top of page
Writer's pictureChathuska Amarasekara

සාර්ථක ව්‍යාපාරිකයෙක්, අලෙවිකරුවෙක් වෙන හැටි

Updated: Mar 29, 2020



විකුණුම් සාර්ථකත්වය, අලෙවි සාර්ථකත්වය ගැන කතා කරනකොට ඒ ගැන හරියටම කියලා දෙන්න පාවිච්චි කරන්න පුලුවන් ඉතාම හොද මාතෘකාවක් තමයි , ජීවිත රක්ෂණය කියන්නේ. හොදට හිතන්න...


මේ ලෝකයේ ජීවත්වන කිසිම මිනිසෙක්ට තමන්ගේ ජීවිතය තරම් වටින වෙන කිසිම දෙයක් නෑ. ඉන්පසු එතැනින් එහාට තියෙන ප්‍රධාන කාරණය තමයි, තමන්ගේ ජීවිතයට බද්ද වුන, තමන්ගේ පවුලේ යැපෙන්නන්ගේ අනාගතය. සාමාන්‍ය මිනිසෙක්ගේ ජීවිතේ මෙතැනින් එහාට වටින දෙයක් සැබෑ ලෙසින්ම නැති තරම්.


අන්න ඒ ජීවිතයට යම් කිසි විදිහකින් යම්කිසි ගැටලුකාරී තත්වයක් ඇති වුනොත්, ඒ වෙනුවෙන් ඔබට හා ඔබේ යැපෙන්නන්ට යම් කිසි සහනයක්, සුරක්ෂත බවක් ඇතිකිරීම වෙනුවෙන් සැකසුනු දෙයක් තමයි ජීවිත රක්ෂණය කියන්නේ.


එහෙම බැලුවොත් ජීවිත රක්ෂණයක උවමනාවක් නැති පුද්ගලයෙක් මේ ලෝකයේ නොමැති තරම්. සෑම මිනිසෙක්ගේම මනස තුල ස්වභාවයෙන්ම තමන් සුරක්ෂිත වීම හා තමන්ට යම්කිසි යමක් සිදු වුනොත් ඒ හරහා වන හානියෙන් තම යැපෙන්නන් බේරා ගැනීම කියන අවශ්‍යතාවය නියත වශයෙන්ම තියෙනවා.


බොහෝ විට සාමාන්‍ය මිනිසෙක්ගේ සම්පූර්ණ ජීවිතේම ගොඩනැගිලා තියෙන්නෙත් මේ කාරණාව මත. ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ සාර්ථකත්වය හෝ හීන ගැන හිතන්නෙත් මේ මූළිඛ සුරක්ෂිත බව ලගා කරගත්තාට පසුව ලගා කරගත යුතු දෙයක් විදිහට.


නමුත් ඔබ ප්‍රායෝගිකව හිතලා බලන්න, මේ මූළිඛ සහ ප්‍රබල මිනිස් අවශ්‍යතාවය පදනම් කරගෙන සැකසුනු නිශ්පාදනයක් වුන ජීවිත රක්ෂණය අලෙවි කිරීම, මේ මොහොත වන විටත්, ප්‍රායෝගික ලෝකයේදී කොතරම් පිරිසකට , කොතරම් අසීරු කටයුත්තක් බවට පත්වෙලා තියෙනවද? ඔබ රක්ෂණ සමාගමක රැකියාව කරනවානම් හෝ රක්ෂණ සමාගමක රැකියාව කරන යම්කිසි කෙනෙක් ඔබ හදුනනවානම් ඔබට මේ සම්බන්දයෙන් ප්‍රායෝගික අත්දැකීමක් නියත වශයෙන්ම ඇතුවාට සැකයක් නෑ.


නමුත් ඔබ හොදට හිතලා බලන්න... ඇත්තටම මේ තරම් මූළිඛ, ප්‍රමුඛ, ප්‍රබල මිනිස් අවශ්‍යතාවයක් සදහා නිර්මානය වුන සේවාවක් මේ තරමට අලෙවි කරන්න අමාරු වෙන්නේ ඇයි ?


ඒ වගේම ඔබ තව දෙයක් හිතලා බලන්න, ඔබ දන්නවා වතුර කියන්නේ මේ රටේ ඕනෑ තරම් තියෙන දෙයක්. මේ රටේ ඕනෑම තැනකදී ඔබට වතුර ටිකක් බොන්නට අවශ්‍ය වුනොත් ඔබට, මේ රටේ ජීවත්වන ඕනෑම මිනිහෙක්ගෙන් , එක සතයක් වියදම් නොකර බොන්න වතුර ටිකක් ඉල්ල ගන්න මේ මොහොත වන විටත් පුලුවන්.


නමුත් එහෙම රටක මේ මොහොත වන විටත් බෝතල් කල පානීය ජලය කියන්නේ ඉතාම ඉහල ලාභ ලබන ව්‍යාපාරයක්. එය කොතරම් ලාභ ලබනවාද කියතොත්, අද වන විට විවිද සන්නම් නාම යටතේ පවා වතුර බෝතල් විවිද ඉහල මිල ගනන් වලට අලෙවි වෙනවා. ඒ වගේම මෙතරම් වතුර තියෙන රට තුල විවිද රට වලින් වතුර ආනයනය කරලා පවා, ඉතාමත් ඉහල මිල ගනන් වලට අලෙවි කිරීම සිදු කරනවා.

ඒ වගේම මේ රටේ ජීවත් වන හැම මනුස්සයෙක්ම දන්නවා, තමන් වතුර ටිකක් ඉල්ලුවොත් ඕනෑම කෙනෙක් වතුර ටිකක් තමන්ට දෙන්න පසුබට නොවන බව. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අපේක්ෂා නොකරන බව. නමුත් මිනිසුන් අද වන විට එසේ වතුර ලබා ගන්නවාට වඩා , වෙලද සැලකට ගිහින් වතුර බෝතලයක් මිලදී ගැනීමට ප්‍රිය කරනවා.

හොදට හිතලා බලන්න...


මේ තරම් වතුර තියෙන රටක මිනිස්සු, ඕනෑ තරම් නොමිලේ වතුර ලබා ගන්න පුලුවන් හැකියාව තියෙද්දිත්, මුදල් ගෙවලා වතුර මිලට ගන්න පෙලබෙනවා.


ඒ වගේම හැම මිනිසෙක්ගෙම මූලිඛ අවශ්‍යතාවයක් පදනම් කරගෙන සැකසුනු ජීවිත රක්ෂණය ගැන ඇතැම් වෙලාවට රක්ෂණ නියෝජිතයෙක් සමග කතා කරන්නත් මිනිස්සු උනන්දුවක් දක්වන්නේ නෑ.

මොකක්ද මෙතැන තියෙන අවුල? මෙන්න මේ අවුල ගැන ඔබ හරියට තේරුම් ගත්තොත්, ඒ මොහොතේ පටන්, ඔබ ඔබේම ව්‍යාපාරයක් කලත්, එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක අලෙවි නියෝජිතයෙකු ලෙස වෘත්තියක නිරත වුනත් ඒ ඕනෑම දෙයකින් ඔබ ඉහලටම ගමන් කිරීමනම් කාටවත් නතර කරන්න ලැබෙන්නේ නෑ...


ඒ නිසා වැඩිය වැල් වටාරම් කියන්නේ නැතුව මෙන්න මේ අවුල මොකක්ද කියන දේ මම ඔබට කෙලින්ම කියලා දෙන්නම්. මෙතන තියෙන ඇත්තම අවුල මේකයි...අලෙවි කිරීම, විකිණීම කියන්නේ වෙනමම කලාවක්. නොමිලේ ලබා ගන්න පුලුවන් දේ මිලදී ගන්න පෙලබෙන්නෙත්, අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න පසුබට වෙන්නෙත් ඇත්තමට වෙන කිසිම දෙයක් නිසා නෙමේ මෙන්න මේ විකිණීම , අලෙවි කිරිම කියන කලාවේ හෝ ව්ශයේ දැනුවත් බව හා දක්ෂතාවය මත ගොඩනැගෙන දෙයක්.


යමක් අලෙවි කිරීම කියන්නේ ඇත්තමට මානසික ක්‍රීඩාවක්. මිනිසුන්ගේ මානසික ස්වභාවය තේරුම් ගනිමින්, මනස තුල වන නිවරැදි, ගැලපෙන ස්ථානයන් උද්දීපණය කරමින්, යමක් මිලදී ගැනීම වෙනුවෙන් පෙලබවීම කියන්නේ ඉතාම සූක්ෂමව කල යුතු මානසික ක්‍රීඩාවක්.

නමුත් බොහෝ දෙනෙක් මෙන්න මේ දේ තේරුම් ගන්නේ නෑ. ඔවුන් බොහෝ දෙනෙක් , බොහෝ වෙලාවට කරන්නේ සාම්ප්‍රධායික විකුණුම් රටාව තුලම යමින් කෙලෙස හෝ තම භාන්ඩය හෝ සේවාව අලෙවි කිරීමට යාම පමණයි.


නමුත් ඔබ හිතන්න ඔබ පාරිබෝගිකයෙක්නම්, ඔබ වෙතට යම් පුද්ගලයෙක් පැමින, යම් කිසි දෙයක් කෙලෙස හෝ අලෙවි කිරීමේ උත්සාහයක් දරන බව ඔබට දැනුනොත් , ඇතැම් විට ඒ දේ ඔබට අවශ්‍ය වුනත් ඔබ එය මිලදී ගැනීමට පසුබට වන මානසික ස්වභාවයක් ඔබ තුල නිර්මානය වන්නේ නැද්ද? නියත වශයෙන්ම ඔබත් ඒ දෙය ඒ ආකාරයෙන්ම සිදුකරනවා.


ඔබ හොදින් මතක තබා ගන්න අප දැන් ජීවත් වන්නේ කාර්මික යුගයේ නොවන බව. මීට වසර ගනනාවකට කලින් නම් ඔබ යම් නිශ්පාදනයක් හෝ සේවාවක් යම් පුද්ගලයෙකුට හදුන්වා දීමේදී එය කුමක්ද යන්න අහගෙන සිටින්නට තරම් අවශ්‍යතාවයක් මිනිසුන් තුල තිබුනා. මොකද ඒ යුගයේදී මේ තරම් මේ තරම් විශාල දත්ත ප්‍රමාණයක් මිනිසුන්ට ලැබීම සිදුවුනේ නෑ.


නමුත් අද එවැනි තත්වයක් නෑ. අද ඉතාම වේගයෙන් තොරතුරු හුවමාරු වෙනවා. ඔබ යම් නිශ්පාදයනක් හෝ සේවාවක් පාරිබෝගිකයෙක්ට ඉදිරිපත් කරන මොහොතේදීම , ඔහුට හෝ ඇයට ඔබේ තරග කරුවන්ගේ භාන්ඩ හා සේවා සමග ඒ දේ සසදමින් ක්ෂණික තීරණ ගැනීම් කරන්න හැකියාව තියෙනවා. අද වන විට ඕනෑම දෙයක් සම්බන්දයෙන් පාරිබෝගික දැනුවත් බව තියෙන්නේ ඉතාම ඉහල මට්ටමක.


රථවාහන අලෙවිය වැනි ක්ෂේත්‍රයක් දෙස බැලුවොත් ඔබ යම් වාහනයක් අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී , පාරිබෝගිකයා එය මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඇතැම් විට මුලු රට පුරාම අලෙව් කිරීමට ඇති ඒ හා සමාන වාහන වල දත්තයන් තමන් සතුව තියාගෙන.

මේ නිසා ඔබව හදුන්වා දෙමින්, ඔබේ ආයතනය හදුන්වා දෙමින්, ඉන්පසු ඔබේ භාන්ඩ හා සේවා ඉදිර්පත් කරමින්, එහි වාසි සහගත තත්වයන් පැහැදිලි කරමින් පාරිබෝගිකයාට යමක් අලෙවි කිරීමට උත්සාහ කිරීමේ විකුණුම් රටාව අද වන විට කිසි ලෙසකින්වත් සාර්ථක වන විකුණුම් රටාවක් වන්නේ නෑ. නමුත් අදටත් බොහෝ ආයතන වල සිටින 90% අලෙවිකරුවන් භාවිතා කරන්නේ මෙන්න මේ සාම්ප්‍රධායික විකුණුම් රටාවම තමයි!


මේ නිසා ඔවුන් බොහෝ වෙලාවට ඉතා දැඩි වෙහෙසක් දැරුවත්, ඔවුන්ට සැලකිය යුතු මට්ටමකින් සාර්ථක වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. බොහෝ වෙලාවට ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය හෝ වෘත්තිය එපා වෙන තෙක්ම මේ තත්වය වර්ධනය වීම අද වන විට ඉතාම සුළභ තත්වයක්.

මෙන්න මේ නිසා මේ මානසික ක්‍රීඩාව හරියට ඉගෙනගෙන ක්‍රීඩා කිරීම ඉතාම වැදගත්, මොකද ඒ දේ හරියට කලොත් ඕනෑම පාරිබෝගිකයෙක් ඔහු සතු මුදල් ඔබට දීලා ඔබේ භාන්ඩය හෝ සේවාව කිසිදු පමාවකින් තොරව මිලදී ගන්නා තැනට පත් කිරීම ඔබට පහසුවෙන් කල හැකි වනවා.

ලෝකයේ මූළ්‍යමය අතින් සාර්ථක වූ ව්‍යාපාරිකයන් හෝ වෙනත් ඕනෑම කෙනෙක් දිහා බලන්න. ඔවුන් සියල්ලම මෙන්න මේ දේ කලාව හරියට තේරුම් ගත්ත පුද්ගලයන් බව එවිට ඔබට තේරේවි.


ලෝකයේ වැඩිම පිරිසක් අහන ගීත ලෝකයේ හොදම, රසවත්ම, අලංකාරම හා දක්ෂම ගායක ගායිකාවන් විසින් ගායනා කල ගීත නොවෙයි, ඒ සියල්ලම ඇසීම වෙනුවෙන් මිනිස් මනස පෙලබවීමට සමත් වූ දේවල්.


ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන භාන්ඩ හා සේවා යනු හොදම භාන්ඩ හා සේවා නොවෙයි, ඒ සියල්ල හොදින්ම මිනිස් මනස මිලදී ගැනීම වෙනුවෙන් මෙහෙයවීමට සමත් වූ භාන්ඩ හා සේවාවන්.


ලෝකයේ වැඩිම ආදායම් ලබන චිත්‍රපට ගැන සිතන්න, ඒ ලෝකයේ නිපදවන හොදම චිත්‍රපට නොවෙයි, නැරබීම වෙනුවෙන් හොදින්ම මිනිස් මනස පෙලබවීමට සමත් වූ චිත්‍රපට පමනයි.


මේ නිසා ඔබටත් , ව්‍යාපාරික වශයෙන් සැබෑවටම දියුනු වෙන්න ඕනේනම්, ආදායම් වැඩිකර ගන්න ඕනේනම්, එහෙමත් නැත්නම් විකුණුම් හෝ අලෙවිකරණ අංශයෙන් සාර්ථක වෘත්තිකයෙක් වෙන්න අවශ්‍යනම්, හැමදාම මාසේ අන්තිමට විකුණුම් ඉලක්ක වලට ලගා නොවීම ගැන දොස් අහනවා වෙනුවට, සාර්ථක පුද්ගලයෙක් ලෙස ආයතනයේ කැපී පෙනෙන්න ඕනේනම් , අවම වශයෙන් ප්‍රායෝගිකව මේ කලාවේ මූලිඛ දේවල් ටිකවත් හරියට ඉගෙනගෙන ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම ඉතාම වැදගත්.


මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොතමෙතැන Click කර Download කර ගන්න.



359 views

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page