නව වසරක් කියන්නේ ස්වභාව ධර්මයා විසින්,සංස්කෘතිය විසින් මිනිසෙකුට ලැබුනු විශාල වටිනාකමක් සහිත සංකල්පයක් කීවොත් එහි වරදක් නෑ. නව වසරක් කියන්නේ ඔබේ අතීතය අමතක කරලා, අලුත් ජවයකින්, අලුත් පුද්ගලයකු ලෙස නැවත ජීවිතේ පටන් ගැනීමට ලැබෙන අවස්ථාවක්.
නමුත් බොහෝ දෙනෙක් මෙම අවස්ථාව නිවරැදිව තේරුම්ගෙන තිබෙන බවක් හෝ නිවරැදිව බාවිතා කරන බවනම් පෙනෙන්නේ නෑ. බොහෝ දෙනෙක් අවුරුද්ද බාහිරින් අලුත්වීමට බාවිතා කලත් , එය සැබෑ ලෙසින්ම ජීවිතයේ වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන් , අලුතින් පටන්ගැනීම වෙනුවෙන් වන අවස්ථාවක් කර ගැනීම සිදු කරන්නේ ඉතාමත් අල්ප වශයෙන්. මෙන්න මේ නිසා අපි හිතුවා නව වසර වෙනුවෙන් ඔබ සූදානම් විය යුතු ආකාරය ගැන මේ ලිපියෙන් ඔබට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න.
1. අලුත් මිනිසෙක් වීම වෙනුවෙන් මුල්තැනක් දෙන්න
ලෝකයේ වේගවත්ම මෝටර් රථය වුවත්, එය වේගයට බය රියදුරෙක් අතට පත් වුවොත් එහි වේගයෙන් වැඩක් වන්නේ නෑ. නිවස කොතරම් අලුත් වුනත් එහි ජීවත් වෙන්නේ පරණ යල්පැන ගිය අදහස් සහිත මිනිසුන්නම් කිසි දිනෙක එම නිවසේ නැවුම් බවක් ඇති වෙන්නේ නෑ. ඒ ආකාරයෙන්ම ඔබ නව වසර කියා කොතරම් අලුත් ඇදුම් ඇන්දත්, බාහිරින් වෙනස් වුවත්, ඔබ සිතන්නේ පරණ විදිහටමනම්, ඔබ ක්‍රියා කරන්නේ පරණ විදිහටමනම් අලුත් අවුරුද්දක් උදා වුනා කියලා ඔබේ ජීවිතය අලුත් වීම සිදු වෙන්නේ නෑ. අලුත් අවුරුද්ද කාලයේ වෙනසක් පමණක් නොවී , සැබෑ ලෙසින්ම අලුත් වසරක් වෙන්නේ අලුත් අවුරුද්දත් එක්කම ඔබ සිතන විදිහ , ඔබේ ආකල්ප, ක්‍රියාත්මක වෙන ආකාරය වගේ දේවල් අලුත් වුනොත් පමනයි.
මේ නිසා මේ වසරේදී අලුත් ඇදුම් වගේ දේවල් සමග බාහිරින් අලුත් වෙනවා වෙනුවට ඔබේ ඇතුලාන්තයෙන් , අලුත් අදහස්, සිතුවිලි, ආකල්ප සහිත මිනිසෙකු බවට පත් වීම වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබා දෙන්න. ඒක තමයි සාර්ථක වෙන පුද්ගලයකු විදිහට ඔබ නව වසර වෙනුවෙන් කල යුතු පළමුවෙනි දෙය.
2. නව වසර වෙනුවෙන් ඉලක්ක පිහිටුවා ගන්න
ඉලක්ක නැතිව ජීවත් වෙන මිනිසෙක් කියන්නේ, මහ මුහුදේ අතරමං වුන නැවක් වගේ. සාර්ථකත්වය ගැන දල අදහස් මිස ඔවුන් සතුව නිශ්චිතව ලගා කරගත යුතු සාර්ථකත්වය කුමක්ද ඒ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද යන්න පිලිබද හරි පැහැදිලි අදහසක් නෑ. එවැනි ජීවිත වල ස්ථාවර බවක් නෑ. ඒ වගේම එවැනි ජීවිත සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වීම වෙනුවෙන් තමයි වැඩි අවස්ථාවක් තියෙන්නේ! මේ නිසා ඔබට නව වසරේදී ලැබෙන දවස් 365 තුල ආර්ථික අතින්, පවුල් ජීවිතය අතින්, සෞඛ්‍යමය අතින් වගේ ජීවිතයේ සෑම අංශයකින්ම තමන් ලගා කරගන්න බලාපොරොත්තුවෙන සාර්ථකත්වය කුමක්ද යන්න හරියට හදුනාගෙන, නව වසර වෙනුවෙන් ඉලක්ක පිහිටුවා ගැනීමක් සිදුකල යුතු වෙනවා.
3. පිටු 365ක සැලැස්මක් සකසා ගන්න
ඕනෑම දීර්ග ගමනක ආරම්භය වන්නේ කුඩා පියවරක්, ඒ ආකාරයෙන්ම ඔබේ නව වසරේ සාර්ථකත්වය තීරණය වන්නේ කුඩා දින 365ක එකතුවකින්, මේ දින 365 ඔබ සාර්ථක දින 365ක් කර ගත්තොත් ඔබේ සාර්ථකත්වයත් අසාර්ථක දින 365ක් කර ගත්තොත් අසාර්ථකත්වයත් ඔබ ලගා කරගන්නවා.
මේ නිසා වසර ආරම්භ වෙනකොට ඔබ සතුව තියෙන්න ඕනේ ඔබ වසර අවසානයේදී ලගා කරගන්න බලාපොරොත්තුවෙන ඉලක්කය වෙනුවෙන් එකිනෙක දිනයන් තුල ඔබ ක්‍රියා කල යුතු ආකාරය පිලිබද පැහැදිලි සැලැස්මක්. මෙහෙම කීවට ඔබට ප්‍රායෝගිකව ජනවාරි 1 වනදා වන විට දින 365 තුමක ක්‍රියාකල යුතු ආකාරය ගැන සැලැස්මක් සකසාගෙන ඒ අනුවම මුලු වසරම ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. අපි සැලසුම් කරන දේවල් ඒ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපේ සැලසුම් වරදින්න, වෙනස් කරන්න වෙන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. මේ නිසා අවම වශයෙන් දෙසැම්බර් 31 ලගා කරගත යුතු සාර්ථකත්වය වෙනුවෙන් එකිනෙක මාසය අවසන් වෙනකොට කුමන කුමන තත්වයන්ට තමන් පැමින තිබිය යුතුද යන්න හා අවම වශයෙන් සෑම විටම දින 7න් 7ටවත් සැකසුනු දින සැලසුම් තබාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම ඉතාම වැදගත්.
4. ඔබ අහන දකින කියවන දේවල් වෙනස් කරන්න
ඔබ බාහිරින් ලබා ගන්න දත්ත මත සෑම විටම ඔබතුල ධනාත්මක හෝ ඍණාත්මක ආකල්ප වර්ධනය වීමක් සිදුවනවා. මේ නිසා ඔබ තුල ධනාත්මක බවක් ඇතිකරන පොත්පත් ටිකක්, චිත්‍ර පට , රූපවාහිනී වැඩසටහන් ටිකක් සූදානම් කරගෙන තියාගන්න. ඔබ විවේකයෙන් සිටින අවස්ථාවල රූපවාහිනිය , ගුවන් විදුලිය ඔබට පෙන්වන දේවල් වෙනුවට ඔබ සූදනම් කරගත් දේවල් පරිහරණයට හුරු වන්න.
5. ඇසුරු කරන පුද්ගලයන්ගේ වෙනසක් සිදුකිරීමට සූදානම් වන්න.
ඔබේ සාර්ථකත්වයට වගේම අසාර්ථකත්වයටත් ප්‍රබල හේතුවක් තමයි ඔබ ඇසුරු කරන පුද්ගලයන්. මේ නිසා නව වසර වෙනුවෙන් ඔබ ඇසුරු කරන පුද්ගලයන් තුල ඍණාත්මක අදහස් දරන පුද්ගලයන් සිටිනවානම් ඒ අය වෙනුවෙන් වැය කරන කාලය අඩු කර, ධනාත්මක , සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමට, ඔවුන් සමග ධනාත්මක සාකච්චාවන් තුල නිරත වීමට වැඩි කාලයක් වැය කරන්න.
コメント