top of page

සාර්ථකත්වය ගැන අරුම පුදුම රහසක් හෙලි කල "1928 පර්යේෂණය"

Writer's picture: Chathuska AmarasekaraChathuska Amarasekara


1928 වසරේදී, එක්තරා පර්යේෂණ කන්ඩායමක් විසින්, ලෝකයේ ප්‍රසිද්ධ ආයතන කීපයක සේවකයින් විශාල පිරිසක් යොදාගෙන, රාජකාරි කිරීම හා ඒ වෙනුවෙන් ඔවුන් වැයකරන කාලය පිලිබද පර්යේෂණයක් සිදු කලා.


මේ පර්යේෂණයේදී මේ පර්යේෂණ කන්ඩායමට ඔවුන් පුදුම කරවන විදිහේ, එක්තරා අමුතු කරුණක් සොයා ගන්නට හැකි වුනා.


ඒ තමයි, මේ පර්යේෂණයට යොදාගත් සේවකයින් බහුතරය, පැය 8ක රාජකාරී කාලයක් තුල ඇත්තටම වැඩකරන්නේ මිනිත්තු 90ක සාමාන්‍ය කාලයක් බව. වෙනත් විදිහකින් කිව්වොත් පැය 8ක් වැඩ කලාට ඇත්තටම කරන්නේ මිනිත්තු 90ක වැඩ බව.


1928දී හොයා ගත්ත මේ කරුණ, මනෝවිද්‍යාත්මකව වගේම, සාර්ථකත්වය සම්බන්දයෙනුත් ඉතාම වැදගත් දත්තයක් වුනා. මේ නිසා. මේ පර්යේෂණය, ඉන් පසුවත් වසර ගණනාවක් තිස්සේ නැවත නැවත විවිධ ආයතන හරහා සිදු කලා..


නමුත් ඔබ දන්නවාද, කාලය, තාක්ෂණය, මිනිසුන්ගේ සිතුම් පැතුම්, දින චර්යාවන් වගේ මොන තරම් දේවල් වෙනස් වුනත්, මේ සෑම පර්යේෂණයක් තුලදිම ලැබුන ප්‍රතිඵලය එකම ප්‍රතිඵලය බව?


ඉතාම මෑත කාලයේදී, කොලොම්බියා විශ්වවිද්‍යාලය හරහා කල පර්යේෂණයකදිත් මේ කරුණ තවමත් වෙනස් වී නැති බව තහවුරු වුනා.


මෙම තත්වය ඇතිවෙන්නට බලපාපු ප්‍රධානතම හේතුව තමයි, මේ බොහෝ දෙනෙක්ට තමන් කරන රාජකාරිය කෙරෙහි පූර්ණ මානසික අවධානයක් පවත්වාගෙන යන්න නොහැකි වීම. බොහෝ විට තත්පර කීපයක් තුල තමන් කරන වැඩෙන් අවදානය ගිලිහිලා, රාජකාරියට අදාල නොවන විවිධ දෑ වෙත අවදානය යොමුවීම.

මේ නිසා ඔවුන් රාජකාරී වල නිරත වුනාට, බොහෝ වෙලාවට ඔවුන්ගෙන් සිදු වෙන්නේ ඉතාම සුළු දෙයක් විතරයි.


මේ නිසා, මනස එක අරමුණක තබා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම කියන්නේ, ඔබේ ජීවිතය සාමාන්‍ය මිනිසුන්ට සාපේක්ෂව ඉතාම ප්‍රබල විදිහට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක්. සරලවම කීවොත්, ඔබ ඔබේ ජීවිත කාලය තුල මේ හැකියාව පමණක් ගොඩනගා ගත්තත්, ඔබ නිරායාසයෙන්ම, අනෙක් සියලු මිනිසුන් අභිබවා සාර්ථකත්වය කරා ගමන් කරන සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා.



මම ඔබට කලිනුත් සදහන් කර තිබෙනවා, පෞද්ගලිකව මගේ ජීවිතය තුලත්, මෙම හැකියාව වර්ධනය කර ගැනීම, සති ගණනක් තිස්සේ ඉවර කර ගැනීමට නොහැකි වූ වැඩ පැය කීපයක් තුල නිම කර ගැනීමට තරමේ වෙනසක් මා තුල ඇති කල බව.


මේ නිසා මම ඔබට කියන්නේ, සැබෑ ජීවිතය තුල ඔබ සැබෑ සාර්ථකත්වයක් අත් විදින්නට සිතනවානම්, ඔබ ඇතිකර ගත යුතු අනිවාර්යය හැකියාව වන්නේ මේ හැකියාව කියලා.


මොකද මේ හැකියාව ප්‍රායෝගිකව ලගා කර ගන්න තෙක් ඔබට ඇත්තටම් ඔබට කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියන දේ හිතා ගන්නවත් බෑ. නියත වශයෙන්ම මේ හැකියාව ඔබට ගොඩනගා ගන්න පුලුවන් වුනොත්, එහි ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔබව පුදුම කරවනවා.


මෙන්න මේ නිසයි, මම මේ හැකියාව ප්‍රායෝගිකව ඇතිකරගන්නේ කොහොමද කියන දේ ගැන කතා කිරීම වෙනුවෙන්ම මාර්තු 07 වන ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා ඔබේ මනස Laser Focus මට්ටමට ගෙන ඒම පිලිබද විශේෂ දේශණයක් පවත් වන්න හිතුවේ.. (Zoom හරහා පැවැත්වෙන වැඩසටහනකි)


මේ වැඩසටහනේදී, පසුගිය වසර 03ක පමණ කාලයක් පුරාවට, පුද්ගලිකව මා විසින් අත් හදා බලා ප්‍රතිඵල තහවුරු කරගත්ත. ලෝකයේ අතිශය සාර්ථක මිනිසුන් ඉතාම ප්‍රබල මට්ටමකින්, තමන්ගේ මනස තමන්ගේ රාජකාරී වෙනුවෙන් අරමුණු ගත කරගන්න භාවිතා කරන, සුවිශේෂී ක්‍රම කීපයක්ම ගැන ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා,


ඒ වගේම ඒ තත්වය වෙත ප්‍රායෝගිකව ලගා වෙන්න ඔබට භාවිතා කල හැකි දින 30ක ප්‍රායෝගික සැලැස්මකුත් ඔබට එදාට ලබා ගන්න පුළුවන්.


විශේෂයෙන්ම ඔබ,

✅ කාලය ගෙවිලා ගියාට, කාලයට සාපේක්ෂව ප්‍රමානවත් තරම් දෙයක් නොකල බවට වන අත්දැකීම නිතර අත්විදිනවානම්,

✅ කාලය ගෙවිලා ගියාට, තම ජීවිතයේ අරමුණු වලට ලගා වීම, වැඩ නිම කිරීම මන්දගාමී බව අත්විදිනවානම්,

✅ වැඩ සැලසුම් කලාට ඒ දේවල් තමන් තුලින් ඉටු නොවන ස්වභාවය නිතර නිතර අත්විදිනවානම්.

✅ වැඩ අතපසු වීම, අසම්පූර්ණ ලෙස නිම කිරීම, අපිලිවෙල වැනි දේ නිතර අත්විදිනවානම්.

මෙම වැඩසටහන හරහා එම තත්වයන් වෙනස් කරගෙන, ඉතා ප්‍රබල මට්ටමේ ඵලදායීතාවයක් ඔබ තුල නිර්මානය කරගැනීමේ හැකියාව පවතී.


👉 ව්‍යවසායකයින්, වෘත්තිකයින්, අධ්‍යාපණික සාර්ථකත්වය අපේක්ෂා කරන්නන් ඇතුලු මනස තුල වන මානසික ඒකාග්‍රතාවය, අරමුණුගත බව, මානසික නිරවුල් බව, පැහැදිලි බව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙක්ට මෙම වැඩසටහන සුදුසු වේ.


👉 ආයෝජනය : රු 1850 පෙබරවාරි 28 වෙනිදාට පෙර ඔබේ සහබාගී වීම තහවුරු කල යුතු බව කරුණාවෙන් සලකන්න.


✅ සහබාගී වීමට පහත සබැදියට පිවිස Google පෝරමය පුරවා Submit කරන්න https://forms.gle/QTFb1vpjrbCvVpVG8

47 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page