මාසෙකට ලක්ෂ 10ක වගේ ආදායමක් උපයනවා කියන එක හරිම අමාරු වැඩක් වගේ සමහර විට ඔබට හිතෙනවා ඇති. එහෙනම් පොඩ්ඩක් මෙන්න මේ ගනනය කිරීම දිහා බලන්න...
මාසෙකට ලක්ෂ දහයක් කියන්නේ දවසකට ආසන්න වශයෙන් 33333ක්
ඒ කියන්නේ පැයකට 1389 ආසන්න වශයෙන් 1400ක්.
ඒ කියන්නේ ඔබට පැයක් ඇතුලත රු 1400ක් හොයන්න ක්‍රමයක් ගොඩනගන්න පුලුවන්නම් ඔබට පුලුවන් මාසෙකට රු මිලියනයක් උපයන්න.
හොදට හිතලා බලන්න. ඔබ දන්න රු 1400ක් යමක් වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් අය කී දෙනෙක් ඉන්නවද? ඒ වගේ කී දෙනෙක් මේ රටේ ඇද්ද? මේ ලෝකයේ ඇද්ද? ඒ අය අතුරින් එක් කෙනෙක් ඔබට මුදල් ගෙනවන්න කැමති වෙන තැනට පත්කර ගන්න පුලුවන්නම් ඔබ මාසෙකට රු මිලියනයකට වඩා උපයනවා.
අනිත් අතට දැන් ලෝකය දියුනුයි. ඔබ ජීවත් වෙන්නේ 21 වන සියවසේ. තොරතුරු තාක්ෂණ යුගයේ. අද ඔබට ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුනත් අන්තර්ජාලය හරහා යමක් විකුණන එක ඉතාම සුලු වැඩක්. බටහිර රටක රු 1400ක් කියන්නේ කෝපි කෝප්පයක දෙකක මිල.
හරි විදිහට ඒ වෙලදපොලට පිවිසෙන්න පුලුවන් නම් මාසයකට මිලියනයක් හොයනවා කියන්නේ මහා ලොකු අමාරු දෙයක් නෙමේ. සමහර විට ඔබේ ගෙදර ඉතිරි වෙන පොල්කටු ටිකත් ඊට වඩා වටින බව පොඩ්ඩක් හොදට හොයලා බැලුවොත් ඔබට වැටහේවි!
සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොත මෙතැන Click කර Download කර ගන්න.
Comments