මුදල් උපයන්න, පොහොසත් වෙන්න, මුදල් ප්‍රශ්න වලින් මිදෙන්න හැම කෙනෙක්ම කැමතියි. නමුත් එය ප්‍රායෝගික ජීවිතයේදී සැබෑවටම ලගා කරගන්නේ ඉතා සුලු පිරිසක් පමණයි. හරියටම කීවොත් ඒ ප්‍රමාණය මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 20% පමණ ප්‍රමාණයක්. ඉතිරි 80%ම තමන්ගේ මුලු ජීවිත කාලයම ගෙවන්නේ සල්ලි කියන දේ ප්‍රශ්ණයක් කරගෙන.
මෙන්න මේ තත්වයේ ඔබත් පසුවෙනවානම් , අද අපි ඔබට කියලා දෙන්න හදන්නේ මේ ආර්ථික ප්‍රශ්ණ වලින් මිදෙන්න , වේගයෙන්, වැඩියෙන් මුදල් උපයන්න පුලුවන් තත්වයක් ඇතිකර ගැනීම වෙනුවෙන් වන මනෝ විද්‍යාත්මක පියවර 4ක් ගැන.
පියවර අංක 1 - මූළ්‍යමය වශයෙන් ධනාත්මක මනසක් සකස් කර ගන්න.
ඒ කියන්නේ මුදල් ගැන, මුදල් ඉපයීම ගැන, ඍණාත්මක අදහස් නැති, නිශ්චිත මූල්‍යමය අරමුණු හා ඉලක්ක සහිත, ධනාත්මක ශක්තිමත් මනසක් ඇතිකර ගැනීම හා මුදල් පිලිබද වන මූලික සංකල්ප නිවරැදිව අවබෝධ කර ගැනීම කියන එක.
උදාහරණයක් විදිහට,
දක්ෂතාවය , හැකියාව වගේ දේවල් තිබූ පමණින් මුදල් උපයන්න බෑ, මුදල් ඉපයීම කියන විශයේ දක්ෂයෙක් වුනොත් තමන්ට නැති හැකියාවන් වුවත් මුදල් බවට පත් කරන්න පුලුවන්
තමන් භාවිතා කරන වාහනය නිවස, වත්කමක් කියලා හිතාගෙන හිටියට වත්කමක් නෙමේ
මුදල් ඉතිරි කිරීම කියන්නේ දේ නොකල යුතු දෙයක්
මූළ්‍යමය සාර්ථකත්වය ගොඩනැගෙන මානසික සමීකරණ
වගේ සංකල්ප නිවරැදිව තේරුම් ගැනීම මෙයට අදාල වෙනවා.
වගේ සංකල්ප නිවරැදිව තේරුම් ගැනීම මෙයට ඇතුලත් වෙනවා.
පියවර අංක 2 - නිර්මාණශීලීත්වය දියුනු කර ගැනීම
ඒ කියන්නේ තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තමන් වෙත ලගා කරගැනීම වෙනුවෙන් නිර්මාණශීලීව හිතන්න, ඕනෑම දෙයක වටිනාකම වැඩිකරන්න තියෙන මානසික හැකියාව වර්ධනය කර ගැනීම කියන එක.
උදාහරණයක් විදිහට
ඔබට කොමඩු ගෙඩියක් විකුනලා රු 80-100ක් උපයන්න පුලුවන්, ඒ වගේම ඒ කොමඩු ගෙඩිය , කොමඩු යුශ බවට පත් කරලා එක ගෙඩියකින් වීදුරු 6 විතර හදලා රු 900ක් විතර උපයන්නත් පුලුවන්. ඒ වගේම ඒ කොමඩු යුශ වීදුරුව පිලිගන්වන විදිහ එහි බාහිර අලංකාරය වෙනස් කරලා ඇතැම් විට එක කොමඩු යුශ වීදුරුවක් සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් තුන් ගුණයක් වැඩියෙන් අලෙවි කරන්නත් පුලුවන්.
මෙන්න මේ තත්වය ඔබ තුල නැත්නම් ඔබ ලග තියෙන මුදල් ඉපයීමේ අවස්ථාවන් පවා ඔබට නොපෙනී යනවා. මේ නිසා ඒ වෙනුවෙන් වන මානසික පුහුණු කිරීමේ අභ්‍යාස වලට යොමු වෙමින් නිර්මාණශීලී බව වර්ධනය කර ගැනීම ඉතාම වැදගත්
පියවර අංක 3 - ප්‍රායෝගික අලෙවිකරන හැකියාවන් වර්ධනය කර ගැනීම.
ඔබ සතුව කොතරම් දක්ෂතා, හැකියාවන් තිබුනත්, කොතරම් භාන්ඩ හා සේවා තිනුනත් ඔබට තවත් කෙනෙකුගේ මනස, ඔබට මුදලක් ගෙවා තමන් සතු වටිනාකම මිලදී ගැනීම සිදුකරන තෙක් පෙලබවීමට නොහැකිනම් ඔබට නිසකවම මූළ්‍යමය අතින් අසාර්ථක වන්නට සිදුවෙනවා. මේ නිසා ඔබ සතු හෝ ඔබ ඇතිකරන වටිනාකමට ගැලපෙන පාරිබෝගික පිරිස හදුනා ගැනීම හා ඔවුන්ගේ මනස මිලදී ගැනීමට, ගනුදෙනුවක් සිදුකිරීමට පෙලබවීම සම්බන්දයෙන් ඔබ දක්ෂයෙක් විය යුතුයි. ඒ වෙනුවෙන් වන ක්‍රම ශිල්ප ඔබ ඉගෙනගෙන තිබිය යුතුයි. එසේ නොවන්නට ඔබ සතුව ලෝකයේ වටිනාම දේවල් තිබුනත් ඔබට එයින් ප්‍රමාණවත් ආදායමක් ලබන්න ලැබෙන්නේ නෑ.
උදාහරනයක් විදිහට
ලොව පළමු මෝටර් රථය නිපදවූ කාල් බෙන්ස්ට එයින් කිසිදු මුදලක් උපයා ගන්න ලැබුනේ නෑ. නමුත් ඔහුගේ බිරිද එය මිලියන ගනනින් ආදායම් ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත් කලා.
නිකොලා ටෙස්ලාට තමන්ගේ දැනුම භාවිතා කරලා ධනවතෙක් වෙන්න ලැබුනේ නෑ, නමුත් තෝමස් එඩිසන් ඒ දැනුම භාවිතා කරලා විශාල ධනවතෙක් බවට පත් වුනා.
කොතරම් වටිනා දේවල් ඔබ සතු වුනත් වැඩක් නෑ, ඔබට තවත් කෙනෙකුට එය අලෙවි කරන්න, තවත් කෙනෙකු ඔබ සතු වටිනාකම් වෙනුවෙන් මුදල් ගෙවන තත්වයකට මානසික පෙලබවීමක් කිරීමට ඔබට හැකියාවක් නැත්නම්. මේ නිසා අලෙවි කරන ඉගෙන ගැනීම වැඩියෙන් මුදල් ඉපයීම වෙනුවෙන් ඉතාම වැදගත්.
පියවර අංක 4 - උපයන මුදල් නිවරැදිව පරිහරණය කරන්න ඉගෙන ගැනීම
ඔබ දවසට කෝටියක් ඉපයූවත් වැඩක් නෑ, ඔබ ඒ කෝටියම වියදම් කරනවානම්, ලෝකයේ ධනවත් වූ මිනිසුන් වේගයෙන්ම ධනවත් වුනේ භාන්ඩ හා සේවා අලෙවියෙන් නෙමේ, තමන් උපයන මුදල් නැවත් මුදල් කිරීමට යෙදවීමෙන්. සරලවම ඔබ මුදල් පරිහරණය කරන ආකාරය අනුව, ඔබ උපයන මුදලෙන් කොපමණ ප්‍රතිශතයක් කුමන කුමන දේවල් වෙනුවෙන් වියදම් කරනවාද යන්න මත ඔබ අනාගතයේදී දුපත් වෙනවාද , පොහොසත් වෙනවාද, මධ්යමපාන්තිකයෙක් වෙනවාද යන්න වගේම එම තත්වයන් වෙත ඔබ කොතරම් වේගයෙන් ලගා වෙනවාද යන්නත් තීරණය වෙනවා.
ඒ දේවල් ඔබ දන්නේ නැත්නම් ඔබ කෝටියක් ඉපයූවත් අසාර්ථක වීම සිදුවෙනවා. මෙයට තියෙන හොදම උදාහරණය තමයි, ලෝකයේ ලොතරැයි දිනුම් වලින් ධනවතුන් වෙන 99%ක්ම මීලග වසර කීපය තුල තමන් සිටි තත්වයටත් වඩා පහල ජීවන තත්වයකට පත්වීම. මොකද මුදල් ලැබුනට එය හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ. තමන් කරන වියදම් තමන්ගේ අනාගතයට බලපාන ආකාරය ගැන අවබෝධයක් නෑ. එතකොට ඔබ කවුරු වුනත්, කොතරම් මුදල් තිබුනත් ඔබ ආනාගතයේදී අසාර්ථක වෙනවා.
සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොතමෙතැන Click කර Download කර ගන්න.
Comments