුතුයි. උදාහරණයක් ලෙස ඔබ සිතුවොත් මේ අවුරුද්දෙදි පෝසතෙක් වෙන එක තමා මගේ ඉලක්කය කියලා එය නිශ්චිත ඉලක්කයක් නෙමේ. එය බලාපොරොත්තුවක් හෝ සිහිනයක් විතරයි, නමුත් ඔබ සිතුවොත් මම 2019/12/31 වෙනකොට රු මිලියනයක් උපයනවා කියලා එය ඉලක්කයක්.
නිකම්ම නිකන් පෝසතෙක් කීවට එය තුල නිශ්චිත බවක්වත්, ලගා කරගත්තාද නැද්ද කියලා මනින්නවත් හැකියාවක් නෑ . නමුත් රු මිලියනයක් කීවම, එය නිශ්චිත දෙයක් බවට පත් වෙනවා. ඕනෑම මොහොතක එය වෙතට කොතරම් ලගා වී තියෙනවාද, තව කොපමණ ලගා වෙන්න තියෙනවාද යන්න මනින්න හැකියාව තිබෙනවා. ඒ වගේම මෙවැනි ඉලක්ක තියෙනවානම් පමණයි ඔබට එම සාර්තකත්වය ලගා කරගැනීම වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් සකසා ගන්න හැකියාව තියෙන්නේ. ඉලක්ක නැති තැන ඔබට මේ වසර තුල කොහොම හරි මොනවා හරි කරලා සාර්තක වෙන්න ඕනේ කියලා හිතනවා හැරෙන්න ඔබට ඒ වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් සකස් කරගන්න හැකියාවක් නෑ.
3. සැලැස්මක් සකසා ගන්න
ඉලක්කයක් සකසා ගත්තට පසු ඒ වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් සකසා ගන්න ඕනේ. සැලැස්මක් කියන්නේ 2019/12/31 ලගා කරගන්න හිතන ඉලක්කය වෙනුවෙන් දින 365 වෙනුවෙන් වන සැලැස්මක්.
ඔබට මේ සැලැස්ම බැලුවම ඔබට පෙනෙන්න ඕනේ ජනවාරි 1 තමන් මොනවද තමන්ගේ ඉලක්කය වෙනුවෙන් කරන්න ඕනේ, ජනවාරි 2ක මොනවද කරන්න ඕනේ, ජනවාරි 31 වන විට තමන් කොච්චර තමන්ගේ ඉලක්කය වෙතට ලගා වී තියෙන්න ඕනෙද, පෙබරවාරි අවසන් වෙනකොට තමන් කොතරම් ඉලක්කයට ලන් වී තිබිය යුතුද යන ආකාරයෙන් තමන්ගේ ගමන ගැන පුලුල් චිත්‍රයක්. ඒ වගේම තමන්ගේ සැලැස්ම දිහා බැලුවම ඔබට මේ දේ ලගා කරගන්න පුලුවන් කියන විශ්වාසය ඔබ තුල ගොඩනැගෙන්න ඕනේ. ඒ වගේම යම් තැනක ඔබට යම් වරදක් සිදු වුනොත් එයත් සමග ඔබේ ඉලක්කයට කොතරම් බලපෑමක් වෙනවාද යන්න ඔබට සැලැස්ම දිහා බැලුවම පෙනෙන්න ඕනේ. එහෙම සැලැස්මක් තියෙනවානම් ඔබට විශ්වාසයෙන් යුතුව බය නැතුව ඉස්සරහට යන්න පුලුවන්.
4. ධනාත්මක ආකල්ප ඇතිකර ගන්න.
ඔබ තුල කොතරම් හොදට ඉලක්ක ස්තාපණය වෙලා තිබුනත්, කොතරම් හොද සැලැස්මක් ඔබ තුල තිබුනත් ඔබේ මනස කියන්නේ ඔබට සාර්තක වෙන්න බෑ, ඔබට අභියෝග ජයගන්න බෑ කියලානම් එතැනින් එහාට ඔබට මොනවා තිබුනත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා සෑම මොහොතකම , ඕනෑම දෙයක් දෙස ධනාත්මකව බලමින් ධනාත්මක තීරණ ගන්න පුලුවන් ආකාරයේ ආකල්පමණ වෙනසක් ඔබ ඇතිකරගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එය නැතුව මොනවා තිබුනත් ඔබට බාදක , අභියෝග ඇතිවෙනකොට ඔබ පසුබසින එක නවත්වන්න හැකියාවක් නෑ. ධනාත්මක ආකල්ප කියන්නේ හුදෙක් ධනාත්මක සිතුවිල්ලක් නෙමේ. යමක් තේරුම් අරගෙන, විශ්වාසය සමග තදින් සිත තුල තැම්පත් වූ අදහසක්. එවැනි දනාත්මක ආකල්ප තියෙන කෙනෙකුට ඕනෑම දෙයක් තුල ධනාත්මක දෙයක් පෙනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් ලෙස කීවොත් එවන් කෙනෙක්ට කුණු ගොඩක් දැක්කත් පෙනෙන්නේ ඒ තුල කොම්පෝස්ට් පොහොර ව්‍යාපාරයක් හෝ ප්රතිච්ක්රීයකරන ව්‍යාපාරයක්.
මෙන්න මේ කොටස් හතර හරියට ඔබ 2019 ලබන්න කලින් ඔබ තුල ගොඩනගා ගෙන සූදානම් වෙනවානම් 2019 තුල ඔබ අසාර්තක වෙන්න කිසිම හේතුවක් ඇති වෙන්නේ නෑ. ඔබව නතර කරන්න කාටවත් හැකි වෙන්නේත් නෑ.
සටහන : දේෂක , ව්‍යවසායක චතුස්ක අමරසේකර
__
2019 වෙනුවෙන් ඔබේ සිතේ තිබෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් නිවරැදිව , මනෝවිද්‍යානුකූලව ඉලක්ක පිහිටුවීම, සැලසුම් සකස් කිරීම හා තමන් තුල ධනාත්මක ආකල්ප ඇතිකරගැනීම ප්‍රායෝගිකව සිදුකරන ආකාරය, පියවර වශයෙන්, උදාහරණ සහිතව ඉගෙන ගන්න, " ජීවිතය දිනන ප්‍රායෝගික මග " - ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපතිකා කට්ටලය + දින සැලසුම පහතින් Download කරගන්න.
පිටු 115යි | මෙය 100% ප්‍රායෝගික සාර්ඨකත්වය අරමුණු කරගත් කෘතියක් බැවින්, ඔබට මෙහි යම් අපහැදිලි කරුණක් වේනම් හෝ ප්‍රායෝගිකව මෙහි සදහන් අභ්‍යාස වල නිරත වීමේදී යම් ගැටලුවක් ඇතිවේනම් ඔබේ මිලදී ගැනීමට අදාල Reference Number එක සමහින් info@winnerslounge.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් ඔබට නොමිලේ උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත.
Kommentare