top of page
Writer's pictureChathuska Amarasekara

සිහින සීමා නොකරන්න.



ඕනෑම මිනිසෙකුගේ සාර්ථකත්වයේ ආරම්භය වන්නේ සිහිනයකි. සියල්ලම අරම්භ වන්නේ එතැනිනි. යම් සාර්ථකත්වයක් ගැන ඔබට සිහිනයක් නොමැතිනම්, ඔබට එය ඉලක්කයක් කර ගන්නවත්, ඒ වෙනුවෙන් සැලැස්මක් සකසා ගන්නවත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නවත් නොහැකිය. එහෙයින් සියල්ලෙහිම ආරම්භය වන්නේ සිහිනයයි.


නමුත් බොහෝ දෙනෙක් තම ජීවිතයේ තමන්ට කර ගන්නා විශාලම වැරැද්දක්ද මේ සිහින සමග බැදී පවතී, එනම් සිහින සීමා කිරීමයි. බොහෝ දෙනෙක් තමන්ගේ සිතේ මැවෙන සිහින තමන්ගේ වර්ථමණ ජීවිතය සමග සසදමින් සීමා කිරීමට පෙලබෙයි. තමන්ට සැබවින්ම තම ජීවිතයේ ලගා කර ගැනීමට අවශ්‍ය තත්වයන් ගැන නිදහසේ සිහින දැකීමට බිය වෙයි. වර්ථමාණයේ තමන් සිටින තත්වයත් සමග සසදා එය සිහිනයක් පමණක් යයි සිතයි. ප්‍රායෝගික නොවන බලාපොරොත්තුවක් යයි සිතයි. නමුත් ඔබ තදින් සිත තබා ගත යුතු දෙයනම් , ඔබේ සිතේ මැවෙන සෑම දෙයක්ම ඔබට සැබෑ කරගත හැකි ප්‍රායෝගික දෙයක් බවයි.


ඔබ දකින සිහිනය ඇතැම් විට මේ ලෝකයේ සිටින සියලුම මිනිසුන් සිනාසෙන, ප්‍රතික්ෂේප කරන සිහිනයක් විය හැකිය. එය කවදාවත් කල නොහැකියයි සිතනවා විය හැකිය. නමුත් මම ඔබට කියන්නේ එම සිහිනය දිගටම දකින ලෙසටය, එම සිහිනය අත් නොහරින ලෙසටය. මක් නිසාද ඔබට එය වෙත ලගා වීමට මගක් හමු වන්නේ ඔබ ඒ පිලිබද සිහින දැක්කොත් පමණක් බැවිනි.


මාකොනි මුලින්ම කිසිම රැහැනක් නැතිව, එක් තැනක සිට තවත් තැනකට නොපෙනෙන තරංගයක් හරහා හඩක් හෝ පණිවිඩයක් රැගෙනයා හැකි බව කියූ විට මිනිසුන් ඔහුව මානසික රෝගියෙක් ලෙස, විකාර කියවන මිනිසෙක් ලෙස ප්‍රතික්ෂේප කලේය. අවසානයේ ඔහුව අල්ලාගෙන ගොස් මානසික රෝහලක රැදවූවේය. නමුත් මාකෝනි සිහින අත් නොහැරියේය. අවසානයේ අද එය සජීවී හඩ හා රූප රැගෙන සන්නිවේදනය කල හැකි මට්ටමටම දියුනු වී හමාරය. ඔබ දකින සිහින වලට සැබවින්ම අනිත් මිනිසුන් සිනා සුනේ නැත්නම්, එයින් ඇත්තටම වැඩක් නැත. එවිට එය සාම්ප්‍රධායික, සාමාන්‍ය මිනිසෙකුගේ සාමාන්‍ය සිහිනයක් වනු ඇත. අප කිසිවෙක් එසේ විය යුතු නැත. අප සෑම කෙනෙකුටම මේ ලෝකය වෙනස් කල විශිෂ්ටයෙකු වීමට හැකියාවක් ඇත. එය අපට උරුමව ඇත. අප එය ලගා කරගත යුතුය.


ඔබ මේ ලෝකයට පැමින , ජීවත්ව, කිසිවෙක් නොදන්නා සාමාන්‍ය මිනිසෙක් ලෙස මිය යනවානම් එහි කිසිදු වටිනාකමක් නැත. එබැවින් ඔබ ඔබේ ජීවිතය විශිෂ්ඨත්වය කරා මෙහෙය විය යුතුමය. විශාල , තමන්ට සැබැවින්ම අවශ්‍ය සිහින දැකීමට පටන් ගත යුතුමය. එය නිසකවම ඔබේ ජීවිතය වෙනස් වීමේ ආරම්භය වනු ඇත.


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක : චතුස්ක අමරසේකර




309 views

Yorumlar

5 üzerinden 0 yıldız
Henüz hiç puanlama yok

Puanlama ekleyin
bottom of page