top of page

සාර්ථකත්වය ගැන අපි ඉගෙන ගන්න බොරු කතා!

Updated: Mar 29, 2020


අහලා තියෙනවද කාල් බෙන්ස් ගැන? ඔහුගේ සාර්ථකත්වයේ කතාව ගැන?


කාල් බෙන්ස් කියන්නේ ඉතාම සාමාන්‍ය පවුලක ඉපදුන දරුවෙක්, ඔහුට කුඩා කාලයේ සිටම ලොකු හීනයක් තිබුනා සතුන් නැතුව ගමන් බිමන් යන්න පුලුවන්, බඩු බාගිරාදිය ගෙනියන්න පුලුවන් ක්‍රමයක් හදන්න. ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කරලා, විවිද දේවල් අත් හදා බැලුවා.


ඔහු කොතරම් දරුණු විදිහට ඒ හීනය හබාගෙන ගියාද කීවොත් ඔහු ටික කාලයක් යනකොට විශාල ණය කාරයෙක් බවට පත් වුනා. කවුරුත් ඔහුට මුදල් දෙන්නේ නැති තැන ඔහු ඔහුගේ බිරිදගේ දෑවැද්ද පවා අරගෙන තමන්ගේ හීනය සාර්ථක කරගන්න උත්සාහ කලා. කොහොම කොහොම හරි අන්තිම මොහොතේඩ්දී ඔහුගේ මහන්සිය සාර්ථක වුනා. ඔහු රෝද තුනක ඉහත රූපයේ තියෙන කුඩා මෝටර් රථය නිර්මාණය කලා. ඒක තමයි මේ ලෝකයේ නිපදවුනු පළමු මෝටර් රථය. එයත් සමග ඔහු තමන්ගේ නම අමරනීය කරපු විශිෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වුනා.


ඕක තමයි අපි සාමාන්‍යයෙන් අහන කාල් බෙන්ස්ගේ කතාව. ඒ වගේම මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ෂය තමයි, තමන්ගේ හීන අත් නොහැර අදිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යන්න පුලුවන්නම් නිසක වශයෙන්ම කවදා හෝ සාර්ථකත්වය හිමි වන බව.


නමුත් අපි මේ කතාව අවුරුදු ගානක් තිස්සේ ඇහුවට මේ කතාවේ ලොකු අවුලක් තියෙනවා. මොකද ඇත්තටම මෙහෙම දෙයක් වුනේ නැති නිසා!!!


කාල් බෙන්ස් ඇත්තටම මෝටර් රථය නිපදවීමෙන් පසු ලෝකයේ තමන්ගේ නම අමරණීය කරපු පුද්ගලයෙක් බවට පත් වුනේ නෑ. ඔහුගේ මෝටර් රථය ගැන කවුරුත් කතා කලෙත් නෑ. ඔහුට ඇත්තටම සිදු වුනේ, තමන් හදපු මෝටර් රථය ගරාජය තුලට දාලා තමන් ගත්ත නය ගෙවලා ඉවර කරන්නේ කොහොමද කියන දේ ගැන කල්පනා කරන්න.


කාල් බෙන්ස්ගේ කතාවේ ඇත්තම අවසානය වුනේ ඔන්න ඕක! නමුත් බොහෝ දෙනෙක් අපිට ඒ දේ සගවනවා. ඒ හරහා මනසිවෙලා වැඩ කලොත්, අදිෂ්ඨානයෙන් යුතුව හීන හබාගෙන ගියොත් අපිට සාර්ථක වෙන්න පුලුවන් කියන දේ අපේ මනසට දාන්න උත්සාහ කරනවා.


නමුත් ඒක බොරුවක්. කාල් බෙන්ස්ගේ ජීවිතේ ඇත්තටම වෙනස් වුනේ ඇගේ බිරිද නිසා. ඔහු නිපදවූ මෝටර් රථය මිලදී ගැනීම වෙනුවෙන් ඉතා සූක්ෂමව මිනිසුන්ගේ මනස තුල කැමැත්තක් ඇති කරන්න ඇය යෙදූ සැලසුම් නිසා. එයත් සමගයි කාල් බෙන්ස් ගැන, මෝටර් රථය කියන දේ ගැන ලෝකය දැන ගන්න පටන් ගත්තේ. නැත්නම් අදටත් කාල් බෙන්ස්ව අපි නොදැන ඉන්න ඕනෑ තරම් ඉඩකඩ තිබුනා.


කාල් බෙන්ස් කියන්නේ නිර්මාණ කරන්න දක්ෂයෙක්, අලුත් දේවල් හිතන්න දක්ෂයෙක්, ඒත් ඔහු තමන්ගේ හැකියාව තුලින් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න දක්ෂයෙක් නෙමේ. ඒකයි ඔහුගේ නිර්මාණය විශිෂ්ඨ එකක් වුනාට කවුරුත් වැඩිය ගනන් ගත්තේ නැත්තේ.


ඒත් කාල්ගේ බිරිද එහෙම නෑ. ඇය කාල් තරම් මෝටර් රථ හදන හැටි දන්නේ නෑ. ඒත් ඇය දන්නවා, ඒ නිර්මාණය පාවිච්චි කරලා සාර්ථක වෙන්න. ඒ නිසයි ඇයගේ සැලසුම් වලින් පසුව, ලෝකයම කාල් ගැන දැනගත්තේ.


කාල්ගේ කතාවේ වැදගත්ම කොටස ඔන්න ඔය කොටස, ඒත් 99% නොකියන කොටස වෙන්නෙත් ඔන්න ඔය කොටස. ඔයා කොච්චර දක්ෂයෙක් වුනත් වැඩක් නෑ. ඔයාට ඒ හැකියාව තුලින් සාර්ථක වෙන්න ඔයා දක්ෂ නැත්නම්. සාර්ථක වෙනවා කියන්නේ වෙනම විශයක්, වෙනම හැකියාවක්, වෙනම කලාවක්.


ඒ කලාව දන්නේ නැති තාක් කල් ඔබට සාර්ථක වෙන එක අමාරුයි. ඒක තමයි ප්‍රායෝගික සත්‍ය.


අන්න ඒ නිසයි ආයතන වල ඉන්න දක්ෂ සේවකයෝ හැමදාම එකම තැන ඉන්නෙ, උසස් තත්වයේ භාන්ඩ හා සේවා විකිනෙන්නේ නැත්තේ, දක්ෂ ගායකයන්ගේ ගීත ප්‍රසිද්ද නොවෙන්නේ, ඉතා දක්ෂ විශාල දැනුමක් තියෙන මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ. ඔවුන් දන්නේ නෑ. දක්ෂතාවය තිබුනටම, කැපවීම තිබුනටම සාර්ථක වෙන්නේ නැති බව. සාර්ථක වෙන්න නම් , සාර්ථක වීම කියන විශයේ දක්ෂයෙක් වෙන්න ඕනේ බව!


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර


මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොතමෙතැන Click කර Download කර ගන්න.



305 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page