top of page

පාර හදන වැඩේ යටි හිතට බාර දීලා , ගමන් කරන වැඩේ ඔබ බාර ගන්න

Updated: Jun 30, 2022


තමන් හීන දකින සාර්ථකත්වය වෙත යන ගමන ලේසි එකක් කරගන්න ඕනේනම්, ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් ලේසිම දේ තමයි තමන්ගේ වැඩ වලින් භාගයක් තමන්ගේ යටි සිතට බාර දෙන එක.


ඔබේ යටි සිත කියන්නේ අරුම් පුදුම හැකියාවන් රාශියක් එක්තැන්වුන තැනක්. සරලවම කීවොත්,


ඔබ ඔබේ ගමන යන්න ලෑස්තිනම්,

ඔබ යන්න ඕනේ තැන ඔබ හරියටම දන්නවානම්,


ඒ දේ ඔබ හරියට ඔබේ යටි සිතට සංනිවේදනය කලොත් ඔබේ යටි සිත, ඒ මොහොතේ පටන් ඔබට යන්න ඕනේ තැනට යන්න අවශ්‍ය මර්ගය ඉතා ක්‍රමවත් ආකාරයෙන් ගොඩනගන්න පටන් ගන්නවා. බොහෝ වෙලාවට යටි හිතේ බලය පාවිච්චි කරන කෙනෙක්ට කරන්න තියෙන්නේ තමන්ගේ මනස තමන්ට පෙන්වන මාර්ගයේ ගමන් කිරීම පමණයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු දේම සූදානම් කිරීම යටි සිත විසින් කරනවා. හරියටම බැලුවොත් ඔබේ යටි සිත කියන්නේ ඔබට ඉන්න ඉතාම විශ්වාසවන්ත දක්ෂ සේවකයෙක් වගේ දෙයක්.


නමුත් යටි සිතේ බලය කොතරම් විශාල වුනත් , ඒ බලය ප්‍රයෝජණයට ගන්න අයනම් ප්‍රායෝගික ලෝකය තුල ඉන්නේ ඉතාම සුලු වශයෙන් , නමුත් එයට හේතුව මේ බලය ගැන තියෙන නොදැනුවත්කම නම් නෙමේ. මොකද වර්ථමානයේ යටි සිත , ආකර්ෂණ නීතිය වගේ මාතෘකා ගැන නොදන්න කෙනෙක් නැති තරම්.


නමුත් මේ සියලු දේ දැන සිටියත් , බොහෝ දෙනෙක් යම්කිසි හේතුවක් නිසා යටි සිත සමග සන්නිවේදනය කිරීමේ ක්‍රමය හරියට අල්ල ගන්නේ නෑ. මෙන්න මේ නිසා බොහෝ දෙනෙක් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් යටි සිත තුල වන ශක්තිය අවධි කරන්න උත්සාහ කලත් ඔවුන්ට ප්‍රායෝගික ලෝකය තුල සාර්ථක වෙන්න අපහසු වෙනවා.


මොකද යටි සිත අදහස් තේරුම් ගන්නේ වචන වලින් නෙමේ , රූප හා හැගීම් වලින්. නමුත් අපි නිතර ගනුදෙනු කරන උඩු සිත අදහස් තේරුම් ගන්නේ වචන වලින්. මෙන්න මේ තත්වයන් දෙක හරියට Balance කරගන්න බැරිනම් ඔයාට යටි සිතේ ශක්තිය අවධිකර ගන්න එක කරන්න බැරි වෙනවා.


උදාහරණයක් විදිහට ඔබ " මල " කියන වචනය ගැන හිතන්න, ඔබේ මනස තුල මලක රූපයක් මැවෙන්නට පටන් ගන්නවා. ඔබ " පොත් රාක්කය " කියන වචනය ගැන හිතන්න , ඔබේ මනස තුල පොත් රාක්කයක රූපයක් මැවෙන්න පටන් ගන්නවා.


දැන් ඔබ " කයිකුස්තේරුව " කියන වචනය ගැන හිතන්න... දැන් ඔබේ මනසට එන රූපය මොකක්ද?


බොහෝ විට මේ ගැන පැහැදිලි චිත්‍රයක් ඔබේ මනස තුල ගොඩනැගෙන්න නැතුව ඇති. එයට හේතුව තමයි එවැනි වචනයක් සිංහල භාෂාවේ නොමැති කම. උඩු හිතේ ක්‍රියාකාරීත්වය ඔන්න ඔය වගේ. උඩු හිතට වචන නැතුව හිතන්න අමාරුයි.


නමුත් යටි සිත ක්‍රියාත්මක වෙන්නේ වචන අනුව නෙමේ. යටි සිතට වචන තේරෙන්නේ නෑ. එයා හැම වෙලාවෙම අපිට අවශ්‍ය දේවල් තේරුම් ගන්නේ අපේ මනස තුල මැවෙන චිත්ත රූප හා හැගීම් අනුව. ඒ නිසා, සාර්ථකත්වය ගැන අපි එක එක දේවල් ගැන හිතනකොට අපි හිතන වචන වලට අනුව මැවෙන රූප හා ඇතිවෙන හැගීම් වෙනස් නම් අපේ යටි සිත වැරදි පණිවිඩ තේරුම් ගන්න පටන් ගන්නවා.


උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ විශාල ණය බරකින් පීඩා විදින කෙනෙක් කියලා. ඔබ හැමදාම මම මේ ණය වලින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතුවත්, ඒ දේ ගැන හිතනකොට ඔබේ මනසේ මැවෙන චිත්ත රූප වෙන්නේ, ණය කරුවෝ ඇවිත් ඔබෙන් ණය ඉල්ලලා කරදර කරන විදිහ නම්, ඔබට දැනෙන්නේ බය, ලැජ්ජාව, පරාජශීලී බව වගේ හැගීමක් නම්, එතැනදී ඔබ ණය වලින් නිදහස් වෙන්න ඕනේ කියලා කොතරම් හිතුවත් , ඔබේ යටිසිත මෙතැනදී තේරුම් ගන්නේ, ණය කරුවෝ ඇවිත් ඔබට බනින, බයෙන් , ලැජ්ජාවෙන් , පරාජශීලී බවෙන් යුතුව ජීවත් වෙන ජීවන තත්වයක් ඔබට අවශ්‍යයි කියලා. මේ නිසා ඔබේ යටි සිත කිසිම දවසක ඔබට ණය වලින් නිදහස් වෙන්න දෙන්නේ නෑ.


මෙන්න මේ දේ හරියට තේරුම්ගෙන වැඩ කලොත් , ඔබේ යටිසිතේ විශ්මිත බලය ඔබටත් ප්‍රායෝගිකව අත්විදින්න පුලුවන්. නමුත් ඔබ මේ දේ තේරුම් නොගෙන කොතරම් යටි සිත බලගන්වන්න උත්සාහ කලත් ඔබ නිරායාසයෙන්ම අසාර්ථක වීම සිදුවෙනවා.


යටි සිත බලගැන්වීම ඇතුලුව මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

2,082 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page