top of page
Writer's pictureChathuska Amarasekara

යටි සිතේ ශක්තියෙන් ඔබ වෙතට මුදල් ආකර්ෂණය කරගන්නා හැටි


Manifesting Money එහෙමත් නැත්නම් මානසික ශක්තීන් හරහා මුදල් ආකර්ෂණය කර ගැනීම ලංකාවේ අපිට ඇතැම් විට අලුත් දෙයක් වගේ පෙනුනත් මේ දේවල් ලෝකයේ දියුනු රටවල් වලනම් නිතර කතා වෙන, බොහෝ දේනෙක් දැඩි උනන්දුවක් දක්වන මාතෘකාවක්.


කොහොම වුනත් අද ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ පිලිබද හරි අදහසකින් ජීවත් නොවුනාට මානසික ශක්තීන් සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමේ. ඉතිහාසය දිහා හොද අවදානයකින් බැලුවොත් අතීතයේ ජීවත් වූ මිනිසුන් මේ ශක්තීන් ඉතා ඉහල මට්ටමකින් බාවිතා කල බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. නමුත් කුමක් හෝ අවාසනාවකට අපේ රටේ මිනිස්සු තමන්ගේ රටේ දේවල් අමතක කරලා බටහිර දේවල් පමණක් පිලිගන්න හුරු වුන නිසා, මේ සංකල්ප මේ වෙනකොට ප්‍රායෝගිකව පාවිච්චි කරන කෙනෙක් නැති තරමට අපේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙනවා.


ඒ දේවල් කොහොම වුනත්, ඔබ මේ වෙනකොට සල්ලි ප්‍රශ්නෙක ඉන්නවානම් මේ ලිපිය ඔබට එයින් මිදෙන්න යම් උදව්වක් ලබා දේවි, අලුත් පාරක් පෙන්වාවි කියලා මම විශ්වාස කරනවා.


අපේ යටි සිත කියන්නේ බොහෝ දෙනෙක් තවමත් හදුනාගෙන නැති විශාල ශක්තීන් රාශියක් එක්තැන් වුන තැනක්. එහි තිබෙන එක ප්‍රබල ශක්තියක් තමයි අපිට අවශ්‍ය දේවල් අපි වෙතට ආකර්ෂණය කර දීමේ ශක්තිය. ඉංග්‍රීසියෙන් මෙයට Attraction Power කියලා කියනවා. සරලවම කීවොත් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ මෙන්න මේ අපේ යටි සිතේ තියෙන Attraction Power එක පාවිච්චි කරලා අපි කොහොමද අපිට අවශ්‍ය තරම් මුදල් අපි වෙතට ආකර්ෂණය කරගන්නේ කියලා.


සාමාන්‍යයෙන් අපිට සල්ලි ලැබෙන ක්‍රම 3ක් තියෙනවා. ඒ තමයි

1. මුදල් ඉපයීම මගින්

2. වෙනත් කෙනෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබීමෙන්

3. අහබු වාසි තුලින්


සාමාන්‍යයෙන් මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම කෙනෙක්ට සල්ලි ලැබෙනවානම් ඒ සල්ලි ලැබෙන්නේ මේ ක්‍රම 3න් එකකින්. ඒ කියන්නේ ඔබට ඔබ වෙතට මුදල් ආකර්ෂණය කරගන්න ලැබෙන්නෙත් මේ ක්‍රම හරහාම තමයි. මේ Attraction Power එක අපේ යටි සිත තුල වර්ධනය වීමෙන් ඇත්තටම සිදු වෙන්නේ මෙන්නම් මේ ක්‍රම තුන හරහා අපි වෙතට මුදල් ගලා එන්න තියෙන බාදාවන් නැති වෙලා , එම මාර්ගයන් නියම ආකාරයෙන් විවර වෙන එක.


සරලවම කීවොත්, Attraction Power එක අපේ සිත තුල සැලකිය යුතු ප්‍රමානයකින් වර්ධනය වුනාම, මුලින්ම ඔබට ඔබේ හැකියාවෙන් , දැනට උපයනවාට වඩා වැඩියෙන් උපයන්න පුලුවන් මාර්ග ඔබේ අවදානයට ලක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ තුල තියෙන මුදල් ඉපයීමේ හැකියාව වර්ධනය වෙනවා.


දෙවනුව, ඔබට මුදලින් උදව් කරන්න පුලුවන් මිනිසුන් ඔබ වෙතට ඉබේම ආකර්ෂණය වෙනවා, ඒ වගේම ඔවුන්ට ඔබට උදව් කරන්න හිතෙනවා. මෙය ඇත්තටම ඔබේ සිතුවිලි ඔවුන්ගේ සිතුවිලි සමග ක්‍රියාත්මක වීමෙන් ඇති වෙන දෙයක්. ඔබටත් ඇතැම් විට අත්දැකීම් ඇති සමහර මිනිස්සු ඉන්නවා අපිට කොයි තරම් හොදින් සැලකුවත්, ඔවුන් සමග බැදීමක් ඇතිකර ගන්න අපිට හිතෙන්නේ නෑ. ඔවුන්ට උදව්වක් කරන්න හිත දෙන්නේ නෑ. එයට හේතුව තමයි පිටතින් අපි කොතරම් හොදින් සිටියත් අපේ සිතුවිලි තරංග ක්‍රියාත්මක වීමේදී එම සිතුවිලි තරංග විකර්ෂණය වීම. මෙන්න මේ තත්වය ඔබ තුලත් තියෙනවානම් Attraction Power එක වර්ධනය වීම සමග ඔබට උදවු කල හැකි අයගේ ඔබ කෙරෙහි වන කැමැත්ත වර්ධනය වෙන්න පටන් ගනන්වා. ඔබට උදව්වක් ඉල්ලපු සැනින් උදව් ලැබෙන ආකාරයේ තත්වයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.


තුන් වෙනි කාරනය Attraction Power එක ඔබේ යටි සිත තුල වර්ධනය වීම සමග, ඔබට යමක් ලැබෙන්න තියෙන සම්බාවිතාවය වැඩි වීම සිදුවෙනවා. ඔබ දැකලා ඇති සමහර මිනිසුන් ඉන්නවා , මොන දේ කලත් ඔවුන්ට හරියනවා. සමහර වෙලාවට ලොතරැයියක් ගත්තත් කුමක් හෝ දිනුමක් ඔවුන්ට ලැබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා මෙයට වාසනාව කියලා. මෙන්න මේ තත්වය ඔබ තුල නිරායාසයෙන්ම වැඩි වීමක් Attraction Power එක වර්ධනය වීම සමග සිදුවෙනවා.


දැන් ඇතැම් විට මේ දේවල් ඔබට කියවනකොට ඔබට හිතේවි ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද කියලා. ඔබට එහෙම හිතෙනවානම් මම ඔබට ඒ වෙනුවෙන් දෙන එකම පිලිතුර තමයි , මම කියන නිසා මේ දේ පිලිගන්න එපා කියන එක. අද ඉදලා ඉදිරි දින 30ක් , දවසට විනාඩි 15 බැගින් වෙන්කරගන්න. ඒ විනාඩි 15තුල Attraction Power එක වැඩිකරන යටිසිත බලගැන්වීමේ අභ්‍යාසයක් නිරත වෙන්න. ප්‍රතිඵල ලැබෙනවානම් විතරක් පිලිගන්න.


මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ සාර්ථක චරිත ඉන්නවා මේ ක්‍රමය ප්‍රායෝගිකව බාවිතා කල වගේම දැනටත් කරන. ඒ වගේම පිටින් බලනකොට මේ දේවල් අගක් මුලක් නැති හිතලු වගේ පෙනුනට මේ සියල්ල පසුපසම විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. සාර්ථකත්වය කියන දේ කිසිම විටෙක හේතුවක් නැතුව, පදනමක් නැතුව අපේ ජීවිත වලට ඇති වෙන්නෙ නෑ. ඒ පිටුපස සෑම විටම තාර්කික පදනමක් තියෙනවා. මේ නිසා ඔබත් මේ ලිපිය ආරම්භයක් කරගෙන මේ පිලිබදව ටිකක් තාර්කික වගේම, ප්‍රායෝගික මට්ටමකින් හැදෑරීමක් කරන්න උත්සාහ කරන්න.


ඔබ සාර්ථක වෙන ක්‍රම කෝටියක් දැනගෙන හිටියත් වැඩක් නෑ ඔබ මේ දේවල් පාවිච්චි කරලා සාර්ථක වෙන්නෙ නැත්නම්. ඔබ වෙනත් විශයක් පිලිබද හොද දැනුමක් තියෙන කෙනෙක්නම් ඔබට අඩුම තරමේ සමාජයෙන් ඉගෙන ගත්ත මිනිසෙක් කියන පිලිගැනීමවත් ලැබෙනවා. නමුත් සාර්ථකත්වය කියන්නේ ප්‍රායෝගික විශයක්, එය ඉගෙන ගෙන මතක තියාගත්තට වැඩක් නෑ. ඔබට එයින් අඩුම තරමේ කලින් වගේ පිලිගැනීමක් වත් ලැබෙන්නේ නෑ. සියල්ල ලැබෙන්න පටන් ගන්නේ ඒ දැනුම ප්‍රායෝගිකව බාවිතා කරන්න පටන් ගත්තොත් පමණයි.


ඔබට මූළ්‍යමය අතින් දියුනු වෙන්න වගේම, ජීවිතයේ ඕනෑම ආකාරයකින් සාර්ථක වෙන්න, ඔබ වෙතට ඔබ කැමති තත්වයන් ආකර්ෂණය කර ගන්න, යටි සිතේ ශක්තිය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද, ඒ වෙනුවෙන් ඔබ පුහුණු කල යුතු ප්‍රායෝගික ශාරීරික හා මානසික අභ්‍යාස මොනවද?, මේ පිටුපස තිබෙන විද්‍යාත්මක පසුබිම කුමක්ද, එය තහවුරු කර ගැනීමට සිදුකර ඇති පරීක්ෂණ මොනවාද වගේ ඔබට අවශ්‍ය සියලුම මූලික දැනුම ලබා ගන්න, " අසිරිමත් යටි සිත - විශ්මිත සාර්ථකත්වයක රහස " ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කරගන්න.



මෙය මුද්‍රිත පිටපතක් ලෙස නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් මෙතැන click කර ඔබගේ ඇනවුම ඉදිරිපත් කරන්න.


සෑම විටම Winners Lounge අපේ මූලිඛ අරමුණ අපගේ සියලු නිශ්පාදන හා සේවා හරහා ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන, ප්‍රායෝගිකව ප්‍රතිඵල ලගා කරගන්නා මිනිසෙකු බවට පත් කිරීමයි. එම නිසා මෙහි ඇතුලත් අභ්‍යාස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදේ ඔබට යම් ප්‍රායෝගික ගැටලුවක් ඇතිවෙනවා නම් ඒ පිලිබද ඔබ මෙම පොත බාගත කිරීමේදී හෝ ඇනවුම් කිරීමේදී ඔබට ලැබෙන යොමු අංකය (Order Number) සමග ඔබේ ගැටලුව පැහැදිලිව විස්තර සහිතව සදහන් කර info@winnersloungelk.com යන අපගේ ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන් ඔබට ඒ සම්බන්දයෙන් නොමිලේ උපදෙස් ලබාගැනීමේ හැකියාවක් ඇත.


3,659 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page