top of page

හිතේ සීමාව



මේ ලෝකයේ කිසිම මිනිසෙක්ට උවමනාව තියෙනවානම්, කරන්න බැරි දේවල් කියලා කිසිම දෙයක් නෑ. තියෙන ඔක්කොම කරන්න බෑ කියලා හිතෙන දේවල් විතරයි.


බැරි දේවල් , පුලුවන් දේවල්, වෙන්කරන සීමාව තියෙන්නේ ඔබේ හිතේ,

එහෙම නැතුව ඒක සැබෑ ලෝකයේ තියෙන දෙයක් නෙමේ.


ඒ සීමාව කඩා ගන්න පුලුවන් නම්, මේ ලෝකයේ ඔබට කල නොහැකි කිසිම දෙයක් නෑ,


මේ ලෝකයේ ඔබ මොන වගේ සාර්ථකත්වයක් ලගා කරගත්තත්, ඒ සාර්ථකත්වය හැම වෙලාවෙම තියෙන්නේ, ඔබට පුලුවන් කියලා හිතෙන සීමාව ඇතුලේ,


ඒ සීමාව පොඩියි නම්, ඔබ ලබන සාර්ථකත්වයත් පොඩියි,

ඒ සීමාව ලොකුයි නම් ඔබ ලබන සාර්ථකත්වයත් ලොකුයි.


ඒ සීමාව කුඩා වෙන්න වෙන්න ඔබට සාර්ථක වෙන්න තියෙන හැකියාව කුඩා වෙනවා.

ඒ සීමාව ලොකු වෙන්න වෙන්න ඔබට සාර්ථක වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා.


ඒ නිසා හැම වෙලාවෙම මතකයේ තියා ගන්න. බෑ කියලා දෙයක් නෑ... ඒ ඔක්කෝම තමන්ට හිතෙන දේවල් විතරයි කියන එක. තමන් ගමන් කල යුතු මාර්ගය අහු නොවෙනකන් විතරයි ඔය හැම දෙයක්ම බැරි වෙන්නේ.


තමන් කල යුතු දේ හරියට තමන්ගේ මනසට වැටුන ගමන් ඔය බෑ කියලා හිතුන බොහෝ දේවල් පුලුවන් කියලා හිතෙන්න පටන් ගන්නවා.


ඔන්න ඔය ඇත්තත් එක්ක ජීවත් වෙන්න..

එතකොට ජීවිතේ ජයගන්න බැරි කිසිම අරමුණක් ඔබට නෑ,,,


සුබ උදෑසනක්.

29 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page