top of page

වේගයෙන් සාර්ථක වෙන්න පියවර 4ක්

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Aug 14, 2019



අපි හැමෝම කැමතියි, වේගයෙන් , පහසුවෙන් අපි අපේක්ෂා කරන සාර්ථක ජීවිතය ලගා කරගන්න. ඇත්තටම බැලුවොත් සාර්ථක වීම සැබවින්ම අසාර්ථකව ජීවත් වනවා තරම් අපහසු දෙයක් නොවේ. මේ කෙසේ වෙතත් අපි පාර අයිනට වෙලා, පාරේ යන 100 දෙනෙක්ගෙන් ඇහුවොත් සාර්ථක වෙන එක ලේසිද අමාරුද කියලා, එතැනින් 90%ක්ම කියන්නේ සාර්ථක වෙන එක අමාරුයි කියලා..


එහෙනම් ඇත්තටම , ඇත්ත මොකක්ද? සාර්ථක වෙන එක ලේසිද අමාරුද? ඇත්තටම සාර්ථක වෙන්න අපි මොනවද කරන්න ඕනේ? අපි කොච්චර උත්සාහ කලත් සාර්ථක වෙන්නෙ නැත්තේ ඇයි?


මේකට දෙන්න තියෙන පහසුම පිලිතුර තමයි, ඇත්තටම සාර්ථක වෙන එක අමාරු නෑ කියන එක. සාර්ථක වෙන එක අමාරුද නැද්ද කියන දේ ඇත්තම සාපේෂයි. උදාහරණයක් විදිහට හිතන්න කිලෝ 10ක බරක් ඔබට උස්සන්න කියලා මම කීවොත් එය ඔබට ලේසි වෙන්නත් පුලුවන්, අමාරු වෙන්නත් පුලුවන්, එය ඔබේ තියෙන ශාරීරික ශක්තියට සාපේක්ෂව තීරණය වෙනවා. ඒ ආකාරයෙන්ම සාර්තකත්වය කියන දෙයත් ඔබ තුල තිබෙන සාදක 2කට සාපේක්ෂව පහසු හා අපහසු වීම සිදුවනවා!


මේ සාදක 2ක වන්නේ

1. මනස

2. ක්‍රියාකාරකම්


මේ සාදක දෙකෙනුත් 80%ක්ම ඔබේ සාර්ථකත්වය ලගා කරගැනීම ඔබට ලේසි වනවාද පහසු වනවාද යන්න තීරනය කරන්නේ ඔබේ මනස. ඔබේ මනසේ තිබෙන ශක්තිමත් බව හා ධනාත්මක බව මත ඔබ කොතරම් වේගයෙන් හා පහසුවෙන් ඔබේ බලාපොරොත්තුව වෙත ලගා වෙනවාද යන්න තීරනය වනවා!


මෙන්න මේ නිසා කාට හරි වේගයෙන් හා පහසුවෙන් සාර්ථක වෙන්න අවශ්යනම් ඔහු හෝ ඇය කල යුතු 1 වන සහ එකම දෙය විය යුත්තේ තමන්ගේ මනසේ තිබෙන ශක්තිමත් බව හා ධනාත්මක බව වැඩිකර ගැනීමට කටයුතු කිරීම.


අද අපි කියන්නේ මෙන්න මේ ආකාරයෙන් ඔබේ මනසේ තිබෙන ශක්තිමත් බව හා ධනාත්මක බව වැඩිකරගන්න ඔබ අනුගමනය කල යුතු පියවර 4ක් ගැන.


1. මනස ඔබේ සාර්ථකත්වයට බලපාන ආකාරය ගැන මූලිඛ කරුනු ටිකවත් ඉගෙන ගන්න.


ඕනෑම කෙනෙකුගෙන් සාර්ථකත්වයට මනස බලපානවද කියලා ඇහුවොත් ඒ හැම කෙනෙක්ම කියන්නේ ඔව් කියලා. නමුත් අපි ඇහුවොත් ඒ අයගෙන් ඒක වෙන්නේ කොහොමද කියලා කිසිම කෙනෙක් ඒක වෙන්නේ කොහොමද කියලා කියන්න දන්නේ නෑ. කෑමකට ලුනු දැමීමෙන් රසවත් වෙනවා කියලා ඔබ දැන සිටියා කියා ඔබ ඒ ඒ ආහාර වර්ගය අනුව, ප්‍රමාණය අනුව කොතරම් ලුනු ප්‍රමානයක් දැමිය යුතුද යන්න දන්නේ නැත්නම් ඔබට ලුනු දැමීමෙන් කෑම රසවත් වන බව දැන සිටීම නිසා පමණක් ඔබට කෑමක් රසවත් කරගන්න හැකිවෙන්නේ නෑ.


මේ ආකාරයෙන් ඔබ මනස ඔබේ සාර්ඨකත්වයට බලපානවා යන්න දැන සිටියත් , එය සැබවින්ම සිදුවන්නේ කෙසේද යන්න දන්නේ නැත්නම් ඔබට ඔබේ මනසෙන් ගත හැකි ප්‍රයෝජන නිසි පරිදි ලබා ගැනීමට ඇති හැකියාව නැතිවෙනවා! මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ මනස තුලින් කොතරම් කොතරම් ශක්තියක් තිබෙනවාද? ඔබේ මනසට කල හැකි දේවල් මොනවාද ? එය ඔබේ සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද ? යන ආකාරයෙන් ඉතා සරල ආකාරයේ අවබෝධයක්වත් ලබා තිබීම ඉතා වැදගත්.


2. පූර්ණ කාලීන ධනාත්මක මනසක් ඇතිකරගැනීමට කටයුතු කිරීම.


මේ ගැන විස්තර කරන්න වෙන්නේ කලින් කරුණත් සම්බන්ද කරගෙන, කලින් පියවරේදී අපි කියපු ආකාරයෙන් මනස පිලිබද නිසි දැනුමක් නැති නිසා ඇතැම් අය මනස සාර්ථකත්වයට බලපානවා යන මතය පදනම් කරගෙන , තම මනස අභිප්‍රේරණ කර ගැනීමේ විවිද ක්‍රම වල නිරත වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ අභිප්‍රේරණය කියන්නේ තමන්ගේ මනස ධනාත්මක කිරීමක් කියලා. නමුත් අභිප්‍රේරනය කියන්නේ ඔබේ මනසේ තිබෙන ඍණාත්මක තත්වයන් තාවකාලිකව වෙනස් කිරීමක්.


අභිප්‍රේරණය තුලින් තාවකාලිකව ඔබේ මනසේ වෙනසක් ඇති කරමින් යම් දියුනුවක් ලබන්න පුලුවන් වුනත්, ඔබේ මනස තුල වන සිතුවිලි මූලයන් ඍණාත්මක නිසා ටික කාලයක් යන විට නැවත ඔබේ මනස ඍණාත්මක වීමට පටන් ගන්නවා.


මේ නිසා ඔබ පූර්ණ කාලීන ස්ථාවර ධනාත්මක මනසක් ඇතිකර ගැනීම වෙනුවෙන් වන අභ්‍යාස වල නිරතවීම සිදුකල යුතු වනවා. ඔබ තුල නිරායාසයෙන් ධනාත්මක සිතුවිලි පමනක් ඇතිවන තත්වයක් වර්ධනය කරගත යුතු වෙනවා. බොහෝ දෙනෙකු සිතන්නේ මෙය විශාල කාලයක් ගත වන , ඉතා අපහසු කටයුත්තක් කියලා, නමුත් නිවරැදිව මේ සදහා වන මනස පුහුණු කිරීමේ අභ්‍යාස වල ඔබ නිරත වෙනවානම් එය ඉතා සුළු කාලයකින් කල හැකි ඉතා පහසු කටයුත්තක්.


3. ධනාත්මක මනස අරමුණු ගත කරන්න


කනත්තේ සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නෑ, මට අවශ්‍ය වන්නේ සෑම දිනකම නින්දට යන මොහොතේ අද අපූරු දෙයක් කලා යන සිතුවිල්ලෙන් නින්දට යාමයි - ස්ටීව් ජොබ්ස්


ඔබ දුප්පතෙකු ලෙස ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් ඔබ දුප්පතෙකු ලෙස මිය ගියොත් එය ඔබේ වරදක්! - බිල් ගේට්ස්


මේ සිතුවිලි 2ක දිහා හොදින් බලන්න, පොදුවේ බැලුවොත් මේ දෙකම දනාත්මක සිතුවිලි නමුත් පොහොසතෙකු හෝ මූල්‍යමය අතින් සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙකුට මේ දෙකම එක ආකාරයෙන් ධනාත්මකව බලපාන්නේ නෑ. මේ ආකාරයෙන්ම ඔබේ මනස ධනාත්මක වූවා කියා එම ධනාත්මක වීම ඔබට අවශ්‍යය යම්කිසි අරමුණකට සාපේක්ෂව ධනාත්මක වී නැත්නම් එයින් ඔබට සැබවින්ම ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵ්ල ලබා ගන්න හැකියාවක් නෑ.


මේ නිසා සැබවින්ම ඔබට අවශ්‍ය සාර්තකත්වය කුමක්ද යන්න හරි හැටි හදුනාගෙන ඒ වෙනුවෙන් ගැලපෙන ආකාරයෙන් ඔබේ මන්සේ ඇති ධනාත්මක බව හැඩගැස්වීම ඉතාමත් වැදගත් වනවා. බොහෝ දෙනෙකු සතුව ධනාත්මක බවක් තිබුනත් එයින් ප්‍රායෝගික ජීවිතය තුල ප්‍රථිඵළ ලබා ගන්න නොහැකිවී තිබෙන්නේ මෙන්න මේ කාරනය නිසා.


එම නිසා ඔබේ බලාපොරොත්තු වලට ආදාලව ඉලක්ක පිහිටුවමින් එම ඉලක්ක සදහා වන මාසික හා දෛණික ඉලක්ක මොනවාද යන්න පිලිබදව පවා පැහැදිලි අවබෝධයක් සහිතව ඔබේ මනස අරමුණු ගත කරගැනීම ඔබ අනිවාර්යයෙන්ම කල යුතු වනවා.


මෙයත් සමග ඔබේ නිරන්තර අවදානය ඔබේ ඉලක්කය වෙත යොමුවීම, ඔබට ඉදිරියට යාමට හැකි මාර්ගයන් ඉතා ඉක්මනින් ඔබේ අවදානයට යොමු වීම, ඔබේ ඉලක්කයට ලේසියෙන් පහසුවෙන් ලග වීමට හැකි ආකාරයන් පිලිබද විවිද අදහස් මතුවීම වැනි බොහෝමයක් දේවල් ඔබ තුල සිදුවෙන්න පටන් ගන්නවා. එමෙන්ම මෙවැනි තත්වයක් ඔබේ මනස තුල ගොඩනැගීමත් සමග යමක් කල හැකිය බලාපොරොත්තු තිබුනත් ඒවා සැබෑකරගත හැකිවේද නොහැකිවේද යන සැකය ඔබ තුල තිබුනානම් ඒ දේවල් ඔබේ මනසින් ඉවත්වීමත්, ආත්ම ශක්තිය වර්ධනයවීමට පටන් ගැනීමත් සිදුවනවා!


4. මනස තුල වන ආකර්ෂණ ශක්තිය වර්ධනය කරගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම


අපේ මනස තුල තිබෙන එක්තරා සුවිශේෂී ශක්තියක් තමයි ආකර්ෂණ ශක්තිය කියන්නේ, මේ තුලින් ඔබට ඔබේ ඉලක්කයට යාමට අවශ්‍ය කරන බොහෝමයක් දේවල් ඔබ වෙතට ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙම හැකියාව වර්ධනය වීම සිදුවන්නේ ඔබ ඔබේ ඉලක්ක සම්බන්දයෙන් වන චිත්තරූප මැවීම සිදුකරන්නේ කොහොමද කියන කාරනය මත. බොහෝ දෙනෙක් මේ චිත්ත රූප මැවීමේ නිවරැදි ක්‍රමය නොදන්නා කම නිසා තමන් සතු ආකර්ෂන ශක්තිය වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගැනීමේන්, තමන්ට අනවශ්‍ය තත්වයන් තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කර ගැනීම සිදුකරනවා.


ඔබ උවමනාවෙන් කලත් නොකලත් ඔබේ මනස තුල චිත්ත රූප මැවීම නිරන්තරයෙන් සිදුවනවා. ඒ වගේම ඔබ විශ්වාස කලත් නොකලත්, මෙහි සම්බන්දය ගැන දැන සිටියත් නොදැන සිටියත් එහි ප්‍රතිඵල ලැබීම නිරන්තරයෙන්ම සිදුවනවා. මේ නිසා ඔබ මේ පිලිබද නිවරැදි අවබෝදයක් ඇතිව ඔබට අවශ්‍ය දේවල් ඔබ වෙතට ආකර්ෂනය වන පරිදි චිත්ත රූප මැවීමේ කටයුත්ත මෙන්ම ඉබේ ඇතිවන චිත්ත රූප පවා අපට අවශ්ය ආකාරයේ ඒවා වන තත්වයකට ඔබේ මනසේ ස්වභාවය සකසා ගැනීම ඉතාමත් වැදගත් වනවා!


යම් අයෙකුට මේ පියවර 4 තුල තම මනස සකසා ගැනීමේ හැකියාවක් තිබෙනවානම් ඉතා සුළු කාලයක් තුල නිශ්චිත වශයෙන්ම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය වෙනස් වීමට පටන් ගැනීම සිදුවනවා! එමෙන්ම ඔහුට හෝ ඇයට ඉතා වේගයෙන් හා පහසුවෙන් තම ප්‍රායෝගික ජීවිතය තුල සාර්ථක වීමේ හැකියාව උදා වනවා!


සටහන: මානව හැකියා හා පුහුණු උපදේෂක, ව්‍යවසායක, චතුස්ක අමරසේකර


 

ඔබේ යටිසිතේ ශක්තිය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගන්න අසිරිමත් යටිසිත - ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කර ගන්න.



 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page