ජිම් කෙරී කියන්නේ ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම විකට රංගන ශිල්පීන්ගෙන් කෙනෙක් කීවොත් එය නිවරැදියි. අද වන විට ලෝකය පුරාම ප්‍රසිද්දියට පත් වෙමින් ඔහු තම සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලගා වී අවසන්.
අද ඔහු සාර්ථක චරිතයක් වුවත් ඔහුගේ ජීවිතයේ ආරම්භයනම් කිසීසේත්ම සාර්ථක , ප්‍රිය ජනක එකක් නෙමේ.
ඔහුත් ඔහුගේ පවුලේ උදවියත් බොහෝ සෙයින් ආර්ථික දුශ්කරතා වලින් පෙලුනු උදවිය. මේ නිසාම ජිම් කෙරීට තම අද්යාපන කටයුතු පවා නවත්වන්න බලකිරීම එන්නේ තමන්ගේ දෙමාපියන්ගෙන්මයි. ඉගෙන ගනන් කොච්චර කැමති වුනත් ඔහුට එය අත්හැර දමා දෙමාපියන්ට මුදල් ඉපයීම වෙනුවෙන් උදවු කරන්න සිදු වුනේ කුඩා කාලයේදීම.
මෙන්න මේ ආකාරයේ පසු බිමක ආර්ථික දුශ්කරතාත් තියාගෙන තමයි ජිම් කෙරී විකට රංගන ශිල්පියෙක් වීමේ තම සිහිනය හබාගෙන යන්න පටන් ගත්තේ. නමුත් එතැනදීත් ඔහුට සෑම වෙලාවකම ලැබුනේ පරාජය.
මුල් කාලයේදී ඔහු විකට ශිල්පියෙකු ලෙස සාර්ථක වෙන්න දැඩි උත්සාහයක් ගත්ත චරිතයක්. නමුත් ඔහු කොතරම් මහන්සි වුවත් ඔහුට කිසි දිනෙක එම සාර්ථකත්වය කරා ලගා වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. ඔහුට බොහෝ විට සිදු වුනේ ප්‍රේක්ෂකයන්ගේ හූ හඩ මැද, ප්‍රතික්ෂේප වීම් මත වේදිකාවෙන් බැහැලා යන්න.
දවසින් දවස වැඩිවෙන ආර්ථික ප්‍රශ්ණත්, දැඩි උත්සාහ කිරීම් හමුවේ එක දිගටම පරාජය වීමත්, මිනිසුන්ගේ නොපිලිගැනීමත්, පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමත් ඔහුට දවසින් දවස ගෙනාවේ විශාල මානසික පීඩනයක් විතරයි.
මෙයත් සමග ඔහු තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න කුමක් හෝ මගක් හොයන්න පටන් ගත්තා, මෙන්න මෙහෙම මොහොතක තමයි ඔහුට යටි සිත ගැන , එහි ශක්තිය ගැන අහන්න ලැබුනේ. ඔහුට ඒ වෙලාවේ අවශ්‍ය වෙලා තිබුන එකම දේ වුනේ , මෙතෙක් කල දුක්විදලා හෙම්බත්වුන ජීවිතේට සමුදීලා පොහොසතෙක් වීමත් ,තම කැමැත්ත වුන විකට රංගනශිල්පියෙකු වීමේ සිහිනය සැබෑ කරගැනීමත් පමණයි.
දියේ ගහගෙන යන මිනිහා තනකොල ගහෙත් එල්ලෙනවා වගේ, ජිම් කෙරීටත් මේ දේවල් ඇත්තද , බොරුද , වෙන්න පුලුවන්ද කියල හිත හිතා ඉන්න තරම් අවශ්‍යතාවයක් තිබුනේ නෑ, ඔහු මේ දේ ගැන දැන ගත්ත ගමන්, පොහොසතෙක් වීම වෙනුවෙනුත්, විකට රංගන ශිල්පියෙකු වීම වෙනුවෙනුත් යටි සිත බලගැන්වීමේ කාර්යය පටන් ගත්තා.
ඔහු හිතා ගත්තා මීලග වසර දහය නිම වෙන්න කලින් තමන් ඒ ඉලක්කයට යන බව, ඔහු වසර දහයක් ඉදිරියට දිනයක් දමලා ඩොලර් මිලියන 10ක චෙක්පතක් ලියලා ඔහුගේ පසුම්බියට දමා ගත්තා, එයත් සමග ඔහු තමන්ගේ යටි සිත බලගැන්වීමේ කටයුත්ත ආරම්භ කලා, තමන් අහන්න ලැබුන ක්‍රම වලට අනුව ඔහු චිත්ත රූප මැවීම වැනි අභ්‍යාස හරහා තම යටි සිත බලගැනිවීම දිගටම සිදුකලා.
වැඩි කාලයක් යන්න කලින්, ඔහුගේ ජීවිතය ඔහුවත් හිතපු නැති විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා, ඔහුට මෙතෙක් නොලැබුන ප්‍රේක්ෂක ආකර්ශණය දවසෙන් දවස වැඩිවෙන්න පටන් ගත්තා, ඔහුට චිත්‍රපට වල රගපාන්න අවස්ථාව ලැබුනා, ඔහුගේ ආදායම් මිලියන ගනනින් වැඩි වෙන්න පටන් ගත්තා. ඔහු හීන මවපු ඩොලර් මිලියන 10 ඉතා සුලු මුදලක් බවට පත්වෙන තෙක්ම ඔහු දවසෙන් දවස සාර්ථක වෙන්න පටන් ගත්තා. අද වන විට ඔහුගේ ශුද්ධ වත්කම් වල ප්‍රමාණය ඩොලර් මිලියන 150ත් ඉක්මවා ගිහින් අවසන්. ඔහු ඔහුගේ දුෂ්කර ජීවිතයට සදහටම සමු දීලා තම දෙමාපියන් හා පවුල වෙනුවෙන් උපරිමයෙන් යුතුකම් ඉටු කලා.
පසු කාලීනව ඔහු ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න පටන් ගත්ත මොහොතේ ලියපු ඩොලර් මිලියන 10යේ චෙක්පත , තම පවුල වෙනුවෙන් අපමණ කැපවීමක් කල තම පියාට උපහාරයක් වශයෙන්, ඔහු තම පියා මිය ගිය මොහොතේ කුඩා පසුම්බියක බහා තම පියාගේ මිනී පෙට්ටිය තුල තැම්පත් කලා.
මේ කෙතාව මෙහෙම කියවනකොට සමහර විට ඔබට හිතෙයි, " යටි සිතේ ශක්තිය හරිම විශ්මිතයිනේ " කියලා, එහෙමත් නැත්නම් ඔබට හිතෙයි, " මොන බොරුද ඔය වගේ දේවල් වෙන්න පුලුවන්ද " කියලා. ඇත්තටම ඔබ ජිම් කෙරී ගේ කතාව නිසා යටි සිතට මෙවැනි බලයක් තියෙනවා කියලා පිලිගන්නවානම්, කොහේ හරි තියෙන ගහකට ගලකට වැදලා ඒ නිසා සාර්ථක වුනා කියලා අහලා ඒ දේ කරන්න යන මිනිසුන්ගෙයි ඔබෙයි එතරම් වෙනසක් නෑ.
මේ නිසා යමක් කියූ පමණින්ම විශ්වාස කරනවා වෙනුවට, ඇත්තටම එය වුනේ කොහොමද කියලා තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙනවානම් එය ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් මේ ලෝකයේ ඕනෑම මිනිසෙක්ට දියුනු වෙන්න, ඉහලට යන්න, මුදල් උපයන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. අමුත් අපි එකිනෙක පුද්ගලයාගේ මනස සකස් වී ඇති ආකාරය අනුව අපිට අපි වටා තියෙන අවස්ථා වලින් පෙනෙන්න පටන් ගන්නේ ඉතා සුලු ප්‍රමාණයක් පමණයි. ඒ වගේම අපි අපේ දියුනුව වෙනුවෙන් යම් දෙයක් කරනවානම්, එය තුලිනුත් විශාල දියුනුවක් ලබන්න බොහෝ විට අපි කල යුතු වන්නේ ඉතා සුලු වෙනස්කම් කීපයක් විතරයි, නමුත් මෙවැනි දේවලුත් අපේ මනස සකස් වී ඇති ආකාරය අනුව බොහො විට අපිට පෙනෙන්නේ ඉතා සුලු ප්‍රමාණයක් විතරයි.
මෙන්න මේ නිසා ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් අපි ක්‍රියාත්මක වන බොහෝ අවස්ථාවලදී අපි ක්‍රියාත්මක වෙන්නේ එකම ආකාරයේ ප්‍රතිඵ්ල ලබා දෙන ආකාර වලින් පමනයි. ඔබ දන්නවා එකම දේ එක දිගට කරමින් වෙනස් ප්‍රතිඵල ලබා ගන්න බෑ, ඒ ආකාරයෙන්ම එකම ආකාරයේ දේවල් කරමින් ඉදිරියට යන්න උත්සාහ කිරීමෙන් අපිට දැනට ලබන ප්‍රතිඵලයට වඩා උසස් වෙනස් ප්‍රතිඵ්ලයක් ලබා ගන්න ඉතා අපහසුයි.
යටි සිත බලගැන්වීමක් කියන්නේ අපිට අවශ්‍ය යම් ඉලක්කයක් වෙත අපිව මෙහෙය වන ලෙසට අපේ යටි සිතට විදාන දීමේ ක්‍රමයක්. මේ හරහා යමක් දිහා බලන ආකාරය, අපි සිතන ආකාරය, අපි යමක් දකින ආකාරය වගේම අපේ ක්‍රියා කලාපයනුත් අපේ ඉලක්කයට යාමට අවශ්‍ය පරිදි නිරායාසයෙන් වෙනස් වීමට පටන් ගන්නවා.
මේ හරහා ඔබේ සිතට ඔබේ ඉලක්කයට යාම පිනිස උදවු වන අලුත් අදහස් ගලා ඒමක් සිදුවනවා, ඔබ අවට තිබෙන ඔබ මෙතෙක් හදුනා නොගත්ත අවස්ථාවන් පෙනෙන්න පටන් ගන්නවා. මේ හරහා ඔබට ඔබේ ඉලක්කයට යා හැකි අලුත් , පහසු මර්ග විවර වීමක් සිදුවෙනවා.
ජිම් කෙරී තුල ඇත්තටම සිදුවුනෙත් ඒ දේ, යටි සිත බලගැන්වීමත් සමග ඔහුගේ මනස විවර වීමක් සිදුවුනා, තම ඉලක්කයට යාම වෙනුවෙන් තමන් කරන දේ තුල කල යුතු කුඩා කුඩා වෙනස් කම් ඔහුට පෙනෙන්න පටන් ගත්තා, අලුත් අදහස් ඇතිවෙන්න පටන් ගත්තා, ඔහුගේ ක්‍රියාකලාපය නිරායාසයෙන් මිනිසුන්ගේ ප්‍රිය උපදවන, විකට ශිල්පියෙකුට සුදුසු ආකාරයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ තුලින් ඔහු විශාල සාර්ථකත්වයක් ලගා කරගත්තා.
මීට අමතරව යටි සිත බලගැන්වීම සමග තවත් එක් දෙයක් ඔබ තුල සිදුවෙනවා, ඒ තමයි ඔබේ ච්ත්ත තරංග අරමුණු ගතවීමක් සිදුවෙනවා, ඒ හරහා ඔබේ ඉලක්කය වෙත ලගා වීමට උදවු වන අවස්ථාවන් , පුද්ගලයන් නිරායාසයෙන් ඔබ වෙතට ආකර්ෂණය වීමට පටන් ගන්නවා. ඒ වගේම ඔබේ ඉලක්කයට බාදාවක් වන තත්වයන් හා පුද්ගලයන් නිරායාසයෙන්ම ඔබෙන් ඈත්වීම සිදුවනවා. මේ හරහා ඔබේ ගමන ඉතා පහසු වේගවත් එකක් බවට පත්වීම සිදුවනවා.
සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ සිතුවිලි වල ශක්තියෙන් 2%ක්වත් භාවිතා කරන්නේ නෑ, අපි හැම කෙනෙක් තුලම අපි කැමති ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි 98% භාවිතා නොකරන ශක්තියක් තිබෙනවා. එයින් සුලු ප්‍රමණයක් හෝ අපිට භාවිතා කල හැකිනම් එයින් කල හැකි දේ ඔබ සිතනවාට වඩා බොහෝ විශාලයි. ජිම් කෙරී කියන්නේ එයට හොදම උදාහරණයක්, ඒ වගේම, ඔප්රා වින්ෆ්රි, විල් ස්ම්ත්, නැපෝලියන් හිල්, හෙන්රි ෆෝර්ඩ්, මෙන්ම ලෝකයේ සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුවේ සිටින බොහෝ දෙනෙකුගේ ජීවිත පිටුපස සාර්ථකත්වයේ රහසක් ලෙස යටි සිතේ බලය භාවිතයට ගැනීම තිබෙන බව ඔවුන්ගේ ජීවිත දෙස මදක් සැලකිල්ලෙන් බලුවොත් ඔබට පෙනේවි.
ඒ වගේම ඔබ තවත් එක දෙයක් හොදින් තේරුම්ගත යුතුයි. ඔබ කොතරම් සාර්ථක වූ පුද්ගලයන් ගැන උදාහරන ඇසුවත්, කොතරම් යටි සිත ක්‍රියාත්මක වන ආකාරය ගැන ඉගෙන ගත්තත්, ඔබ ඔබේ ඉලක්ක වෙනුවෙන් තමන්ගේ යටි සිත බලගන්වමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේනම් එයින් ප්‍රායෝගික ප්‍රතිඵ්ලයක් ඔබ ලැබෙන්නේ නෑ. ඔබ මේ ලිපිය කියවලත් , අවසානයේ ඔබ මෙතෙක් ගත කරපු ජීවිතයටමනම් යන්නේ , මේ ලිපියත් තවත් එක් ලිපියක් බවට පමණක් පත්වෙනවානම් එයින් සිදුවන්නේ නිකරුනේ ඔබ මෙය කියවන්න වැය කල කාලය අපතේ යාමක් පමනයි.
අද ඉදලා ඔබේ දියුනුව වෙනිවෙන්, ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් මිනිත්තු 10ක් 15ක් වෙන්කරගන්න, ප්‍රායෝගිකව මෙවැනි අභ්‍යාසයක් උත්සාහ කර බලන්න. ඒ හැරෙන්නට ඔබට දැනුවත් පුද්ගලයෙක් වනවා හැරෙන්නට ප්‍රායෝගිකව සාර්ථක වන පුද්ගලයෙක් වෙන්නේ නෑ.
සාර්ථකත්වය කියන්නේ සිහින දැක දැක සිටිය යුත්තක් නෙමේ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී ප්‍රතිඵල ලගා කරගත යුත්තක්. ඔබේ මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙනුත් ඔබේ යටි සිත බලගැන්වීමේ කාර්යාය අද සිටම ආරම්භ කරන්න,
Comments