top of page

සාර්ථක මිනිසෙක් ලෙස හිතන්න හුරු වෙන්න පියවර 10ක්



ඕනෑම කාරනයක් දෙස බැලීමේදී සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රබලම සාදකය වන්නේ මනස බව අප මීට පෙර කීප අවස්තාවකදීම සදහන් කර ඇත. සිතුවිලි වෙනස් කිරීමේන් ජීවිතයේ පැහැදිලි වූ වෙනසක් ඇති කර ගැනීමට මේ ලෝකයේ වෙසෙන ඕනෑම පුද්ගලයකුට හැකියාවක් ඇත. 


නමුත් සැබවින්ම ප්‍රායේගිකව ඔබගේ මනසේ සිතුවිලි වෙනස් කර ගත හැක්කේ කෙසේද?


රොබර්ට් කියොසාකි නම් මූල්‍ය උපදේශක වරයා පවසන අන්දමට යමෙකුට සාර්ථක වීමට කල හැකි හොදම දෙය වන්නේ සාර්ථක පුද්ගලයන් කරන දේ කිරීමයි, ඒ ආකාරයෙන්ම සාර්ථකත්වය උදෙසා මනස සකසාගත හැකි හොදම ක්‍රමය වන්නේද සාර්ථක මිනිසුන් සිතන ආකාරයෙන් සිතන්නට හුරු වීමයි.


සාර්ථක මිනිසෙකු ලෙස සිතන්නට හුරු වීම උදෙසා පහත ක්‍රම 10ය අවස්ථානුකූලව අනුගමනය කරන්න.


1. ඔබට කනගාටුවක් ඇති වූ අවස්ථාවක.

සාර්ථක මිනිසුන් මෙවැනි අවස්ථාවක දුක් වනවාද? ඔවුන් මෙවැනි අවස්ථාවක කුමක් කරනු ඇත්ද යන්න සිතන්න.


2. ඔබට අලුත් අදහසක් පහල වූ විට

සාර්ථක මිනිසෙකුට මෙවැනි අදහසක් පහල වුවහොත් කුමක් කරනු ඇත්ද යන්න සිතන්න.


3. ඔබ ඇදුමක් අදින විට හෝ තෝරා ගැනීමේදී

ඔබ තෝරාගන්න ඇදුමෙන් ඔබ සාර්ථක මිනිසෙකු ලෙස දිස් වෙනවාද යන්න සිතා බලන්න.


4.ඔබ කතාබහ කරන විට,

ඔබ කතා කරන්නේ සාර්ථක මින්සෙකු ලෙසද, සාර්ථක මිනිසුන් කතා කරන්නේ මේ ආකාරයෙන්ද යන්න සිතා බලන්න.


5. ඔබ යමක් කියවන විට,

ඔබ කියවන්නේ සාර්ථක මිනිසෙකු කියවන දෙයක්ද, සාර්ථක මිනිසුන් මෙවැනි දේ කියවනවාද යන්න සිතන්න.


6. ඔබ යමක් සාකච්චා කරන විට

ඔබ සාකච්චා කරන දෙය සාර්තක මිනිසුන් විසින් කතාකරන ආකාරයේ දෙයක්ද යන්න සිතා බලන්න.


7.ඔබට තරහක් ඇතිවුන විට,

ඔබ ක්‍රියා කරන්නේ සාර්ථක මිනිසෙකුට තරහක් ඇති වූ අවස්තාවක ක්‍රියාකරන ආකාරයටද යන්න සිතා බලන්න.


8.ඔබ විහිලුවක් කරන විට,

ඔබ කරන විහිලුව සාර්ථක මිනිසෙකුට ගැලපෙනවාද යන්න සිතා බලන්න.


9. ඔබ රැකියාවේ නිරතව සිටින විට,

ඔබ රැකියාව කරන්නේ සාර්ථක මිනිසෙකු තම රැකියාවේ නිරතවන ආකාරයෙන්ද යන්න සිතා බලන්න


10.ඔබ ඔබ පිලිබදව සිතීමේදී හා කතා කිරීමේදී,

,ඔබ පිලිබදව සිතන්නේ හා කතා කරන්නේ සාර්ථක මිනිසෙකු තමන් පිලිබදව සිතන හා කථා කරන ආකාරයටද යන්න නැවත සිතා බලන්න.


මේ ආකාරයෙන් සෑම මොහොතකම ඔබගේ මනස සාර්ථකත්වයට හුරු කරගැනීමට උත්සාහ කරන්න. ඔබට මෙයින් ඔබගේ මනස මෙන්ම ඔබගේ ආකල්ප හා ක්‍රියාකාරකම් වලද සාර්ථක වෙනසක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත.



මෙවැනි Blog සටහන් දිනපතා උදෑසන ලබා ගන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න

| දිනකට රු.2.50 හා රජයේ බදු ගාස්තු අයවේ

 
 
 

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page