1. අයහපත් සෞක්‍ය ගැන හිතන්න එපා.
තමන්ගේ සෞක්‍ය තත්වය අයහපත් බව, නිතර නිතර සිතන්න එපා, වෙන අය සමග ඒ පිලිබද නිතර නිතර කතා කරන්න යන්න එපා. යම් අසනීපයක් තිබෙනවානම් එහි වගකීම ඔබේ වෛද්‍යවරයාට බාර දී , ඔහුගේ උපදෙස් මත ක්‍රියා කරන්න. එය ඔබේ ගැටලුවක් කර ගැනීමෙන් වලකින්න.
අයහපත් සෞක්‍ය තත්වය ගැටලුවක් කරගෙන ජීවත් වීම , ඔබේ යටි සිතේ බලපෑම සමගින් ඔබේ සෞක්‍ය තත්වය තවත් අයහපත් කිරීමට බලපායි.
2. සිතුවිලි මගින් බලගැන්වූ වතුර පාවිච්චි කරන්න.
ජලය යනු ඉතා වේගයෙන් සිතුවිලි සමග ක්‍රියා කරන දෙයකි. සෑම මොහොතම ජලය පානයට පෙර එම ජලය දෙස බලා, එය තමන්ගේ සෞඛ්‍යයට හිතකර , තමා වඩාත් නිරෝගී පුද්ගලයෙක් කරන ඔසුවක් බව සිතන්න. ජලයට තමාව සුවපත් කෙනෙකු කිරීම පිලිබද ස්තුති කර පානය කරන්න. එවිට ඔබ පානය කරන ජලයේ ජල අංශු වෙනස් වෙමින් එයට ඔබව සුවපත් කිරීමේ බලයක් එකතු වෙයි.
එම ජලය පානය කිරීම හරහා , ඔබේ ශරීරයේ 70%ක ප්‍රමාණයක් අන්තර්ගත ජලයට එය එකතු වන අතර එමගින් ඔබේ ශරීරයේ වන රසායනිකයන්ගේ වෙනසක් ඇති වේ. මෙය පරීක්ෂණාත්මකව මේ වන විට ඔප්පු කර ඇත.
3. සිනහා වෙන්න, සතුටින් සිටින්න.
සෑම විටම , සතුටින්, සිනහසෙමින් සිටීම ඔබව මානසිකව මෙන්ම ශාරීරිකවත් නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරයි. එයද ඔබේ ශරීරයේ වන රසායනිකයන්ගේ වෙනස් කම් ඇතිකරමින් ඔබව නිරෝගී, ක්‍රියාශීලී මිනිසෙක් බවට පත් කරයි.
4. දිගු හුස්ම ගැනීම් පුරුදු කරන්න
සෑම විටම දිගු හුස්ම ගැනීම් සිදුකරන්න, හොදින් පෙනහලු පිරෙන සේ හුස්ම ගන්න. එය ඔබේ ක්‍රියාශීලී බව , මානසික ඒකාග්‍රතාවය මෙන්ම ශරීර රසායනිකයන්ගේ සමබරතාවය ඇතිකරයි. ශරීර ක්රියාකාරීත්වයන් නිවරැදිව ක්රීයාත්මක කරවීම වෙනුවෙන් බලපෑම් ඇතිකර ඔබව නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරයි.
5. ශාරීරික ව්‍යායාම වලට හුරු වෙන්න
දිනපතා හොදින් දහඩිය දමන ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. එය ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීමටත්, ඔබේ ශරීරයේ ඇති අයහපත් රසායනිකයන් ඔබේ ශරීරයෙන් ඉවත් කිරීමටත් උපකාරී වෙයි.
6. නැවුම්, රසායනිකයන්ගෙන් තොර ආහාර ලබා ගන්න.
සෑම විටම නැවුම්, රසායනික ද්‍රව්‍ය නොයෙදූ ආහාර ලබා ගන්න, හැකිනම් තමන්ට අවශ්‍ය ආහාර වගා කරගන්න හුරු වෙන්න. රසායනික ද්‍රවය සෑම විටම ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපන කරන අතර ඔබේ සිතීමේ හැකියාව වැනි මානසික තත්වයන්ටද බලපෑම් ඇති කරයි.
7. මස් මාංශයන්ගෙන් වලකින්න.
හැකිතරම් මස් මාංශ ආහරයට ගැනීමෙන් වලකින්න, මස් මාංශ නිශ්පාදනයේදී සිදුකරන හෝමෝන වෙනස් කිරීම්, මෙන්ම සතුන් මරනයට පත් කිරීමේදී සිදුවන රසායනික වෙනස් වීම් ඔබේ ශරීරයට අහිතකර ලෙස සෑම විටම බලපෑම් ඇති කරයි.
コメント