top of page

සිත ගැන ඔබ ඉගෙන ගත යුත්තේ ඇයි?

Updated: Aug 5, 2019


මේ ලෝකයේ බොහෝ දෙනෙක් මනස, සිතුවිලි, හා යටි සිත කියන මාතෘකා පිලිබදව යම් කිසි ආකාරයක වැඩි උනන්දුවක් දක්වනවා. මෙන්න මේ නිසාම අපි මේ ලිපිය හරහා කතා කරනවා, ඇත්තටම ඇයි අපි මේ දේවල් ගැන ඉගෙන ගත යුත්තේ කියන කාරනය ගැන.


මූලික වශයෙන් ඔබ කවුරු වුනත්, කුමක ප්‍රදේෂයක, කුමන සමාජ මට්ටමක කෙනෙකු වුවත් ඔබ කුමන ආකාරයක සාර්ථකත්වයක් ලගා කරගත්තත් එහි මූලාරම්භය වෙන්නේ ඔබේ මනස. මේ ලෝකයේ නිපදවූ සෑම නව නිර්මානයකම,සෑම නව සොයා ගැනීමකම ආරම්භය මිනිසෙකුගේ සිතේ මැවුන සිතුවිල්ලක්, මේ ලෝකයේ පවතින ඕනෑම සබදතාවයක මුල් පියවර කාගේ හෝ සිතේ ඇතිවුන සිතුවිල්ලක්, ඔබ කරන කියන සෑම දෙයකම ආරම්භය වන්නේ ඔබේ සිතේ ඇතිවුන සිතුවිල්ලක්.


මේ ආකාරයෙන් මේ ලෝකයේ ඇතිවන සෑම දෙයකම ආරම්භය වෙන්නේ සිතුවිල්ලක්. ඔබ අවට තිබෙන ඕනෑම දෙයක් දෙස බලන්න, එය මේ ලෝකයට බිහිවන්නටත්, එය ඔබ සතු වන්නටත් මූලිකව බලපෑවේ කුමක්ද යන්න සිතන්න. ඒ හැම දෙයකම ආරම්භය වෙන්නේ කාගේ හෝ සිතේ ඇතිවුන සිතුවිල්ලක් හෝ සිතුවිලි සමුදායක්.


ඉතා සුලු දෙයක සිට විශාල දෙයක් දක්වා මේ ලෝකයේ මෙතෙක් ඇතිවූ මෙන්ම ඇතිවන සියලු දේයකම ආරම්භය වුනෙත් වෙන්නෙත් මේ ලෝකයේ කාගේ හෝ සිතක ඇතිවුන සිතුවිල්ලක්. එසේ බැලූ කල මේ ලෝකයේ සියලු දේම පාලනය වන්නේ මිනිස් සිතේවන සිතුවිලි සමගින්.


ලෝකය මෙන්ම පුද්ගලයකු ලෙස ඔබේ ජීවිතයද , ඔබේ අනාගතයද පාලනය වන්නේ ඔබේ සිතේ ඇතිවන සිතුවිලි වල ස්වභාවය අනුව. ඔබ අනාගතයේදී කවුරුන් වනවාද, ඔබ ලබන සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කුමක්ද යන්න මූලිඛවම තීරනය කරන්නේ ඔබේ සිතුවිලි, ගෙයක අත්තිවාරම වගේ ඔබේ අනාගතයේ අනෙක් සියල්ල නිර්මානය වීම සිදුවන්නේ සිතුවිලි මත. මේ නිසා ඔබට ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි සකසා ගන්න අවශ්‍යනම් ඔබ ඔබේ සිත ගැන, එය ක්‍රියාත්මක වන ආකාරය ගැන, එය මෙහෙයවන ආකාරය ගැන ඉගෙන ගැනීම ඉතා වැදගත්.


ඔබේ සිතුවිලි ඔබට අවශ්‍ය පරිදි හැසිරවිය නොහැකිනම් ඔබට කිසි ලෙසකින්වත් ඔබේ අනාගතය ඔබට අවශ්‍ය පරිදි ගොඩනගා ගත නොහැකිය.

මේ ලෝකයේ සාර්ථකම මිනිසාත්, අසාර්ථකම මිනිසාත්, යහපත්ම මිනිසාත්, අයහපත්ම මිනිසාත් ඔබ වන්ම මිනිසෙකි, ඔවුන් එකිනෙක පුද්ගලයා සිතුවිලි මෙහෙයවූ ආකාරය මත ඔවුන් මේ ලෝකයේ කවුරුන් වනවාද යන්න තීරණය වී ඇත. සිතුවිලි වෙනස් කිරීමේන් මේ ලෝකයේ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කල හැකිය.




 
 
 

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page