මේ ලෝකයේ බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ ඇත්තටම සාර්ථක වෙන්න අපහසු නිසාවත්, සාර්ථක වෙන්න අවස්ථාවන් හෝ හැකියාවන් නැති නිසාවත් නෙමේ. මේ ලෝකයේ බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ ඔවුන් සාර්ථක වෙන හැටි නොදන්න එක.
සාර්ථක වෙන්න බැරි වීම , අපහසු වීම හෝ අවස්ථාවන් නැති එක කියන්නේ එකක්, සාර්ථක වෙන්න දන්නේ නෑ කියන්නේ වෙනම එකක්..
ඔබ දන්නවාද? මේ ලෝකයේ ඇත්තමට සාර්ථක වීමේ සැබෑ අපහසුතාවයකින් පෙලෙනවානම්, එසේවන පිරිස මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් 1%ක් වගේ ඉතාම සුළු පිරිසක් පමණයි. අනෙක් සියලු දෙනාම අසාර්ථක වෙන්නේ ඇත්තටම සාර්ථක වීමට ඇති අපහසුතාවයක් නිසා නෙමෙයි, සාර්ථක වෙන්න දන්නේ නැති කම නිසා ඇති වන ගැටලු නිසාවෙන්.
උදාහරණයක් ලෙස ඔබ සිතන්න, ජීවිතේ කොපමණ කාලයක්, ඔබ මනස එක අරමුණක තියාගෙන වැඩකරන්න තියෙන හැකියාව, ඔබේ ජීවිතේ ප්‍රබල සාර්ථකත්වයක් ඇති කරන්න හේතුවෙන බව විශ්වාස කලාද?
සිත එක අරමුණක තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන ලෙසට ඔබට කුඩා කාලයේ සිට කොතරම් උපදෙස් ලැබුනද?
නමුත් හොදට කල්පනා කරලා බලන්න, බොහෝ දෙනෙක් එහෙම උපදෙස් දුන්නට, එසේ උපදෙස් දුන් කී දෙනෙක්, මනස එක අරමුණක තියාගන්න ක්‍රමය මෙන්න මේකයි කියලා, ඔබට කියලා දීලා තියෙනවද?
මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න තමන් තුල වෙන්න ඕනේ වෙනස් කම් මොනවද කියන එක දන්නවා, දන්නේ නැති එකම දේ වෙන්නේ ඒ වෙනස් කම් ඇතිකර ගන්නේ කොහොමද කියන එක විතරයි...
කලින් කිව්වා වගේ මනස එක අරමුණක තියා ගන්න පුලුවන්නම්, තමන්ගේ ජීවිතේ ප්‍රබල වෙනස්කම් රාශියක් ඇතිකරගන්න පුලුවන් බව හැමෝම දන්නවා, ඒත් ඒක කරන්නේ කොහොමද කියන එක දන්නේ නෑ..
උත්සාහය අත් නොහැර ඉදිරියට ගියොත් සාර්ථක වෙන්න පුළුවන් බව හැමෝම දන්නවා, නමුත් එහෙම උත්සාහය අත් නොහරින මානසිකත්වයක් හදා ගන්නේ කොහොමද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ...
අභියෝගයන්ට බිය නොවී, ඒවාට සාර්ථකව මුහුණ දුන්නොත් සාර්ථක වෙන්න පුලුවන් බව හැමෝම දන්නවා, නමුත් අභියෝග හමුවේ බය හිතෙන එක, සාර්ථක වෙයිද නොවෙයිද කියන සැකය ඇතිවෙන එක පාලනය කරගන්න ක්‍රමය බොහෝ දෙනෙක් දන්නේ නෑ...
අලස බව, ඍණාත්මක බව නැතිකරගෙන ධනාත්මක , අභිප්‍රේරණයකින් යුත් මනසක් තිබෙනවානම් සාර්ථක වෙන්න පුළුවන් බව හැමෝම දන්නවා, ඒත් මනස ඍණාත්මක වෙනකොට , ඒකට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ...
ඔබ සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවානම් ඉගෙන ගත යුතු පාඩම් වන්නේ මෙන්න මේ ඔබ දන්න, නමුත් කර ගන්න නොදන්න දේවල් කරන විදිහ මොකක්ද කියන එක මිස වෙනත් කිසිවක් නොවෙයි!
ඔබ ධනාත්මක චින්තන වැඩමුළු, අභිප්‍රේරණ වැඩසටහන්, උපදේෂණ සේවා වලට දිනපතා ගියත්, ඔබ අවසානයේ එන්නේ, කොහොම හරි, මොනවා හරි කරලා, සාර්ථක වෙන එක වෙනවාමයි කියන, තාවකාලිකව සිත රවටා ගැනීමේ මානසිකත්වයට නම් ඔබ ජීවිතේ කිසිම දවසක සැබෑවට ජීවිතේ සාර්ථක වන්නේ නැත....
මේ ලෝකයේ කොහොම හරි, මොනවා හරි, කවදා හරි කර, කෙලෙස හෝ සාර්ථක වූ කිසිවෙක් නැත. ඇත්තේ නිවරැදි වෙලාවට, කල යුතු දේ , කල යුතු ආකාරයෙන් සිදු කර සාර්ථක වූ මිනිසුන් පමණි. ඔබේ අරමුණු වලට සාපේක්ෂව ඔබ එය කල යුත්තේ කෙසේද යන්න ඔබ නොදනී නම්, ඔබට අසාර්ථකත්වය මිස වෙන්ත් දෙයක් ලැබෙන්නේද නැත.
_____
ප්‍රායෝගික සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ඉගෙන ගත යුතු පාඩම් පිලිබද නිවරැදිව හා සරලව හදාරන්න. ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය, පහතින් Download කරගෙන කියවන්න.
Comments