චරිත කතා කියන්නේ අපේ ජීවිතේ සාර්ථකව ගොඩනගා ගන්න තියෙන ඉතාම වැදගත් Tool එකක්. මිනිස් මනස හැමවෙලාවෙම අත්දැකීම් අනුව විවිද දේවල් විශ්වාස කරන්නත් , ඒ අනුව ආකල්ප ගොඩනගා ගන්නත් කැමතියි.
උදාහරණයක් විදිහට මම ඔබට කීවොත් යම්කිසි තැනක තියෙන දේවාලයකට ගිහින් යමක් ඉල්ලුවොත් ඒ දේ ලැබෙනවා කියලා ඔබ , ඒ කතාව ඒ තරම දුරට විශ්වාස නොකරන්න පුලුවන්, නමුත් මම ඔබට එහෙම විවිද දේවල් ලැබුන අය, බලාපොරොත්තු ඉටුවුන ඔබ හොදින් හදුනන අය කීප දෙනෙක් ගැන කීවොත්, ඔබේ මනස කලින් වතාවට වඩා වැඩියෙන් ඒ දේ විශ්වාස කරන්න පටන් ගන්නවා.
සාර්ථක වුන පුද්ගලයන්ගේ චරිත කතා හරහාත් වෙන්නේ මීට සමාන දෙයක්, ඔබ වැඩි වැඩියෙන් ඔවුන්ගේ චරිත ස්වභාවයන්, මානසික ස්වභාවය, අත්දැකීම් ඇසුරු කරන්න, ඇසුරු කරන්න, ඔබේ මනස සාර්ථකත්වයට උදව්වන විවිද තත්වයන් පිලිබදව විශ්වාස කරන්න, ඒ වගේම ආකල්පයන් විදිහට ගොඩනගා ගන්න නිරායාසයෙන්ම යොමු වෙනවා.
උදාහරණයක් විදිහට මෙවැනි චරිත කතා කියවන කෙනෙක් කිසිම දිනෙක තමන් දුප්පත් නිසා තමන්ට සාර්ථක වෙන්න බෑ කියලා විශ්වාස කරන්නේ නෑ. මොකද බොහෝමය සාර්ථක වුන මිනිස්සු අතීතයේදී ඉතාම දුප්පත් මිනිස්සු. ඇතැම් විට කන්න බොන්නවත් දෙයක් නැතුව හිටපු අය. එවැනි චරිත පවා සාර්ථක වී ඇති බව නිතර නිතර ඔබේ මනසට ඇතුල් වීමේදී , ටික කාලයක් යන විට එය ඔබෙත් ආකල්පයක් බවට පත් වෙනවා. එවැවි අවස්ථාවක ඔබ කොතරම් අසාර්ථක මට්ටමක සිටියත් තමන්ට සාර්ථක වෙන්න බෑ කියන අදහස ඔබේ මනස තුල ඇති වෙන්නේ නෑ.
මෙන්න මේ වගේ ඔබ සිහින දකින සාර්ථකත්වය ගොඩනගා ගන්න ප්‍රායෝගිකව අවශ්‍යවෙන මානසික තත්වයන් බොහෝමයක් ගොඩනගා ගන්න තියෙන ඉතා සරල මෙන්ම සාර්ථක ක්‍රමයක් තමයි චරිත කතා කියවන එක.
මෙතැනදී කියවනවා කියන එකත් ඉතාම වැදගත්, මොකද ඔබට යමක් කියවනකොට ඔබේ මනස කියවන දේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම යොමු නොකර ැඑ දේ කරන්න හැකියාවක් නෑ. ඒ නිසා චරිත කතාවක් කියවනකොට , වීඩියෝ එකක් බලනවා හෝ සවන් දෙනවාට වඩා වේගයෙන් හා තදින් අදාල කරුනු ඔබේ මනස තුල තැම්පත් වෙන ප්‍රමාණය වැඩියි.
මේ නිසා දවසකට අඩුම එක චරිත කතාවක්වත් කියවන එක පුරුද්දක් කර ගන්න. ටික දවසක් යනකොට මේ පුරුද්ද නිසා ඔබේ ජීවිතය කොයි තරම් වෙනස් වෙනවද කියන දේ ඔබටම දැනෙයි!
සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
ජීවිතය දෙස ධනාත්මකව බලන්න, අභිප්‍රේරණයකින් යුතුව ධනාත්මකව ජීවිතයට මුහුන දෙන්න ඔබත් කැමතිද?
ජීවිතය ගැන අලුතින් සිතන්නට හුරු කරවන, ලොව ජයගත් මිනිසුන්ගේ චරිත කතා, පහසුවෙන් ඔබේ සාර්ථකත්වය තහවුරු කරගත හැකි මනෝවිද්‍යාත්මක ශිල්ප ක්‍රම ඇතුලු ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය බොහෝ දේ දිනපතා කියවන්න, ඔබත් අදම දිනපතා නිකුත්වන Achiever ධනාත්මක චින්තන, අභිප්රෙරණාත්මක ලිපි සේවාවේ සාමාජිකයෙක් වන්න.
Achiever ලිපි සේවාව සක්‍රීය කර ගැනීමට ඔබගේ Dialog, Hutch හෝ Airtel ස්මාර්ට් ජංගම දුරකතනයෙන්, Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න.
දිනකට රු 2.50ක් හා රජයේ බදු ගාස්තු අයවේ ( සෑම දිනකම උදෑසන 8ට ලිපි නිකුත්වීම සිදුවේ )
Comments