top of page

සාර්ථකත්වයේ සැබෑ මාවත කුමක්ද?

Updated: Dec 1, 2022


ree

අදින් මේ විදිහට පටන් ගන්න මේ ලිපි පෙල මම ලියන්නේ විශේෂයෙන්ම, ජීවිතේ සාර්ථක කරගැනීම වෙනුවෙන් වසර ගනනක් වෙහෙසිලා, විවිද ගුරුවරුන් යටතේ සාර්ථක වෙන හැටි ගැන ඉගෙනගෙන, නමුත් තවමත් සැබෑ ජීවිතයේ යමක් කරගන්න නොහැකි වුන පිරිස වෙනුවෙන්.


මොකද මම විශ්වාස කරන විදිහට, ඔබ සාර්ථකත්වය ගැන මොන තරම් දේවල් ඉගෙන ගත්තත් අවසාන වශයෙන් සැබෑ ජීවිතයේ ඒ හරහා ඔබ ලගා කරගත්ත දෙයක් නැත්නම් එහි ඇති කිසිම වැදගත්කමක් නෑ.


ඒ නිසා මේ ලිපි පෙල ඔබට මග පෙන්වන්නේ, ඍජුවම එවැනි තත්වයන් වෙනස් කරගෙන ඔබේ ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කරගන්නේ කොහොමද කියන දේ ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීම වෙනුවෙන්.


අවුරුදු දහයකට , පහලවකට කලින් මමත් ඔබ වගේම මේ මාර්ගය තේරුම් ගන්න උත්සාහ කල කෙනෙක්, මමත් ඔබ වගේම මේ ලංකාව පුරාම යමින්, විවිධ ගුරුවරුන් යටතේ විවිධ දේ ඉගෙන ගනිමින් ජීවිතයේ සාර්ථකත්වය සොයා ගන්නට උත්සාහ කල කෙනෙක්.


නමුත් ඒ සෑම අවස්ථාවකදීම මම සැබෑවටම අත්වින්ද සාර්ථකත්වය දිහා බැලුවොත් එහි තිබුනේ ඇත්තටම මානසික වෙනසක් පමණයි.


හැම වැඩසටහනක් අවසානයේදීම, මොනවා හරි කල යුතුයි, සාර්ථක විය යුතුයි, මට ඒ දේ කල හැකියි යන හැගීම වැඩි වැඩියෙන් දැනුනාට, ඇත්තටම මට අවශ්‍ය තැනට යන්න මම හරියටම කල යුත්තේ කුමක්ද යන්න ගැන මගේ හිතේ තිබුනේ හිඩැසක්.


ඔබත් හැම තැනම ගිහින් සාර්ථක වෙන හැටි ඉගෙන ගෙන ඒත් තවමත් සැබෑ ජීවිතයේ යම්කිසි දෙයක් සැබෑවටම ලගා කරගන්න බැරි වුන කෙනෙක් නම්, ඔබටත් මේ අත්දැකීම ඕනැ තරම් ඇති,


මිනිස්සු බොහෝ වෙලාවට හිතනවා, ධනාත්මක බව, අභිප්‍රේරණය වගේ දේවල් තමයි ඔවුන්ව සාර්ථක කරන්නේ කියලා. මිනිස්සු හිතනවා, මට පුලුවන් මම කොහොම හරි, මොනවා හරි කරලා කවදා හරි සාර්ථක වෙනවා කියලා හිතුවාම තමයි සාර්ථක වෙන්න පුලුවන් කියලා.


මමත් ඒ ගොඩේ හිටියා, නමුත් පසු කාලිනව මට තේරුණ දේ තමයි, මගේ ජීවිතය ඇත්තටම අසාර්ථක කලේ එහෙම හිතපු එකමයි කියන එක.


මම ඔබෙන් ඍජු ප්‍රශ්ණයක් අහන්නම්, මෙයට පිලිතුරු දෙන්න,


ඔබ මේ ලෝකයේ , කොහොම හරි, මොනවා හරි, කවදා හරි කරලා සාර්ථක වුන කී දෙනෙක් ඔබ දැකලා තියෙනවාද?


හොදට හිතලා බලන්න...


එතකොට ඔබට තේරෙයි, මේ ලෝකයේ සාර්ථක වුනානම් යම් කෙනෙක්, ඒ හැමෝම සාර්ථක වෙලා තියෙන්නේ, කොහොම හරි , මොනවා හරි, කවදා හරි කරලා නෙමෙයි, කල යුතු දේ කල යුතු වෙලාවට කරලා කියන එක.


ඕනෑම අරමුණකට අදාලව අපිට අන්න ඒ දේ තේරුම් ගන්න බැරිනම් අපිට එතැනින් එහාට ඇත්තටම සැබෑ ලෝකයේ සාර්ථකත්වයක් ගැන හිතන්න අමාරුයි.


අපිට ධනාත්මක චින්තනයෙන් , අභිප්‍රේරණයෙන් ලැබෙන්නේ නැත්තෙත් ඔය දේ...


ධනාත්මක බව, අභිප්‍රේරණය, මම කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වෙනවා කියන හැගීම, ඔබ අත්විදින අසාර්ථකත්වයේ මානසික පීඩනයෙන් තාවකාලිකව මිදෙන්න හොදයි.


නමුත් සැබෑ ජීවිතයේ යම් කිසි දෙයක් සාර්ථක කර ගන්න, අවශ්‍ය නම් අපිට සිද්ද වෙනවා, ඔය මානසික ලෝක වලින් බිමට බැහැලා සැබෑවට මුහුණ දෙන්න, වෙනස ඇතිකර ගැනීමේ ක්‍රමය හොයන්න.


අන්න එතැනින් එහාට තමයි ඇතිවෙන සාර්ථකත්වයක් ඇති වෙන්නේ.


ඒ නිසා මම ඔබට කියන්නේ, ඔබ කැතයි නම්, බොරුවට කන්නාඩිය ඉස්සරහට ගිහින් මම ලස්සනයි කියලා හිතලා හිත රවට්ට ගන්න එක නතර කරන්න.


මුලින්ම ඔබ කැත බව තේරුම් ගන්න... ඒක පිලිගන්න, මොකද ඔබ හිත රවට්ට ගත්තාට ඇත්ත වෙනස් වෙන්නේ නෑ.


ඊට පස්සේ ඒ පිලිගැනීමත් එක්ක වෙනස් වෙන්න ඇත්තට මොනවාද කරන්න ඕනේ කියලා හොයන්න පටන් ගන්න, ඔන්න ඔය දේ කලොත් විතරයි, ඔබ ඔය හීන දකින සාර්ථකත්වය සැබෑ ලෝකයේදී ඔබට අත්විදින්න පුලුවන් වෙන්නේ.


ඒක තමයි සාර්ථකත්වයේ සැබෑම මාවත වෙන්නේ... ඒකේ ගමන් නොකර, වෙන මාර්ග වල කොතරම් ගමන් කලත් ඔබට ලැබෙන්නේ මානසික වෙනසක් විතරයි.


ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.

ජීවිතය දිනන ප්‍රායෝගික මග ( ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා ) - PDF eBook
Buy Now

වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න



 
 
 

Comments

Rated 0 out of 5 stars.
Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page