හිතන විදිහ නෙමේ ප්‍රශ්ණේ, "හිතෙන" විදිහ...
- Chathuska Amarasekara

- Nov 15, 2021
- 1 min read

හිතන විදිහ වෙනස් කරන්න, එතකොට ජීවිතේ වෙනස් කරගන්න පුලුවන් කියන එක සාර්ථකත්වය ගැන උගන්වන බොහෝ දෙනෙක් ඔබට කියන කතාවක්...
නමුත් මේ කතාව ඇත්තටම හරිද?
අපි අසාර්ථක වෙන්නේ ඇත්තටම අපි හිතන විදිහ නිසාද?
ඔබ හිතන විදිහ වෙනස් වුනාම, ඔබ සාර්ථක වෙන්න, ඔබ අසාර්ථක වුනෙත් හිතලාද?
අපි කවුරුත් හිතලා අසාර්ථක වුනේ නෑ. අපි කවුරුත් උවමනාවෙන් මනස මෙහෙයවලා අසාර්ථක වුනේ නෑ. අපි කොහොමත් හිතුවේ සාර්ථකත්වය ගැනම තමයි.
අපි කොහොමත් හිතුවේ සාර්ථක වීම ගැනම තමයි.
නමුත් ප්‍රශ්ණේ, අපි සාර්ථකත්වය ගැන හිතුවට, අපිට හිතුන විදිහ වෙනස් වීම...
මේ ලෝකයේ බොහෝ දෙනෙක්ව අසාර්ථක කරන්නේ ඔවුන් හිතන විදිහ නෙමේ, ඔවුන්ට හිතෙන විදිහ. ඔබට හිතෙන විදිහ වෙනස් නොකර ඔබ හිතන විදිහ කොතරම් වෙනස් කරන්න හැදුවත් ඒක හරියන වැඩක් නෙමේ.
සාමාන්‍ය මට්ටමකදී, මට පුලුවන් මම කොහොම හරි සාර්ථක වෙනවා කියලා හිතන එකයි, ජීවිතේ අන්තිම අඩියට කඩාගෙන වැටුන වෙලාවක, "මට බෑ" කියලා නොහිතෙන එකයි කියන්නේ එකක් නෙමේ දෙකක්.
ඔබට හිතෙන විදිහ වෙනස් නොවන තෙක් ඔබ කවදාවත් ධනාත්මක මිනිසෙක් වෙන්නේ නෑ.
මේ ලෝකයේ සාර්ථක වුන මිනිස්සු හැමෝම, හිතන විදිහ වෙනස් කරගත්ත අය නෙමෙයි, හිතෙන විදිහ වෙනස් කරගත්ත අය. ඒක තමයි සාර්ථකත්වයේ සැබෑම රහස.
ඔබට සුබ උදෑසනක්...



Comments