
අපි හැමෝම කැමතියි අපි සිහින දකින සාර්ථක ජීවිතය ඉතා ඉක්මනින් ලගා කර ගන්න, නමුත් එහෙම කැමති වුනාට සාර්ථක වෙන එක එහෙම ලේසියෙන් ලගා කරගන්න පුලුවන්ද?
පිලිතුර ඔව්, සාර්ථක වෙනවා කියන දේ ඇත්තටම මහා ලොකු අමාරු කටයුත්තක් නෙමේ, මෙතන තියෙන්නේ තාර්කික බැදීමක්, ඔබට අවශ්‍යකරන සාර්ථකත්වය ලගා කරගන්න අවශ්‍ය කරන සාදක ඔබ අග තියෙනවානම් ඉතා ඉක්මනින් සාර්ථක වෙන්න අපි හැම කෙනෙක්ටම පුලුවන්.
නමුත් බොහෝ විට සිදුවන්නේ අපි බොහෝ දෙනෙක් සාර්ථකත්වය සොයාගෙන යන්නේ සාර්ථක වෙන්න අවශ්‍ය කරන සාදක මොනවාද, නිශ්චිතවම සාර්ථක වෙන්න අවශ්‍යනම් මොනවාද කරන්න ඕනේ කියන දේ හරිහැටි තේරුම් ගන්නේ නැතුව. ගොඩක් අය සාර්ථකත්වය ගැන දරන අදහස වෙන්නේ , මොනවා හරි කරලා , කොහොම හරි, කවදා හරි සාර්ථක වෙනවා කියන දේ. මේ නිසා මොනවා හරි, කොහොම හරි කරන්න යනකොට හරියන්න තියෙන අවස්ථාවට වඩා වරදින්න තියෙන අවස්ථාව වැඩ්යි! මේ නිසා බොහෝ විට ඉතා ඉක්මනින් කරගන්න තියෙන දේ , ඉතා විශාල කාලයක් වැය කරලා ලගා කරගන්න අපි බොහෝ දෙනෙකුට සිදුවෙනවා!
සාමාන්‍යයෙන් අපේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් සාර්ථක කරගන්න තියෙන පොදු ක්‍රියා පටිපාටිය වෙන්නේ,
1. තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුව නිවරැදි නිශ්චිත ඉලක්කයක් බවට පත්කර ගැනීම
2. ඉලක්කය ලගා කර ගැනීම වෙනුවෙන් තමන් තුල වන ශක්තීන් හා දුර්වලතා හදුනා ගැනීම.
3. දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සැකසීම.
4. ඉලක්කය දක්වා ලගා වීමට අවශ්‍ය කරන මානසික හා ආකල්පමය තත්වයන් ගොඩනගා ගැනීම
කියන කාරනයන්, දැන් ඔබ ඔබ පිලිබදව ටිකක් සැලකිල්ලෙන් අවදානය යොමු කරන්න, ඔබ සතුව ඔබේ බලාපොරොත්තු ලගා කරගැනීම පිනිස මෙන්න මේ කාරනා ස්ථාපණය කරගෙන තිබෙනවාද?
ඔබ ඔබේ බලාපොරොත්තු ඉලක්ක බවට පත්කරගෙන තිබෙනවාද? එහෙමත් නැත්නම් තවමත් ඔබ හිතන්නේ කවදා හරි කොහොම හරි, පෝසතෙක් වෙනවා, හොද පවුල් ජීවිතයක් ලගා කරගන්නවා වගේ මට්ටමකින්ද? ඔබ ඔබේ බලාපොරොත්තු හෝ සිහින ඉලක්කයක් බවට පත්කරන නිවරැදි ක්‍රමශිල්ප පිලිබදව දන්න්වාද?
ඔබ, ඔබ පිලිබදව නිශ්චිත ලිඛිත විශ්ලේෂණයක් කරලා තිබෙනවාද? ඔබේ ශක්තීන් හා දුර්වලතා හදුනාගෙන තිබෙනවාද?, ඔබේ දුර්වලතා නැති කරගන්න ඔබ කල යුතු දේ නිශ්චිතවම හදුනාගෙන තිබෙනවාද?
ඔබට ඔබේ ජීවිතය සම්බන්දයෙන් නිශ්චිත ලිඛිත දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් තිබෙනවාද?
ඔබ ඔබට සාපේක්ෂව අවශ්‍ය කරන නිශ්චිත ධනාත්මක ආකල්පමය වෙනස ගැන හැදෑරීමක් කර තිබෙනවාද? ඔබ ඒවා ඇතිකර ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවාද?
එහෙමත් නැත්නම් ඔබ තවමත් කරන්නේ තමන්ට ජීවත් වීමට සිදුවී ඇති ජීවිතය ගෙවන ගමන් , යම් යම් දේ කරමින් සාර්ථක වීමට උත්සාහ කිරීම පමණක්ද? එසේ කිරීම ඔබ නිශ්චිතවම මෙන්න මේ දිනය වෙන විට සාර්ථක වෙනවායයි කියන විශ්වාසය ලබා දෙනවාද?
අද වන විට 2018 වසරෙත් මාස 3ක් අවසන් වෙන්න ඉතා ආසන්නයි. ඔබ මේ මාස තුනක කාලය ඵලදායී ලෙස ඔබේ සාර්ථකත්වය ලගා කරගැනීම වෙනුවෙන් යොදාගෙන තිබෙනවාද? නැත්නම් ඔබ 2018 වසරේ අවසානයේදීත් " අවරුද්ද ඉවරයි කරපු දෙයක් නෑ, තාම හිටපු තැනමයි" කියලා හිතන්නද සූදානම් වෙන්නේ?
ඔබට සාර්ථක වෙන්න අසීමිත කාලයක් නැති බව ඔබ දන්නවාද? ඔබ අසාර්ථකව ජීවත් වන සෑම දිනයක්ම ඔබට සාර්ථකව ජීවත් වීමට තියෙන දිනයක් අහිමි කරන බව ඔබට වැටහෙනවාද?
මෙවැනි ලිපි දිනපතා කියවන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනය හරහා Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි.
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
Comentários