top of page
Writer's pictureChathuska Amarasekara

සාර්ථක නොවෙන්නට සාදාරණ හේතු මේ ලෝකයේ නැත.


මොහුගේ නම Nicholas James Vujicic (Nick Vujicic) , වයස අවුරුදු 32යි . මොහු උපතින්ම අත් පා අහිමිවයි මේ ලෝකයට ආවේ. ඔහුගේ මේ අස්වභාවික පිහිටීම නිසා ඔහු තමාගේ කුඩා කාලය ගෙව්වේ ගොඩක් කළකිරීමෙන්. අනිත් ළමයි සෙල්ලම් කරනකොට මේ පුංචි Nickට වුනේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න, අඩුම තරමේ තමන්ගේ වැඩක්වත් තව කාගෙවත් උදව්වක් නැතිව කරගන්න ඔහුට පුලුවන් කමක් තිබුනේ නෑ. ඒ වගේම ඔහු කුඩා කාලයේ මේ ආකාරයෙන් මේ ලෝකයට මැවීම ගැන (ඔහුගේ ආගමික විශ්වාසය අනුව ) ඔහු දෙවියන්ට පවා වෛර කරන්න පටන්ගත්තා.වාර කීපයක් ඔහු දිවිනසාගන්න උත්සාහ කලා. 

මෙහෙම හිටපු මේ පුංචි කොලුවා, දවසක් හිතුවා මාව මේ ලෝකෙට මෙහෙම ඉපදුනේ මොකක් හරි හේතුවක් මත කියලා. ඔහු එදා ඉදං ඒ හේතුව හොයන්න පටන් ගත්තා. ඔහු ඒ වෙනුවෙන් ජීවත්වන්න පටන්ගත්තා.

එහෙම ජීවත්වෙන්න හිත හදාගත්ත මේ කොලුගැටයා අද ගණකාධිකරණය හා මූල්‍ය සැලයුම්කරණය පිලිබද ද්ව්ත්ව උපාදිධාරියෙක්, මානව හැකියා උපදේශකවරයෙක්, දේශකයෙක්, ග්‍රන්ත රචකයෙක්, සම්මානලාභී කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්, Life Without Limbs ආයතනයේ අද්‍යක්ෂකවරයෙක්, අද වෙනවිට ඔහුගේ දේශන වලට රටවල් 60 වැඩි ප්‍රමාණයක ලක්ශ 30 කට වැඩි ප්‍රමාණයක් සවන්දෙනවා. ඔහුගේ පොත් හා DVD තැටි මිලියන ගනනක් ලෝකය පුරා අලෙවි වෙනවා..ඔහුට ඉතා සුරූපී ආදරණීය බිරිඳක් සිටිනවා, ඒ වගේම මේවනවිට ඔහු ආදරණීය පියෙක්. කොටින්ම කීවොත්, ඔහු අද ජීවිතේ හැම පැත්තෙන්ම සම්පූර්ණ වුනු සාර්ථක ජීවිතයක හිමි කාරයෙක්.

ඔබත් තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න, අත් පා සියල්ලම නැතිව ඉපදුන, තමන්ගේ වැඩක්වත් තනියම කරගන්න බැරිවුන මේ පුංචි අසරණ කොලුගැටයාට අවුරුදු 32 වෙනකොට මුලු ලෝකයම හොල්ලන්න පුළුවං වුනානම්, අපිට මොනවාද අඩු? අපිට සාර්ථක නොවෙන්න කියන්න තරම් සාදාරණ හේතු තියෙනවාද?


සටහන : මානව හැකියා හා පුහුණු උපදේශක, චතුස්ක අමරසේකර


 

මෙවැනි Blog සටහන් දිනපතා උදෑසන ලබා ගන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න | දිනකට රු.2.50 හා රජයේ බදු ගාස්තු අයවේ

640 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page