කලබල නොවීම
යටි සිත අවදි කිරීම කියන්නේ කිසි සේත්ම කලබල වෙලා, හදිස්සි වෙලා කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඒ නිසා හදිස්සි නොවී, අඩුම තරමේ දවස් 21ක කාලයක්වත් ලබා දෙමින් අභ්‍යාස කරන එක යටි සිත බලගැන්වීම සම්බන්දයෙන් ඉතාම වැදගත්.
2. හරි ක්‍රම ශිල්ප ඉගෙන ගැනීම
කාය වර්ධන මධ්‍යස්ථානයට ගිහින් හිතෙන හිතෙන විදිහට ව්‍යායාම කලොත් අපිට බොහෝ විට නතර වෙන්නේ ලෙඩෙක් වෙලා. ඒ වගේම තමයි මනසත් ... හරි ක්‍රම ඉගෙන ගන්නේ නැතුව මේ දේවල් කරන්න ගියොත් හරියනවට වඩා වැඩි ඉඩක් තියෙන්නේ අසාර්ථක වෙන්න. ඒ නිසා යටි සිත තුල වන ශක්තීන් අවදි කිරීම කියන්නේ කිසි ලෙසකින්වත් එහෙන් මෙහෙන් කරුණු අල්ලගෙන අත් හදා බලන්න ඕනේ දෙයක් නෙමේ.
3. ගුරුවරයෙක් යටතේ පුහුණු වීම
එය අනිවාර්යයෙන්ම හරි ගුරුවරයෙක් යටතේ පුහුණු වෙමින්, උපදෙස් ලබා ගනිමින් කල යුතු දෙයක්. මොකද හිත කියන්නේ , ගණිතය විද්‍යාව වගේ විශය කරුණු තුලින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමේ. බොහෝ වෙලාවට විවිද මානසික තත්වයන් තුල තියෙන සැබෑ ස්වරූපය හදුනා ගන්න පුළුවන් ඔබට එතැනට ප්‍රායෝගිකව ලගා වුනාමම පමනයි. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රායෝගිකව අදාල තත්වයන් දියුණු කල කෙනෙක් යටතේ ඉගෙන ගන්න එක ඉතාම වැදගත්.
4. විශ්වාසය
මේ වගේ යමක් පුහුණු වීමේදී තමන් කරන දේ ගැන, තමන්ගේ ගුරුවරයා ගැන පූර්ණ විශ්වාසයක් තිබීම ඉතාම වැදගත්. බුදුන් වහන්සේ පවා ශ්‍රද්දාව ගැන දේෂණා කර ඇත්තේ ඒ නිසාවෙන්.
5. විනය පවත්වාගෙන යාම
කුමන මානසික ශක්තියක් සම්බන්දයෙන් වුවත්, එය යම් කිසි විනයකින් යුතුව පුරුදු පුහුණු වීම ඉතාම වැදගත්, එසේ නොවන්නට මානසික ශක්තීන් දියුණු කිරීම ඉතාම අපහසුයි. සාමාන්‍යයෙන් යටි සිත බලගැන්වීම සම්බන්ද අභාසය වලදී වුවත්, නියමිත කාලය තුල නියමිත ආකාරයෙන් යමක් නොකලොත්, නැවත මුල සිට පටන්ගැනීමට උපදෙස් ලබා දෙන්නේ ඒ නිසාවෙන්!
Comments