
ඔබ මේ මොහොත වෙන විට යම්කිසි කරුණක් නිසා මානසික ආතතියකින් පෙලෙනවානම්, ඔබේ මනස සැහැල්ලු කරගෙන, නැවතත් සැහැල්ලු මනසකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න මෙම සරල අභ්‍යාසයේ යෙදෙන්න.
අභ්‍යාසයට සූදානම් වීම
විනාඩි 10ක් පමණ නිදහසේ සිටිය හැකි සුවපහසු ස්ථානයක් තෝරා ගන්න. යම් සිසිලසක් ඇති එලිමහන් ස්ථානයක් නම් වඩාත් සුදුසු වේ. දෑස් පියාගෙන හොදින් කීප වරක් හොදින් හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න.
අභ්‍යාසයේ නිරත වීම
පහත සංගීත කන්ඩයට සවන්දෙමින්, ඔබ වනාන්තරයක , දිය ඇල්ලක් කඩා හැලෙන තැනක සිටිනවායයි සිතන්න, ඈතින් ඇසෙන සියුම් සංගීතයට ජලය කඩා හැලෙස හඩ හා කුරුලු ගී හඩ මධ්‍යයේ සවන් දෙමින් විනාඩි 10ක් ගත කරන්න.
ඔබේ මනසට එන සිතුවිලි ඔහේ ගලා ඒමටත්, ඔහේ ගලා යාමටත් ඉඩ දෙන්න, මනසට අවශ්‍ය පරිදි නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙන්න. සංගීත හඩ අවසානයේ ගැබුරු හුස්ම ගැනීම් හා පිට කිරීම් කීපයක් සිදුකර අභ්‍යාසය අවසන් කරන්න.
මෙවැනි අභ්‍යාස ක්‍රම ගැන , මනස හා යටි සිත ගැන ඉගෙන ගන්න, අපගේ Calm Mind , Youtube චැනලය Subscribe කරන්න.
Comments