මේ ලෝකයේ සාර්ථකත්වය ගැන සිහින නොදකින කෙනෙක් නැති තරම්, නමුත් ඒ සිහින දකින අයගෙන් සැබෑ ජීවිතය තුල සාර්ථක වෙන පිරිස බැලුවොත් එයත් ඉතාම සුලු ප්‍රමාණයක්. ඔබත් මේ වගේම සිහින දැක්කට සැබෑ ජීවිතයේදී එම සාර්ථකත්වය ලබා ගන්න නොහැකි වුන කෙනෙක් නම් එම තත්වය වෙනස් කරගන්න ඔබ නිශ්චිතවම කරන්න ඕනේ මොනවද කියන දේ ගැන මේ ලිපියෙන් ඔබට ඉගෙන ගන්න පුලුවන්.
මේ තත්වය වෙනස් කරගන්න ඇත්තටම ඔබට අවශ්‍ය කරන්නේ යම් නිශ්චිත පියවර 3ක් අනුගමනය කිරීම පමණයි, එය පහත පරිදි හදුන්වන්න පුලුවන්.
පියවර අංක 1 - කැපවීම ඇතිකර ගැනීම.
කැපවීම ඇතිකර ගැනීම කියන්නේ ඔබට අවශ්‍ය ජීවිතය නිශිචිතවම ලගා කරගන්නවා යන තීරණය ගැනීමත්, එය වෙනුවෙන් කල යුතු ඕනෑම දෙයක් කිරීම වෙනුවෙන් සූදානම් වීමත් යන තත්වයන් දෙක ඔබේ මනස තුල ඇතිකර ගැනීමයි. සාමාන්‍යයෙන් සාර්ථකත්වය කරා යන ගමන අපි කැමති ආකාරයෙන් යාමට ලැබෙන එකක් නෙමේ. එතැනදී අපිට අපහසු, කරන්න අකමැති දේවල් කරමින් ඉදිරියට යන්න සිදුවෙනවා. බොහෝ දෙනෙක් සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන්නේ තමන්ට පුලුවන් ඉපරිමයෙන්, නමුත් ප්‍රායෝගිකව සාර්ථක වෙන්න ඔබ ඔබට හැකි උපරිමයෙන් කැපවෙලා හරියන්නේ නෑ. ඔබ කැපවෙන්න ඕනේ සාර්ථක වීමට අවශ්‍ය ප්‍රමාණයෙන්. ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණය, ඔබට සාමාන්‍යයෙන් හැකි ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා සාර්ථකත්වය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද , එය කිරීම වෙනුවෙන් ඔබේ කැපවීම පවත්වා ගැනීම අනිවාර්යය වෙනවා.
මෙන්න මේ දේ නැතුව සැබෑ ජීවිතය තුල සාර්ථක වෙනවා කියන්නේ ඇත්තටම හීනයක්. නමුත් ඔබට කිසිදු නිදහසට කාරනාවක් නොනගා, 100% සාර්ථක වීම වෙනුවෙන් කල යුතු ඕනෑම දෙයක් කිසීමට කැපවිය හැකිනම් එතැනදී ඔබට සැබෑ ජීවිතය තුල සාර්ථක වීම වෙනුවෙන් එක් පියවරක් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙනවා.
පියවර අංක 2 - දැනුම ලබා ගැනීම.
සාර්ථකත්වය කියන්නේ, සාර්ථක වීම කියන්නේ වෙනමම විශයක්. ඔබ කොතරම් දක්ෂයෙක් වුනත්, ඔබ කොතරම් හැකියාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වුනත් ඔබ ඒ දක්ෂතාවය හෝ හැකියාව පාවිච්චි කරලා සාර්ථකත්වය වෙත ඔබේ ජීවිතය ගෙනියන්න දන්නේ නැත්නම් එතැනදී ඔබට අසාර්ථක වෙන්න සිදුවෙනවා. උදාහරණයක් විදිහට, ඔබ කොතරම් දැනුම සහිත කෙනෙක් වුනත් වැඩක් නෑ, ඔබට විභාගය තුල නිවරැදිව කාලය කළමණාකරණය කරගෙන වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයකට පිලිතුරු සපයන්න බැරිනම්, එතැනදී ඔබට නියත වශයෙන්ම අසාර්ථක වෙන්න සිදුවෙනවා.
මේ නිසා සාර්ථක වෙන ආකාරය ගැන දැනුම ලබා ගැනීම ප්‍රායෝගිකව සාර්ථක වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔබට මේ විශය තුල ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. උදාහරණයක් විදිහට කීවොත් ඔබේ සිතට සාර්ථකත්වය ගැන අදහසක් ආ මොහොතේ සිට ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරයන් වෙනුවෙන්, මනස සකසා ගැනීම, කාලය කළමණාකරණය කරගැනීම, ධනාත්මක බව පවත්වාගෙන යාම වෙනුවෙන් වගේ බොහෝමයක් දේ සදහා ඔබ පාවිචිචි කල යුතු නිශ්චිත ක්‍රමශිල්ප තිබෙනවා. ඒ දේවල් ඔබ දන්නවානම් ඔබ දැනට අමාරුවෙන් කරන බොහෝ දේවල් 80% - 90%ක්ම ලේසි කරගන්න පුලුවන්.
ඒ දේ වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතු මූළික ක්‍රම ශිල්ප බොහෝමයක් අපි , " ජීවිතය දිනන ප්‍රායෝගික මග " කෘතිය තුල ඇතුලත් කරලා තිබෙනවා, ඔබට එය හරහා ප්‍රායෝගිකව සාර්ථක වීම වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතු මුළික දැනුම මට්ටම සම්පූර්ණ කරගන්න පුලුවන්. එය ඔබට මෙතැන click කිරීමෙන් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න පුලුවන්.
පියවර අංක 3 - අත් හදා බැලීම හා පුහුණුව
සාර්ථක වීම කියන්නේ යම් පුහුණුවක් සහිතව ලගා විය යුතු දෙයක්, ඔබට කැපවීම තිබුනාට, ඔබ සාර්ථක වෙන ක්‍රමය ගැන දැනගෙන හිටියට , ඒ දෙයින් විතරක් ඔබට සාර්ථක වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ, උදාහරණයක් විදිහට ඔබට වාහනයක් තිබුනට, එය ඔබ පදවාගෙන යන ආකාරය දැනගෙන හිටියට ඔබට එය පදවාගෙන යන්න පුහුණුවක් නැත්නම් ඔබට සාර්ථකව එම වාහනය පදවාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි සාර්ථකත්වයත්, ඔබට අවම වශයෙන් කැපවීම දැනුම සමගින් වසරකවත් අත්දැකීමක් තියෙන්න ඕනේ, ඔබට දැනෙන සුවිශේෂී ප්‍රතිඵලයක් සැබෑ ජීවිතය තුල ලබා ගන්න.
එතැනින් එහාට ඔබට අවශ්‍ය තීරණ වේගයෙන් ගනිමින්, ඉතා වේගවත් සාර්ථකත්වයක් කරා පිවිසෙන්න අවශ්‍ය තත්වයන් නිරායාසයෙන්ම ඔබ තුල ගොඩනැගෙන්නට පටන් ගන්නවා.
මේ පියවර තුන අනුව ක්‍රියාත්මක වුනොත්, ඔබ අද කවුරු වුනත්, අනාගතයේදී ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට නිශ්චිතවම හැකියාව ලැබෙනවා.
සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
Comments