42 කියන්නේ ලෝකය වෙනස් කරපු අංකයක්, Jackie Robinson කියන්නේ කලු ජාතික බේස් බෝල් ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ක්‍රීඩා කරන කාලයේ ඇමරිකාව තුල තිබුනේ කලු ජාතිකයන් වහලුන් ලෙස සලකන කාලයක්. සරලවම කලු ජාතිකයෙක්ට , සුදු ජාතිකයෙක් යන වැසිකිලියකටවත් යන්න හැකියාවක් තිබුනේ නෑ.
මෙන්න මේ වගේ සමයක තමයි Branch Rickey කියන අසහාය ව්‍යාපාරිකයා, සුදු ජාතිකයන් සමග බේස් බෝල් ක්‍රීඩා කරන්න Brooklyn Dodgers කන්ඩායමට Jackie Robinsonව බදවාගන්න තීරණය කරන්නේ.
42 කියන්නේ Branch Rickey සහ Jackie Robinson එකතු වෙලා දහසකුත් බාදක මැද ක්‍රීඩාවෙන් වර්ණ බේදවාදය ඉවත් කරන හැටි ගැන හැදුනු අපූරු චිත්‍රපටයක්. ව්‍යාපාර, ක්‍රීඩාව හා සමාජීය සාර්ථකත්වය ගැන සැකසුනු, ඔබ නැරබිය යුතුම චිත්‍රපට ගොන්නට එකතු කරගත යුතුම චිත්‍රපටයක්. මෙය 42 ලෙස නම් කරන්නේ Jackie Robinsonගේ ක්‍රීඩක අංකය වූයේ 42 නිසාවෙන්.
පහතින් 42 චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය ඔබට නරබන්න පුළුවන්!
댓글