top of page
Writer's pictureChathuska Amarasekara

හිතපු ආකාරයෙන් සාර්ථක නොවෙන්නේ ඇයි?

Updated: Aug 5, 2019


මම සාර්ථක වෙන්න ඕනේ, මම කොහොම හරි සාර්ථක වෙනවා කියන සිතුවිල්ල ඔබ ඔබේ ජීවිතයේ ඕනෑ තරම් හිතලා ඇති, නමුත් එහෙම හිතුවට ඒ දේවල් ඒ ආකාරයෙන්ම සාර්ථක වුනාද? 90ට එහෙම නෑ. එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?


සාර්ථකත්වය කියන්නේ ඉබේ , වාසනාවට පහල වෙන්නක් නෙමේ, එය ඔබ කරන දෙයක ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නක්. අඹ ඇටයක් පැලකලොත් ඔබට ලැබෙන්නේ අඹ පැලයක්, ඒ වගේම ඔබ වෙරළු ඇටයක් පැලකලොත් ඔබට එයින් ලැබෙන්නේ වෙරළු පැලයක්. මේ විශ්වය තුල සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. හැමදෙයක්ම ඇති වෙන්නේත් නැති වෙන්නේත් හේතුවක් ඇතිව. ඔබ ඒ ආකාරයෙන්ම අසාර්ථක වෙන්නේත් හේතුවක් නිසා. ඔබට ඒ හේතුව නිවරැදිව හදුනා ගන්න පුලුවන්නම් , එය හදුනා ගෙන වෙනස් වෙන්න පුලුවන්නම්, එය තමයි සාර්ථක වීම වෙනුවෙන් ඔබ කල යුතු එකම දෙය වන්නේ.


කෙනෙකුට සාර්ථක වෙන්න වගේම අසාර්ථක වෙන්නත් විවිද ආකාරයේ හේතු තියෙන්න පුලුවන්, ඒවා විවිද ආකාර වලින් වර්ග කරන්නත් පුලුවන්. නමුත් අද අපි ඔබට කියන්න යන්නේ මේ ආකාරයෙන් බලපාන හේතු වලින් 90% දෙනාට ප්‍රබලවම බලපාන සහ වෙනස් කරගත හැකි හේතු කීපයක් ගැන. හොදින් කල්පනා කර බලන්න ඔබ තවමත් අසාර්ථකනම් ඔබ තුලත් මේ හේතු තියෙනවාද යන වග.


1. ඔබ සතුව ලිඛිත ඉලක්ක නෑ


ඔබ අසාර්ථකනම් ඒ අසාර්ථකත්වයට බලපාන ප්‍රබලම හා මූලිඛම හේතුව තමයි ඔබ තුල සාර්ථකත්වය සම්බන්දයෙන් ලිඛිත ඉලක්ක නොමැති කම. දැන් ඔබ කල්පනා කරයි ඇයි ලිඛිත ඉලක්ක අවශ්‍ය කියලා. එය කොහොමද ඒ තරම් බලපෑමක් කරන්නේ කියලා. නමුත් හොදට මතක තියා ගන්න පුංචි ඇටයක් තමයි හැම වෙලාවෙම විශාල ගහක් වෙන්නේ. ඒ වගේම අපි තුල තියෙන පුංචි පුංචි අපි හිතන්නෙත් නැති දේවල් තමයි ඇත්තටම අපේ අසාර්ථකත්වයට වැඩියෙන්ම බලපාන්නේ. මෙය පරීක්ෂණ වලින් ඔප්පු කල කාරනයක්. ලිඛිත ඉලක්කයක් කියන්නේ ඔබ එතරම් සැලකිල්ලක් නොදැක්වුවාට, මනෝවිද්‍යාත්මකව ඔබේ මනස තුල විශාල පෙරලියක් කරන සාදකයක්.


2. ඔබ සිහින ඉලක්ක ලෙස වැරදියට හදුනා ගන්නවා


මේ දේ තමයි බොහෝ දෙනෙක් දෙවනුවට කරන වැරැද්ද, ඉලක්ක කියන්නේ සිහින නෙමේ, සිහින කියන්නේ ඉලක්ක නෙමේ, මේ දෙක දෙකක්, නමුත් බොහෝ දෙනෙක් මේ දෙකේ වෙනස අදුරන්නේ නෑ, " පොහොසතෙක් වීම " " වාහනයක් ගැනීම " , " හොද ගෙයක් හදා ගැනීම " , "හොදින් ඉගෙන ගැනීම" , "හොද රස්සාවක් කිරීම " වගේ අදහස් වලට තමයි බොහෙඔ දෙනෙක් ඉලක්ක කියන්නේ. නමුත් මේ දේවල් ඇත්තටම ඉලක්ක නෙමේ සිහින.


සිහිනයක් තියෙන මිනිසාගෙයි, ඉලක්කයක් තියෙන මිනිසාගෙයි මනසේ ක්‍රියාකාරීතවය 100% වෙනස්. මේ නිසා මේ සිහින ඉලක්ක බවට පත් කලොත් ඔබට ලැබෙන ප්‍රතිඵ්ලත් ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස්.


3. ඔබට මේ මොහොත වන විට ඔබ සාර්ථකත්වයට කොතරම් ලගා වෙලාද යන්න පිලිබද අවබෝධයක් නෑ.


ඔබ අවදිවෙන්නේ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ එදා දවස තුල නිශ්චිතවම කල යුතු දේ ගැන නොදැනනම්, ඔබ නින්දට යන්නේ ඔබ එදා දවස තුල කොතරම් සාර්ථකද එය අවසාන වශයෙන් ඔබ සිහින දකින ජීවිතයට, සාර්ථකත්වයට ලගා වීම වෙනුවෙන් කොතරම් දුරකට බලපෑමක් ඇති කලාද යන්න පිලිබද අවබෝධයක් නැතිවනම් එය තමයි මීලගට ඔබ අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන සාදකය.


මෙහෙම වෙන්නේ ඔබට ඔබේ සාර්ථකත්වය වෙත යාම වෙනුවෙන් නිශ්චිතව සැලැස්මක් නැති කම, ඔබ කරන්නේ ඔබ කල යුතු දේ නෙමේ ඔබට කරන්න සිදුවෙන දේ. ඔබ කරන දෙය හා එහි ප්‍රතිඵලය ගැන ඔබට අවබෝධයක් නෑ.


4. ඔබට කාලයේ වටිනාකම ගැන අවබෝධයක් නෑ


ඔබට හිතෙන්නේ නෑ ඔබ සතු කාලය සීමා සහිත බව. ඔබට හැම වෙලාවෙම හිතෙනවා ඔබට සාර්ථක වෙන්න කල් තියෙන බව, ඔබට අපතේ යන මිනිත්තුව , දෙකලොකු දෙයක් විදිහට දැනෙන්නේ නෑ. ඔබට පැයක් දෙකක් වුනත් අනවශ්‍ය දෙයක් වෙනුවෙන් වැය කරන්න පුලුවන්. ඔබට එම කාලය අපතේ යන බව දැනෙන්නේ නෑ. ඔබට හිතෙනවා මේ කාලය අපතේ ගියත් ඒ දේ එතරම් ගැටලුවක් නෑ කියලා. ඔබ දින සැලැස්මක් පාවිච්චි කරන්නේ නෑ. එකිනෙක රාජකාරිය වෙනුවෙන් වැයකල යුතු උපරිම කාලය ගැන ඔබට අවබෝධයක් නෑ.


මෙන්න මේ දේ තමයි ඔබව අසාර්ථක කරන මීලග හේතුව. මෙයට හේතු වෙන්නෙත් ඔබ සතුව ඉලක්ක හා සැලසුම් නැතිකම, එහෙම නැත්නම් එම ඉලක්ක හා සැලසුම් නිවරැදිව සකස් කර නැති කම.


5. ධනාත්මක ආකල්ප හා මනසක් නැතිකම


මේක තමයි බොහෝ දෙනෙක් තම අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතුව ලෙස දකින්නේ, නමුත් ඇත්තටම මේක තමයි අවසාන හේතුව. ධනාත්මක ආකල්ප, මනසක් නැත්නම් ඔබට ගැටලු බිදගෙන, ජවයකින් ඉදිරියට යන්න බෑ. නමුත් ඔබට ඉහත ඉලක්ක සැලසුම් කියන දේවල් නැත්නම් ඔබ කොතරම් ධනාත්මක වුවත් බාදක බිදගෙන කුමක් වෙතද ලගා වෙන්නේ?


ඉලක්ක සැලසුම් නැතුව ධනාත්මක මනසක් ඇතිකර ගැනීම ඔබට ජීවිතේ දියුනුවක් ලබා දෙනෙනි නෑ, නමුත් ඔබට එදිනෙදා මුහුන දෙන ගැටලු වලට මුහුන දෙමින් සිටීමේ හැකියාව ඇතිකරනවා. මේ නිසා සෑම විටම ඔබේ ඉලක්ක හා සැලසුම් වලට අනුකූලව ආකල්ප හා ධනාත්මක බව වැඩිකරගන්න කටයුතු කිරීම වැදගත්.


____

ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.


ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf



402 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page