පියවර අංක 1 - අස්තීර ආදායම් මාර්ගයක් තෝර ගන්න
සල්ලි ප්‍රශ්ණ වලින් මිදෙන්න , අස්තීර ආදායම් මාර්ගයක්? බැලූ බැල්මට වැරදියි වගේ නේද? නෑ ඒක තමයි ඇත්ත. ඔබට සල්ලි ප්‍රශ්ණ නැතුව ජීවත් වෙන්න නම් ඔබට ඕනේ ස්තීර ආදායම් මාර්ගයක් නෙමේ අස්තීර ආදායම් මාර්ගයක්.
මොකද අස්තීර ආදායම් මාර්ගයක් තුල ඔබට අවශ්‍ය පරිදි ආදායම් මට්ටම වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ ස්තීර ආදායමක්, වැටුපක් ලැබෙන රැකියාවක් කලා කියලා හිතන්න. එතැනදී ඔබට නිශ්චිත වැටුපක් , නිශ්චිතවම ලැබුනට , ඔබට අවශ්‍ය පරිදි ඒ ආදායම වෙනස් කරගන්න හැකියාවක් නෑ. නමුත් ඔබ ව්‍යාපාරයක් හෝ විකුණුම් මත කොමිස් ලැබෙන ආකාරයේ රැකියාවක් කලා කියලා හිතන්න. එතැනදී ඔබට අවශ්‍ය පරිදි ආදායම් වැඩිකරගන්න අවස්ථාවක් ඒ තුල ඔබට ලැබෙනවා. නමුත් එතැන අවදානමත් වැඩියි. මේ නිසා ගොඩක් අය මේ මාර්ග වලට අත ගහන්න බයයි. ඒත් හැම වෙලාවෙම අවදාමන හරහා තමා අවස්ථාවන් උදා වෙන්නේ.
ඔබ ලෝකයේ මුදල් අතින් සාර්ථක ඕනෑම කෙනෙක් දිහා බලන්න, ඔවුන් අනිවාර්යයෙන්ම ව්‍යාපාර වලට සම්බන්ද අය නැත්නම් අලෙවි නිලදාරීන්. මේ නිසා ස්තීර රැකියාවක් විතරක් කරලානම් සල්ලි ප්‍රශ්ණ නැතුව ජීවත් වෙන්න ඔබට ලැබෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයකට හෝ විකුණුම් අංශයේ රැකියාවකට ඔබට අත හගන්නම වෙනවා!
පියවර අංක 2 - සල්ලි හොයන ආකාරය ඉගෙන ගන්න
අස්තීර ආදායම් මාර්ග වලට ගොඩක් අය බය. ඒකේ තියෙන අවදානම නිසා. මොකද ඔබට හරි ආකාරයෙන් අලෙවියක් කරගන්න බැරි වුනොත් ඔබේ ආදායම් නැති වෙලා යන නිසා. ඒ වගේ අවදානමක් ඇති වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි , බොහෝ දෙනෙක් සල්ලි හොයන හැටි ගැන ඉගෙන ගන්නේ නැති එක.
මුදල් උපයනවා කියන්නේ කලාවක්, විශයක්. ව්‍යාපාර තිබුනට හැමෝටම සාර්ථක වෙන්න බැරි ඒ නිසයි. මොකද ඔවුන් දන්නේ නෑ ඒ දේ තමන් ගාවට සල්ලි ගෙන්න ගන්න. සල්ලි කියන්නේ අපිට නිපදවන්න පුලුවන් දෙයක් නෙමේ. සල්ලි කියන්නේ හැම වෙලාවෙම තියෙන කෙනෙක්ගෙන් ලබා ගන්න වෙන දෙයක්.
ඔබ රැකියාවක් කරනවා කියලා කරන්නෙත්, ඔබ වැඩ කරන ආයතනයට කාලය , ශ්‍රමය ලබා දීලා ඒ වෙනුවට ඔවුන් ලග තියෙන මුදල් ලබා ගන්න එක. ව්‍යාපාරයක් හරහා වෙන්නෙත් ඒ දේමයි. වෙන කෙනෙක් ලග තියෙන මුදල් භාන්ඩයක් හෝ සේවාවක් අලෙවියෙන් ලබා ගන්න එක. මුදල් කියන්නේ සංසරණය වන දෙයක්. ඔබ ඒ සංසරණය වන මුදල් වලින් විශාල ප්‍රමාණයක් තමන් ලගට ගන්න දක්ෂණම් ඔබට මුදල් ප්‍රශ්ණ නැතුව ජීවත් වෙන්න පුලුවන්. නමුත් ඒක නිකන්ම කරන්න බෑ. කවුරුත් ඔබට නිකන් තමන් ලග තියෙන සල්ලි දෙන්නේ නෑ. ඔබට ඒ වෙනුවෙන් ඔවුන්ව මුදල් ගෙවන තැන පොලබවන්න සිද්ද වෙනවා. ඒ දේ කරන එක වෙනම කලාවක්. ඒ කලාවේ දක්ෂයාට ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් අලෙවි කරලා වෙනත් කෙනෙක් ගාව තියෙන මුදල් තමන් ලගට ගන්න පුලුවන් වෙනවා.
පියවර අංක 3 - මුදල් ඉපයීමේ මිල ගෙවන්න ලෑස්ති වෙන්න
මේ ලෝකයේ සාර්ථක වෙන මිනිසෙක්ට ඉගෙන ගන්න තියෙන මිල අදිකම විශය තමයි මුදල් ඉපයීම කියන්නේ. ඒ දැනුම ලබා ගන්න එක ඒ තරම්ම අමාරුයි. මොකද ඒ දැනුම තියෙන කෙනෙක් කිසිම දවසක ඔබට ඒ දැනුම නොමිලේ දෙන්නේ නෑ. මොකද ඔහු දන්නවා ඒ දැනුම විකුනන්න.
ඒ නිසා ඒ දැනුම ලබා ගන්න ඔබට අනිවාර්යයෙන්ම සැලකිය යුතු මුදලක් ආයෝජණය කරන්න වෙනවා. අන්න ඒ ආයෝජණය කරන්න සූදානම් වීම තමයි , මේ දැනුම ලබන්න තියෙන මූළිඛම සුදුසුකම. අපි හිතමු ඒ වෙනුවෙන් ගෙවන්න වෙන මුදල ලක්ෂයක් කියලා. ඒ වගේ ගානක් දැක්කාම බොහෝ දෙනෙක්ට හිතෙනවා. අම්මෝ ගාන වැඩියි කියලා.
ඇත්තටම ඒ එහෙම හිතෙන්නේ ඔබ උපයන්න උත්සාහ කරන මුදල බොහෝ වෙලාවට කුඩා අගයක් වීම නිසා. නමුත් මිලියන ගනනක් , බිලියන ගනනක් උපයන්න ඉන්න කෙනෙක්ට රු ලක්ෂයක් ඒ දැනුම ලබා ගන්න ආයෝජණය කරන්න වෙනවා කියන්නේ සුලු දෙයක්. නමුත් ඒ මානසික මට්ටම නැති කෙනෙක්ට ඒක ලොකු ගානක් වගේ පේනවා. මේ නිසාම පුංචි පුංචි හීන දකින අය හලන්නත් ටිකක් ලොකු අගයකට මේ දැනුම අලෙවි කිරීම හරහා පුලුවන්. ඒ දේ මේ දැනුම තියෙන අය දන්නවා. මොකද හැමෝම ධනවත් වුනොත් මේ ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ නෑ. ව්‍යාපාර කරන අය වගේම ඒවා තුල රැකියාව කරන්නත් මිනිස්සු ඕනේ. ඒ නිසා මේ විශය හරියට දන්න එකෙනෙක් ඒ සමබරතාවය බිදින්න දෙන්නේ නෑ.
ඒ නිසයි ලෝකයේ හැම වෙලාවකම සංසරනය වන මුදල් වලින් 80%ක් මුදල් 20%ක් වූ මිනිසුන් අත රැදෙනකොට 20%ක මුදල් 80%ක් වූ මිනිසුන් පාවිච්චි කරන මට්ටමක් ගොඩනැගෙන්නේ. මේ නිසා තමන් ලබන ආදායමෙන් 40%ක්වත් අඩුම මුදල් ඉපයීම ගැන ඉගෙනගන්න, දැනුම තොරතුරු ලබා ගන්න වැය කරන එක ඉතාම වැදගත්.
පියවර අංක 4 - සල්ලි තියෙන මිනිස්සු ඇසුරු කරන්න
ලෝකයේ මුදල් තියෙන මිනිස්සු ඇසුරු කරන්නේ හැම වෙලාවෙම මුදල් තියෙන මිනිස්සුන්ව. ඒකට හේතුව තමයි, හැම වෙලාවෙම මුදල් උපයන්න, මූළ්‍යමය වශයෙන් වන ස්ථාවර බව, නිදහස් බව පවත්වාගෙන යන්න බොහෝයක් අවස්ථාවන් ඒ හරහා උදා වීම.
ඒක සමහර වෙලාවට ඔබට ඒ තරම් ලොකුවට වැදගත් දෙයක් ලෙස දැනෙන එකක් නෑ. ඒත් ප්‍රායෝගිකව බැලුවොත් මේතරම් වෙන වැදගත් සාදකයක් නැති තරම්. හිතන්න ඔබ මිලියන ගනනක ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. හදිසියේ ඔබට මිලියන ගනනක් අවශ්‍ය වෙනවා යම් කිසි බිද වැටීමක් නිසා. නමුත් ඔබ ලග ඉන්නේ , ඔබ ඇසුරු කරන්නේ දුප්පත් පිරිසක්නම් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වෙනවා.
අනිත් එක දුප්පත් මිනිස්සු සමාජය දෙස බලන විදිහයි, පොහොසත් මිනිස්සු සමාජය දෙස බලන විදිහයි ආකාර දෙකක්. දුප්පත් ම්නිස්සු හරි අමාරුවෙන් කරන්න හීන දකින බොහෝ දේවල් ලේසියෙන් කරන ක්‍රම පොහොසත් මිනිස්සු ගාව තියෙනවා. ඒ දැනුම ගොඩක් වෙලාවට සැගවිලා තියෙන්නේ. අන්න ඒ නිසා ඒ ප්‍රායෝගික දැනුම ලබන්න ඔබට පොහොසත් මිනිස්සු වැඩියෙන් ඇසුරු කරන්නම වෙනවා.
මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොතමෙතැන Click කර Download කර ගන්න.
Kommentare