මිනිසෙක්ට ජීවිතේ ලද වටිනාම වස්තුව තමන්ගේ යටි සිත යයි කීවොත් එහි වරදක් නෑ. මොකද එහි සැගවුන ශක්තිය අපි සිතනවාටත් වඩා ඉතා විශාලයි, එයින් ගත හැකි ප්‍රයෝජන ඉතා විශාලයි, නමුත් මේ ශක්තිය හරි හැටි තවමත් අදුනගෙන තියෙන්නේ, එයින් ප්‍රයෝජන ගන්නේ ඉතාම සුලු පිරිසක් පමනයි. මෙන්න මේ නිසා තමන්ට ඉතා පහසුවෙන් ලගා කරගන්න පුලුවන් සාර්ථකත්වය පවා ලගා කර නොගෙන මුලු ජීවිත කාලයම තමන් අකමැති දේවල් කරමින්, වෙහෙසෙමින් ජීවත් වෙන්න බොහෝ දෙනෙකුට සිදු වෙලා තියෙනවා.
ඔබ දන්නවාද අපි බොහෝ දෙනෙක් මේ වෙනකොටත් අපේ සමස්ථ සිතේ ශක්තියෙන් 1%ක් 2% වත් බාවිතා නොකරන බව, විශාල ශක්තීන් හැකියාවන් ගොඩක් අපි ලග තියාගෙන, අපි තවමත් ඒ දේවල් පාවිච්චි නොකර නිකරුනේ කාලය කා දමන බව?
බුදු දහම තුල සදහන් වෙන්නේ යමෙක් මේ ලෝකය තුල මිනිසෙකු ලෙස ඉපදීමම මහත් වූ වාසනාවක් කියලා, ලොව ප්‍රකට සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයෙක් වන බ්‍රයන් ට්‍රේසි පවසන්නේ මිනිසා යනු උපතින්ම සාර්ථක වීම වෙනුවෙන් සැකසුනු සත්වයෙක් කියලා, මොකද දියුනු කල හැකි මනසක් සහිතව මිනිසෙකු ලෙස ඉපදීමම යමෙක්ට සාර්ථක වීම වෙනුවෙන් අවශ්‍ය සාදක සම්පූර්න කිරීමක්.
යටි සිතට කරන්න පුලුවන් මොනවද?
සරලවම සදහන් කලොත් ඔබේ යටි සිතට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කර දෙන්න පුලුවන්, ඇතැම් විට මෙය ඔබට විශ්වාස කරන්න බැරි වෙන්න පුලුවන්, නමුත් සත්‍යය වන්නේ මෙයයි. ඔබට අවශ්‍ය මුදල්ද, ප්‍රියමනාප පෙනුමක්ද, යහපත් සෞක්යයක්ද, ඉතා අලංකාර නිවසක්ද, යහපත් බිරිදක් හෝ සැමියෙක්ද, වෙනත් රටකට සංචාරය කරන්නද, මේ එකී නොකී ඕනෑම දෙයක් ඔබ වෙතට ලගා කර දෙන්න ඔබේ යටි සිතට පුලුවන්. ඔබ කල යුතු එකම දේ ඔබට අවශ්‍ය මොනවද යන්න පැහැදිලිව ඔබේ යටි සිතට සන්නිවේදනය කිරීමත්, ඒ පිලිබදව සම්පූර්ණ විශ්වාසය තැබීමත් පමනයි.
ඔබ කවුරු වුනත්, මේ මොහොතේ කොතැත, කුමන ආකාරයෙන් ජීවත් වුනත් ඔබට නිවරැදිව ඔබට අවශ්‍ය දේ ඔබේ යටි සිතට සංනිවේදනය කරන්න ඔබ දන්නවානම් , ඔබට අවශ්‍ය තැනට ඔබව රැගෙන යාම, ඔබට අවශ්‍ය ජීවිතය ඔබට ලගා කර දීමේ කටයුත්ත ඔබේ යටි සිත අනිවාර්යයෙන්ම ඉටුකරනු ලබනවා.
යටි සිතේ බලයෙන් ජීවිතය ජයගත්ත මිනිසුන් ලෝකයේ සිටිනවාද?
යටි සිතේ බලයෙන් තම සාර්ථකත්වය තහවුරු කරගත් මිනිසුන් සදහා ඕනෑ තරම් සාක්ෂි සාදක උදාහරන මේ ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. ලොව සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුව අරගෙන ඔබ එම පුද්ගලයන්ගේ ජීවිත එකින් එක පරික්ෂා කලොත් ඒ සෑම පුද්ගලයෙක්ම පාහේ මේ පිලිබද දැන සිටි බවට, එය තම සාර්ථකත්වය වෙනුවෙන් බාවිතා කල බවට ඍජු පැහැදිලි සාක්ෂි ඕනෑ තරම් ඔබට සොයා ගන්න පුලුවන්.
John Assaraf කියන්නේ ලෝකයේ ඉතා ඉහල සාර්ථකත්වයකට පත් උපදේෂකවරයෙක්, ඔහු මේ දෙයට ඍජු සාක්ෂියක් , ඔහුට පුලුවන් වෙනවා ඔහුගේ යටි සිතේ ශක්තිය අවධි කිරීම නිසා තමන් සිහින දැකි නිවහන ඒ ආකාරයෙන්ම තමන්ට අයිති කරගන්න.
Jack Canfield කියන්නෙ මිලියනපති ව්‍යාපාරිකයෙක් වගේම දේෂකයෙක්, ඔහු මෙයට තවත් හොද උදාහරණයක්, ඔහු යටි සිතේ ශක්තිය අත්හදා බලන්නේ, හරියනවද නැද්ද යන්න සොයා බැලීමේ අරමුණින්, ඔහුට පුලුවන් වෙනවා වසරක් ඇතුලත ඔහු සිතූ ආකාරයට තමන්ගේ ආදායම් දස ගුනයකින් වැඩි කරගන්න.
Jim Carrey කියන්න අද ලෝකයේ සිට්න අංක එකේ රංගන ශිල්පියෙක්, කාලෙකට ඉහත අතේ සතයක් නැතිව හිටපු ඔහුට, යටි සිතේ ශක්තිය අවධි කිරීම නිසාම මිලියන ගනනින් ආදයම් ලබන්නෙකු මෙන්ම , ලොව ප්‍රකට පුද්ගලයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා.
ලොව මෙතෙක් ඉහලම ආදායම් වාර්ථා පිහිටවූ කෘතියක් වන Think & Grow Rich කෘතියේ කතෘ Napoleon Hill ට , කිසිම වෛද්‍යවරයෙක සුව කරන්න නොහැකි වූ තම දරුවාගේ ශ්‍රවන අබාධය, යටි සිත තුල වන ශක්තිය අවධි කිරීම තුලින් , සමස්ථ වෛද්යවිද්යාවටම අභියෝග කරමින් සුව කරන්න හැකියාව ලැබෙනවා.
ඔබට මේ ආකාරයෙන් යටි සිතේ බලය බාවිතය තුලින් සාර්ථකත්වයට පත්වීම පිලිබද ඕනෑ තරම් පැහැදිලි උදාහරන ඉතා පහසුවෙන් සොයා ගන්න පුලුවන්.ඒ වගේම අද වන විට අපේ යටි සිතේ ශක්තියට අප අවට සිටින මිනිසුන්ට හා භෞතික ද්‍රව්‍ය වලට ඍජු බලපෑම් එල්ල කල හැකි බව පවා විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
යටි සිතේ ශක්තිය දියුනු කරගන්න මොනවද කරන්න ඕනේ?
ඔබේ යටි සිතේ ශක්තිය දියුනු කරගන්න ඔබ කල යුතු එකම දෙය වෙන්නේ , යටි සිත සමග සංනිවේදනය කිරීමේ ක්‍රමය හරියට පුරුදු පුහුණු වීම. මොකද අපේ යටි සිත සෑම වෙලාවකම අපිට අවශ්‍ය දේ කුමක්ද කියලා වටහා ගන්නේ චිත්ත රූප මගින් හා අපේ හැගීම් වලින්, යටි සිතට තාර්කිකව සිතීමේ, වචන තේරුම් ගැනීමේ හෝ ඔබ මේ සිතන්නේ ඔබට අවශ්‍ය දේ ගැනද , අනවශ්‍ය දේ ගැනද යන්න තෝරා බේරා ගැනීමේ හැකියාවක් නෑ. මේ නිසා ඔබ ඔබේ මානසික මට්ටම හා හැගීම් නිවරැදිව පවත්වා ගනිමින් ඔබට නිශ්චිතවම අවශ්‍ය දේ කුමක්ද යන්න නිවරැදිව ඔබේ යටි සිතට සංනිවේදනය කිරීමේ කලාව ඔබ ප්‍රගුන කල යුතු වෙනවා.
එසේ නොවන්නට සෑම විටම ඔබේ යටි සිත සෑම විටම අරමුණු ගත බවවින් ඉවත්ව , තම රාජකාරිය හරි හැටි හදුනාගැනීමට නොහැකි තත්වයටකට පත් වෙනවා.එසේ නැතහොත් ඔබට අනවශ්‍ය දේවල් වැඩි වැඩියෙන් ඔබේ ජීවිතයට ලගා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, නමුත් ඔබට එම සංනිවේදනය කිරීම නිවරැදිව කල හැකිනම් කිසිම සීමාවක් නැතුව , ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක, ඕනෑම විශාල ඉලක්කයක් කරා ඉතා පහසුවෙන් , වගේම වේගයෙන් ගමන් කරන්න ඔබට හැකියාව ලැබෙනවා.
ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ ඉලක්ක ලගා කරගැනිනීම වෙනුවෙන් යටි සිතේ ශක්තිය භාවිතා කරන්නේ කෙසේද යන්න නිවරැදිව ඉගෙන ගන්න, " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
මෙවැනි ප්‍රායෝගික සාර්ථකත්වයේ සැබෑ ප්‍රායෝගික රහස් ගැන ඉගෙන ගන්න, ඔබත් දැන්ම
Winner's Lounge Octopus Club, අන්තර්ජාල අධ්‍යයන අංශයේ සාමාජිකත්වය ලබා ගන්න. සාමාජිකයන් වෙනුවෙන් වන විශේෂිත, ප්‍රායෝගික සාර්ථකත්වය පිලිබද ලිපි, ප්‍රායෝගික උපදෙස් පොත්, මාසික පුහුණු වැඩසටහන්, විශේෂිත පුහුණු පාඨමාලා ඇතුලු සියල්ල සදහා පිවිසුම් අවස්ථා හිමි කර ගන්න.
Commenti