
Andrew Carnegie කියන්නේ එතෙක් මෙතෙක්, ලෝකය තුල පහල වූ සාර්ථකම මෙන්ම ධනවත්ම පුද්ගලයන් ගෙන කෙනෙක්. ඔහු ජීවත්ව සිටි සමයේ ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව බැල්වොත් අදටත් කිසිවෙකුට මූළ්‍යමය අතින් එවැනි සාර්ථකත්වයක් හිමි කරගන්න හැකියාවක් ලැබී නෑ.
Andrew Carnegie කියන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් වගේම, ඉතා දුශ්කර , දුප්පත් ජීවිතයක් ගතකර ක්‍රමයෙන් තම ජීවිතය සාර්ථක කරගත් අයෙක්. මේ නිසාම ජීවිතය ජය ගන්න වෙර දරන මිනිසුන් ගැන Carnegie තුල තිබුනේ ඉමහත් ආදරයක්. මේ නිසාම සෑම මිනිසෙකුටම සාර්ථක විය හැකිය යන දෙය සමාජ ගත කරන්න Carnegie ට විශාල උවමනාවක් තිබුනා.
මේ නිසා දවසක් Carnegie තමන් සමග සාකච්චාවකට පැමිනි තරුණ වාර්ථාකරුවෙක් වන Napoleon Hill සමග එකතු වී ලෝකය ජයගත් මිනිසුන්ගේ රහස් මොනවාද යන්න සොයා එය ලෝකයට ඉදිරිපත් කරන්නත්, ඒ හරහා ලෝකය ජයගන්න සිහින මවන සෑම කෙනෙකුටම එම සිහිනය සැබෑ කරගන්න අවස්ථාව උදා කරන්නත් අවශ්‍ය වටපිටාව සකසන ව්‍යාපෘතියක් ආරම්භ කලා. මෙම ව්‍යාපෘතිය වසර 25කට වඩා වැඩි කාලයක් සිදුවුනා, ඒ වගේම මේ ව්‍යාපෘතිය අවසන් වුනේ, රැස් කල ප්‍රායෝගික දැනුම නිසාම මේ සදහා කැපවුන Napoleon Hill ගේ ජීවිතය තුලත් සුවිශේෂී සාර්ථකත්වයක් ඇති කරමින්.
වසර 25ක කාලයක් වෙහෙස වී අවසානයේ Napoleon Hill තම වාර්ථාව තුල සදහන් කරන එක් විශේෂ කරුණක් තමයි. " මිනිස් සිත තුල මැවෙන ඕනෑම සිහිනයක් සැබෑ කරගත හැකි දෙයක්" බව. ඒ ආකාරයෙන්ම ඔබේ හිතේ ඔබ සිහින දකින ජීවිතය කුමක් වුවත් එය ලගා කර ගැනීම, ගොඩ නැගීම 100%ම කල හැකි දෙයක්. ඇතැම් විට එය කල හැකි ආකාරයක් ඔබට තේරුම් ගත නොහැකි නිසා එය කල නොහැක්කක් යයි සිතෙන්නට පුලුවන්, නමුත් ඔබ යමක් කල හැකි ආකාරය නොදැනීම තුලින් එය කාටවත් කල නොහැකි දෙයක් යන්න අදහස් වන්නේ නෑ. මේ නිසා ඔබ ඔබේ ජීවිතය ගොඩනගන්න කලින් තේරුම්ගත යුත් වැදගත්ම කරුණ වන්නේ ඔබ සිහින දකින ජීවිතය කුමන ආකාරයේ එකක් වුවත් එය 100%ක්ම ලගා කරගත හැකි දෙයක් බවයි.
ඔබට මෙතෙක් ඔබ සිහින දකින ආකාරයේ ජීවිතයක් ගොඩ නගා ගන්න නොහැකි වුනානම්, අවම වශයෙන් යම්කිසි නිශ්චිත දිනයක් වන විට තමන් ඒ තත්වයට ලගා වන බවට පැහැදිලි දැක්මක් හා විශ්වාසයක් ඇතිකර ගන්න නොහැකි වුනානම් එයට බලපාන ප්‍රධාන කාරනා 2ක් තිබෙනවා. ඔබ කවුරු වුනත්, කොතැනක ජීවත් වුනත්, ඔබ සිහින දකින ජීවිතය කුමන ආකාරයේ එකක් වුවත්, ඔබට තවමත් ඔබේ සාර්ථකත්වය තහවුරු කරගන්න බැරි වුනානම් එයට හේතුව වන්නේ නිශ්චිත වශයෙන්ම මෙම හේතු 2න් එකක්.
මේ හේතු 2ක වෙන්නේ,
1. ඔබ සාර්ථක වීම වෙනුවෙන් කල යුත්තේ කුමක්ද යන්න දන්නේ නෑ.
2. ඔබ සාර්ථක වීම වෙනුවෙන් කල යුතු දේ කල යුතු ආකාරය දන්නේ නෑ.
ඔබට පොහොසතෙක් වෙන්න අවශ්‍යනම් , ඔබට ආර්ථික ප්‍රශ්ණ වලින් මිදෙන්න අවශ්‍යනම් ඒ වෙනුවෙන් ඔබට කල හැකි දේවල් ඕනෑ තරම් තියෙනවා. සැබවින්ම මේ ලෝකයේ කිසිවෙක් දුප්පතෙකු ලෙස ජීවත් විය යුතු තත්වයක් මේ ලෝකයේ කිසිම තැනක නෑ. සෑම කෙනෙකුටම පොහොසතෙකු විය හැකියි. ඔබට එය එසේ නොවේයයි සිතෙනවානම් එයට එකම හේතුව ඔබට මුදල් සෙවිය හැකි ආකාර, ආර්ථික දියුනුව ඇතිකරගත හැකි ආකාර ගැන ඔබේ සිතට අදහස් පහල නොවීමයි.
ඔබේ සිතුවිලි සෑම විටම සිරවී තිබෙනවානම්, ඔබට ඔබ සිතන සීමාවෙන් පිට, අලුත් අදහස් ඇති නොවේනම් ඔබට ඉදිරියට යාම ඉතා අපහසුයි, මේ නිසා ඔබ කුමන හෝ ආකාරයක සාර්ථකත්වයක් කරා යන්නටනම් ඔබට අනිවාර්යයෙන්ම විවිද ආකාරයෙන් සිතීමේ හැකියාවක් ඔබ තුල තිබිය යුතුයි. අවස්ථාවන් ඉක්මනින් ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ඔබ තුල තිබිය යුතුයි.
සිතීමේ හැකියාව කියන්නේ ඕනෑම පුද්ගලයෙක් තුල නිරායාසයෙන් ඇති වන්නක්. යම් නිශ්චිත අරමුණක් සහිත පුද්ගලයාට ඒ වෙතට ගමන් කිරීමට හැකි ආකාරයන් ගැන නිරායාසයෙන් සිතෙන්නට හා තම ඉලක්කය වෙත යාම වෙනුවෙන් ඇති වෙන අවස්ථාවන් ඉක්මනින් හදුනා ගැනීමේ හැකියාවත් නිරායාසයෙන්ම ඇති වෙනවා.
මේ හැකියාව වර්ධනය කර ගන්න ඕනෑම කෙනෙකුට ඉතා සරල මානසික අභ්‍යාස කීපයක් පුරුදු පුහුණු වීමෙන් කරන්න පුලුවන්. එයත් සමග දින කීපයක් යන විට ඔබේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය , මෙතෙක් ඔබට නොසිතුන බොහෝ දේ සිතීමටත්, මෙතෙක් ඔබට නොපෙනුන බොහෝ අවස්ථාවක් පෙනෙන්නටත් පටන් ගැනීම ඔබටම අත්විදින්න පුලුවන්.
උදාහරනයක් විදිහට ඔබට මූළ්‍යමය අතින් සාර්ථක වෙන්න අවශ්‍යනම් , ඔබ එදිනෙදා තමන්ගේ කටයුතු කරන අතර තුර මෙවැනි සරල මානසික අභ්‍යාසයකට හුරු වීමෙන්, ඔබට අමතරව මුදල් ඉපයිය හැකි නමුත් මෙතෙක් ඔබට නොපෙනුන ආකාර ඔබ වටා ඇති බව නිරායාසයෙන්ම පෙනෙන්න පටන් ගන්නවා.
එමෙන්ම මේ හරහා ඔබේ ධනාත්මක සිතුවිලි වල ශක්තිය අවධි වීමෙන් ඔබ වෙතට ඔබේ ඉලක්කයට යාම වෙනුවෙන් අවශ්‍ය වන බොහෝ දේ ආකාර්ෂණය වීම සිදුවෙනවා. මෙය ආකර්ෂණ නීතිය ලෙස හදුන්වනවා.
ඔබ ලෝකයේ සුවිශේෂී සාර්ථකත්වයක් ලද ඕනෑම කෙනෙකුගේ ජීවිතය ගැන සොයා බැලුවොත් මෙවැනි අභ්‍යාසය වල ඔවුන් සෑම කෙනෙකුම පාහේ නිරත වූ බව ඔබට පෙනේවී, එමෙන්ම අප කලින් කතා කල නැපෝලියන් හිල් පවා තම වාර්ථාවේ මේ වෙනුවෙන් බොහෝ පැහැදිලි උදාහරණ දක්වා තිබෙනවා.
ඔබටත් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ගමන් කල යුතු මාර්ගය පහසුවෙන් හදුනා ගත නොහැකිනම්, කුමක් කල යුතුද යන්න හදුනා ගත නොහැකිනම්, අලුත් අදහස් පහල නොවේනම්, සාර්ථක වීම වෙනුවෙන් ඇති අවස්ථාවන් නිරායාසයෙන්ම ඔබට හදුනාගත නොහැකිනම්, අප නිකුත්කර ඇති " අසිරිමත් යටිසිත" කෘතියේ මූළ්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් යටිසිත බලගැන්වීම යන කොටසේ වන ප්‍රායෝගික අභ්‍යාස වල නිරත වන්න.
අසිරිමත් යටිසිත කෘතිය PDF eBook එකක් ආකාරයෙන් Download කරගැනීමට පහත සබැදිය මත Click කරන්න.
ඒ තුලින් ඔබට ඉතා ඉක්මනින් ඔබට සාර්ථක විය හැකි අවස්ථාවන් ග්‍රහණය කරගත හැකි, නිරායාසයෙන් ඔබේ අවදානය එවැනි අවස්ථාවන් කෙරෙහි යොමු වන, අලුත් අදහස් නිරායාසයෙන් ඇතිවෙන, විශේෂයෙන් ඔබට අවශ්‍ය බොහෝ දේ ඔබ වෙතට ආකර්ෂණය වන ආකාරයේ සුවිශේෂී වෙනසක් ඉතා සුලු කාලයක් තුල, බොහෝ විට දින කීපයක් තුල අත්විදින්න පුලුවන්.
මීලගට ඔබට කොතරම් අදහස් පහල වුනත්, කොතරම් අවස්ථාවන් තිබෙන බව වැටහුනත්, ඔබට ඔබ සිහින දකින ජීවිතය යතාර්ථයක් කරගන්න නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා. එසේ නැතුව අවස්ථාවන් ටික වටේට තියාගෙන බලාගෙන හිටියාට ඔබට සාර්ථක වෙන්න හැකියාවක් නෑ, මේ නිසා ඔබ යම්කිසි සැලැස්මකට අනුව , ඔබට ඇති කාලය හා අනෙකුත් දේවල් නිවරැදිව කලමණාකරණය කර ගනිමින් ඒ වෙතට ප්‍රායෝගිකව ගමන් කල යුතුයි.
ඇතැම් විට බොහෝ දෙනෙක් සතුව තමන්ගේ සාර්ථකත්වය ලගා කරගැනීමට ගැන බොහෝ අදහස් තිබුනත් ඔවුන් එය ප්‍රායෝගික ජීවිතය තුල ක්‍රියාත්මක කරගන්න , සැලැස්මක් සකසාගෙන ක්‍රියාත්මක කරන්න නොදන්න කම නිසා නිකරුනේ කාලය නාස්ති කර ගැනීම සිදු කරනවා. මෙනි නිසා දෙවනුව, තම අදහස් ප්‍රායෝගිකව පහසුවෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලොව සාර්ථක මිනිසුන් බාවිතා කල , ප්‍රායෝගික ක්‍රම ශිල්ප ගැන ඉගෙනගැනීම හා ඒවා තම ජීවිතය තුල ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.
මේ සම්බන්දයෙනුත් පියවරෙන් පියවර ඔබ කල යුතු සියලු දේ අප " ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත " තුල පියවර වශයෙන්, උදාහරන හා ප්‍රායෝගික අභ්‍යාස සහිතව සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබට එය අද්යයනය කිරීමෙන් මේ සම්බන්දයෙන් පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
ජීවිතය ජය ගැනීම කිසිම විටෙක අසාර්ථකව සිටිනවා තරම් අපහසු නැත. ජීවිතය ජයගැනීම ගැන සිහින දකිමින් සිටිනවා වෙනුවට ඒ වෙනුවෙන් කල යුතු දේ කරමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්න, එවිට ඔබට එහි ප්‍රතිඵ්ල ඔබ සිතනවාටත් වඩා වේගයෙන් පහසුවෙන් ලබා ගත හැකි බව වැටහෙනු ඇත.
මේ මොහොත වන විටත් ඔබේ ජීවිතය අවසන් වෙමින් පවතී, මේ නිසාම ඔබ පමා වන සෑම මිනිත්තුවක්ම ඔබට අවාසි දායකය, එය ඔබට සාර්ථක මිනිසෙකු ලෙස ජීවිතය විදීමට ඇති කාලය අහිමි කරයි. සාර්ථක මිනිසෙක් ලෙස සිහින දකිමින් අසාර්ථක ලෙස ජීවත් වීම ඔබේ ජීවිතය බවට පත් කරයි. නමුත් ඔබ ඉක්මන් වන සෑම මිනිත්තුවක්ම ඔබට වැඩි කාලයක් සාර්ථක මිනිසෙකු ලෙස ජීවිතය විදීමට ඇති කාලය ඔබට වැඩි කරයි. හැකි ඉක්මනින් අවශ්‍ය දැනුම රැස්කර, හැකි ඉක්මනින් ඔබේ ගමන ප්‍රායෝගිකව යන්න පටන් ගන්න, එවිට ඔබට ඔබේ ජීවිතයෙන් වැඩි කාලයක් සාර්ථක මිනිසෙකු ලෙස ඔබ කැමති ජීවිතය ගත කරමින් ජීවත් වීමට හැකිවනු ඇත.
コメント