සුප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ වරයා වන ස්ටීව් ජොබ්ස් විසින් වරෙක මෙලෙස සදහන් කර ඇත,
"සොහොනේ සිටින පොහොසත්ම පුද්ගලයා වීමට මට හැකිද යන්න පිලිබදව මට ගැටලුවක් ඇත්තේ නැත. මට ඇති ගැටලුව වන්නේ රාත්‍රී නින්දට ගිය පසු අද මා විශේෂ දෙයක් සිදුකලා යනුවෙන් පැවසිය හැකිද යන්න පිලිබද ගැටලුවයි"
මා ඔබෙන් ප්‍රශ්ණයක අසන්නට කැමැත්තෙමි, ඔබ මේ මොහොත වන විට පෙර දින මා සුවිශේෂී දෙයක් කලා, ඔබගේ රැකියාව අද්යාපනය , සෞඛ්‍ය, ආදරය හෝ පවුල් ජීවිතය වැනී ඕනෑම දෙයක සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කර ගත්තා, සුවිශේෂී පියවරක් තැබුවා යයි සතුටු විය හැකිද?
එහෙමත් නැත්නම් ඔබ මේ මොහොත වන විට, අද රාත්රියේදී "මම අද විශේෂ සාර්ථකත්වයක් ලබා ගත්තා" යනුවෙන් කියන්නට හැකි වන ආකාරයෙන් ඔබගේ අද දවස කලමණාකරනය කරගෙන තිබෙනවාද?
ලෝකයේ සුවිශේෂී සාර්ථකත්වයක් ලබා ඇති මිනිසුන් තම අවසාන ඉලක්ක පිලිබදව මෙන්ම තම දෛණික සාර්ථකත්වය පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්වූ බව මා ඔබට පෙර ලිපි වලද සදහන් කර ඇත. ස්ටීව් ජොබ්ස් මහතාගේ ඉහත ප්රකාශයෙන්ද එය මනාවට පෙනේ,
සෑම දිනකම එකම දේ කරමින් ඔබට වෙනස් ප්‍රථිඵල ලබා ගැනීමේ හැකියාවක් නැත. එකම දේ නැවත නැවත කිරීමෙන් වෙනස් ප්‍රථිඵල බලපොරොත්තු විය නොහැකි බව වරක් ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත. සුවිශේෂී බව ලගා වන්නේ සුවිශේෂි වෙනස්කම් තුලිනි, එමෙන්ම සුවිශේෂී ඉලක්ක ස්ථාපනය කිරීම තුලිනි.
එමෙන්ම සෑම ඉලක්කයක්ම ජයගත හැක්කේ පියවරින් පියවර ඒ වෙතට ලගා වීමෙනි. පියවරෙන් පියවර සාර්ථක කර ගැනීමෙනි. ඔබ වසරකින් හෝ වසර කීපයකින් ලගා වීමට බලාපොරොත්තුවන ඉලක්කය සෑබෑ ලෙසින්ම ජයගත හැක්කේ ඔබ ඒ වෙනුවෙන් අද කිරීමට ඇති දේ නිවරැදිව හා සාර්ථකව ඉටුකලානම් පමණි.
අද දිනය තුල ඔබගේ ජීවිතය තුල ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂී වෙනස්කමක් කරන්නට සූදානම් වන්න . අද දිනය සුවිශේෂී ජයග්රහනයක් සමගින් නිමා කිරීමට අදිෂ්ඨානශීලී වන්න. එසේ වුවහොත් නිසක වශයෙන්ම අද දිනය ඔබේ සාර්ථකත්වය පිනිස වන එක් සුවිශේෂී පියවරක් වනු ඇත.
Comments