top of page

යටි සිතේ බලය පාවිච්චි කරලා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද? #ඇත්ත_නැත්ත

Updated: Dec 4, 2020


මූල්‍යමය අතින් සාර්තක වෙන්න හීන මවන බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ද මාතෘකාවක් තමයි. යටි සිත , සිතුවිලි, ආකර්ෂණ නීතිය වගේ ක්‍රම බාවිතා කරලා තමන්ගේ මූල්‍යමය සාර්තකත්වය ලගා කරගැනීම කියන දේ. ඇතැම් කෙනෙක් මෙය පිලිගන්නවා, නමුත් සමහරුන්ගේ මතය මෙය වෙන්න පුලුවන් දෙයක් නොවන බව. මේ නිසා අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මෙය කරන්න පුලුවන්ද , නැත්නම් මෙයත් හුදු මිත්‍යා මතයක්ද යන්න කියන දේ ගැන. එය ඇත්තක්නම් එයින් කොහොමද ප්‍රායෝගික ප්‍රතිඵලයක් ලබා ගන්නේ කියන දේ ගැන.


අපේ මනස කියන්නේ ඇත්තටම අපි හිතනවාට වඩා විශාල ශක්තීන් ප්‍රමාණයක් සැගවුන තැනක්. ඇත්තටම තවමත් නූතන විද්‍යාවට අපේ මනසේ තිබෙන ශක්තීන් මොනවාද යන්න 100%ක් හදුනා ගන්න පුලුවන් වෙලා නෑ. නමුත් මානසික ශක්තිය විශේෂයෙන් දියුනු නොකරපු කෙනෙකු සතුව පවා තමන්ට තමන් අවට සිටින පුද්ගලයන් හා වෙනත් වස්තූන් වලට බලපෑම් කල හැකි මානසික ශක්තියක් තිබෙන බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. එයට හොදම උදාහරණයක් ලෙස ජපන් ජාතික මහාචාර්ය වරයෙන් වන Masaru Emoto විසින් සිදු කල පරීක්ෂණ හදුන් වන්න පුලුවන්. මේ නිසා සිතුවිලි වලට ශක්තියක් නෑ, එයට කල හැකි දෙයක් නෑ කියන දේ කිසිම ආකාරයකින් පිලිගන්න හැකියාවක් නෑ.


නමුත් මෙයට අපේ මූල්‍යමය තත්වයට බලපෑමක් කරන්න පුලුවන්ද?


අද වන විට පිලිකා වැනි දරුණු රෝග පවා සුවපත් කරන්න යටි සිත තුල වන ශක්තියෙන් පුලුවන් බව පිලිගෙන එය ලොව පුරා බටහිර වෛද්‍යවරුන් පවා තම රෝගීන් සුවපත් කිරීමට Meditation කියන දේ බාවිතා කරනවා. ඒ කියන්නේ අපේ සිතුවිලි වලට අපි තුල විවිද රසායනික වෙනස්කම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සිතුවිලි වලට තවත් කෙනෙකුගේ සිතුවිලි සමග සබදතා පවත්වන්න පුලුවන් බවත් අද වන විට බොහෝ පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා.


දැන් ඔබ හොදට හිතන්න මුදල් කියන දේ අපි නිපදවන දෙයක් නෙමේ. එය අපි වෙතට ලගා වෙන්නක්. අපි ලෝකයට ලබා දෙන වටිනාකමකට සාපේක්ෂව මේ ලෝකයේ සන්සරණය වන මුදල් වලින් යම් ප්‍රමානයක් අපි වෙතට ලගා වීම සිදුවනවා. ඒ වගේම අපිට යම් දෙයක් ලබා ගන්න විට එය අපි වෙතින් ඉවත් වී යනවා.


මුදල් කියන දේ අපි වෙතට ලගා වෙන්න නම් අපි ගාව වටිනාකමක් තියෙන්න ඕනේ , ඒ වගේම මුදල් තියෙන කෙනෙක් ඒ වටිනාකම තේරුම් ගෙන අපිට මුදල් දෙන්න කැමති වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මුදල් ලැබෙන්නේ. එතකොට ඔබ ලග මුදල් නැත්නම් ඒකට හේතුව වෙන්නෙත් , එක්කෝ ඔබ සතුව මුදල් වෙනුවෙන් හුවමාරු කරන්න සුදුසු වටිනාකමක් නෑ, එහෙමත් නැත්නම් එය මිලට ගන්න කැමති කෙනෙක් නෑ.


ඔබ හිතන්න ඔබට රැකියාවෙන් හොද මුදලක් උපයන්න බෑ කියලා. එහෙමනම් මොකක්ද එයට සැබැ හේතුව? එක්කෝ ඔබ ඔබේ ශ්‍රමය, කාලය, දැනුම අලෙවි කරන්නේ එයට සරිලන වටිනාකමක් දෙන්න කැමති නැති කෙනෙක්ට, එහෙමත් නැත්නම් ඇත්තටම ඔබ ලග තියෙන වටිනාකම ( ශ්‍රමය, කාලය, දැනුම ) ඔබ සුදුසු අයුරින් , අවශ්‍ය අයුරින් ඔබ ලබා දෙන්නේ නෑ! ව්‍යාපාරයක වුනත් එහෙමයි.


ඔබේ යටිසිතට යම් විදිහකින් මූල්‍යමය තත්වය වෙනස් කරන්න පුලුවන්නම් එයට අනිවාර්‍යයෙන් මේ කරුණු දෙක වෙනස් කරන්න පුලුවන් විය යුතුයි.


1. එයට පුලුවන් විය යුතුයි, ඔබ සතු සැබෑ වටිනාමක් හදුනා ගන්න, එහෙමත් නැත්නම් නව වටිනාකම් ගොඩනගන්න, එහෙමත් නැත්නම් ඔබ සතු වටිනාකම් වඩා වැඩි වටිනාකමක් ඇති ආකාරයෙන් ලෝකයට මුදා හරින්න.


2. එහෙමත් නැත්නම් එයට පුලුවන් විය යුතුයි. ඔබ සතු වටිනාකම් වලට වැඩි මුදලක් ගෙවන්න කැමති අයව ඔබ වෙතට ලගා කර දෙන්න.


ඇත්තටම ඔබේ සිතුවිලි වලට, ඔබේ යටි සිතට මේ දෙකම කරන්න පුලුවන්. ඔබ දැඩි ආශාවක් ඇති කරගන්න යම් කිසි වාහනයක් ගැන. එදා පටන් ඔබට එම වාහන පාරේ යන ආකාරය නිතර පෙනෙන්න පටන් ගන්නවා. ඒ ආකාරයෙන්ම ඔබ යම්කිසි මූල්‍යමය ඉලක්කයක් වෙනුවෙන් ඔබේ යටි සිත බලගැන්වුවොත්, ඔබට එම වටිනාකම ලබා ගත හැකි මාර්ග ඉබේම පෙනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ සතු නමුත් ඔබ බාවිතා නොකරන වටිනාකම් මෙන්ම, ඔබේ මූල්‍යමය ඉලක්කයට ලගා වීම වෙනුවෙන් ඔබ සතු වටිනාකම් වඩා වැඩි වටිනාකමකට හුවමාරු කල හැකි ආකාර ගැන ඔබේ සිතට අදහස් එන්න පටන් ගන්නවා.


ඒ වගේම අපි කලින් සදහන් කලා වගේම අපේ සිතුවිලි වෙනත් අයගේ සිතුවිලි සමග ක්‍රියා කරනවා. හොදට අවදානයෙන් යුතුව ලෝකය දෙස බලන්න, ව්‍යාපාරිකයන් සමග වඩාත් මිතුරු වෙන්නේ ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් සමග වඩාත් මිතුරු වෙන්නේ ක්‍රීඩකයන්. එක වගේ අදහස් තියෙන , ගැලපෙන අවශ්‍යතා තියෙන අය සැම විටම එකි නෙකා වෙත ආකර්ෂණය වෙනවා. මේ ආකාරයෙන්ම ඔබ යම්කිසි මූල්‍යමය ඉලක්කයක් වෙනුවෙන් යටි සිත බලගැන්වීමට පටන් ගත් මොහොතේ පටන්, ඔබට එම ඉලක්කය වෙත ලගා වීමට උදවු වන අය, ඔබ වෙතට නිරායාසයෙන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔබ යම්කිසි මූල්‍යමය ඉලක්කයක් වෙනුවෙන් යටි සිත නිවරැදිව බලගැන්වීම කලොත් අනිවාර්යයෙන්ම ඒ හරහා ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා.


නැපෝලියන් හිල්, ඇන්ඩෘ කානිගේ, ජිම් රෝන්, ඇන්තනී රොබින්ස්, විල් ස්මිත්, ඔප්‍රා වින්ෆ්‍රි, හෙන්‍ රි ෆොර්ඩ්, ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීව් ජොබ්ස්, තෝමස් අල්වා එඩිසන් වැනි ලෝකය තුල සුවිශේෂී සාර්තකත්වයක් ලබා ගත් චරිත ගැන හොදින් අද්‍යයනය කරන්න, ඔවුන් සියල්ලගේම ජීවිත තුල ඔවුන් යටි සිත බලගැන්වීම , චිත්ත රූප මැවීම (visualization) වැනි ක්‍රම තම මූල්‍යමය ඉලක්ක වගේම ජීවිතයේ බොහෝ දේවල් ලගා කරගැනීම වෙනුවෙන් භාවිතා කල බවට ඉතා පැහැඩිලි සාක්ෂි තිබෙනවා.


කොතරම් විද්‍යාත්මක වුවත්, සාර්තක වූවන් පිලිබද කොතරම් සාක්ෂි තිබුනත්, ඔබ එය ප්‍රායෝගිකව උත්සාහ කරන තුරු ඔබට මේ කිසිම ක්‍රමයකින් ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගන්න ලැබෙන්නේ නෑ. මේ නිසා, දවසේ පැය 24න් විනාඩි 15ක් 20ක් මෙවැනි දෙයක් වෙනුවෙන් වෙන්කර උත්සාහ කර බලන්න. නිසකවම එය ඔබ සිතනවාට වඩා වැඩි දෙයක් ඔබේ ජීවිතයට ලගා කර දේවි.


ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ ඉලක්ක ලගා කරගැනිනීම වෙනුවෙන් යටි සිතේ ශක්තිය භාවිතා කරන්නේ කෙසේද යන්න නිවරැදිව ඉගෙන ගන්න, " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.



 

මෙවැනි ප්‍රායෝගික සාර්ථකත්වයේ සැබෑ ප්‍රායෝගික රහස් ගැන ඉගෙන ගන්න, ඔබත් දැන්ම

Winner's Lounge Octopus Club, අන්තර්ජාල අධ්‍යයන අංශයේ සාමාජිකත්වය ලබා ගන්න. සාමාජිකයන් වෙනුවෙන් වන විශේෂිත, ප්‍රායෝගික සාර්ථකත්වය පිලිබද ලිපි, ප්‍රායෝගික උපදෙස් පොත්, මාසික පුහුණු වැඩසටහන්, විශේෂිත පුහුණු පාඨමාලා ඇතුලු සියල්ල සදහා පිවිසුම් අවස්ථා හිමි කර ගන්න.




1,362 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page