top of page

මේ වසර තුල ඔබ ඇත්තටම සාර්ථකද අසාර්ථකද?

Updated: Aug 5, 2019



සාර්ථකත්වය කියන විශය ගැන ඔබ කොතරම් ඉගෙනගෙන තිබුනත්, ඔබ මේ මොහොත වෙනකොටත් ඒ ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගික ජීවිතය තුල භාවිතා කරන්නේ නැත්නම්, එයින් ප්‍රායෝගික ප්‍රතිඵ්ලයක් ලබන්නේ නැත්නම් එයින් කිසිම ප්‍රයෝජනයක් නෑ.


මේ වෙනකොට 2018 වසර අවසන් වෙන්න තියෙන්නේ ඉතාම සුළු කාලයක් පමනයි! මේ ගතවෙන්නේ 2018 වසර තුල ඔබ කල කී දේ ගැන සොයලා බලන්න තියෙන හොදම වෙලාව. මොකද 2018 තුල ඔබ යම්කිසි වරදක් කරලා තියෙනවානම් ඒ දේවල් නිවරැදි කරගන්න හැටි ඉගෙන ගන්න, නිවරැදි කරගෙන 2019 තුලවත් සාර්ථක වෙන්න ඔබට තව දින කීපයක් තියෙනවා. ඒ හැරෙන්න ඔබ අවසන් මොහොතේ "මේ වසරේ කරපු දෙයක් නෑ, ජීවිතේ තවමත් හිටපු තැනමයි" කියලා කල්පනා කලොත් එයින් ඔබේ මනස තව තවත් ඍණාත්මක වීමක් හැර වෙනත් කිසිවක් සිදුවන්නේ නෑ.


දැන් ඔබ , ඔබේ හිතට එකගව හිතලා බලන්න,


* ඔබ 2018 ආරම්භයේදී සිටියට වඩා ආර්ථික අතින් කොතරම් ඉදිරියට ගිහින්ද? * සෞඛ්ය අතින් කොතරම් ඉදිරියට ගිහින්ද? * ආදරය හා පවුල් ජීවිතය අතින් කොතරම් ඉදිරියට ගිහින්ද?, * ඉගෙනීම අතින් කොතරම් ඉදිරියට ගිහින්ද? * 2018 ආරම්භයට වඩා සතුටකින්, ඔබ අද වන විට ජීවිතය විදිනවාද?

* ඔබ ඉදිරියට ගියානම් ඒ ඉදිරියට යාම ඔබේ උපරිමයද? * එහෙමත් නැත්නම් ඔබට තව සාර්ථක වෙන්න තිබුනාද? * නැත්නම් ඔබ තවමත් ජීවිතය පටන්ගත්ත තැනමද?


2018 කියන්නේ, ඔබ ඔබේ ජීවිතයේ සුවිශේෂීම සාර්ථකත්වයක් ලගා කරගත්ත වසරනම්, ඔබ විශ්වාසකරන උපරිම මට්ටමකින් ඔබ 2018 තුල සාර්ථක වුනානම් මේ ලිපිය ඔබ වෙනුවෙන් නෙමේ, ආයේත් ගෙවුන කාලය දෙස පසුපස හැරිලා බැලීමේදී ඔබට හිතෙනවානම් ඔබ තවමත් හිටපු තැනමයි, සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගෙන නෑ කියලා මේ ලිපිය අවසන් වනතෙක්ම කියවන්න, කියවලා අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව වෙනස් වීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න.


මොකද අපිට කුඩා කාලයේ සිටම හුරු කරලා තියෙන්නේ සාර්ථක වෙන්නනම් දැනුම ලබන්න , ඒ දැනුම මතකයේ තබා ගන්න කියන දේ, මේ නිසාම බොහෝ දෙනෙක් සැබෑ ජීවිතේ හැම දෙයකටම මේ ක්‍රමයම අදාල කරගන්නවා. නමුත් ඇත්තම කතාව වන්නේ මිනිසෙක්ගේ ජීවිතේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඒ මිනිසා කොයිතරම් දුරට ප්‍රායෝගික ජීවිතය තුල තමන් ලබා ගත් දැනුම භාවිතා කරන්න දන්නවාද කියන දේ මත පමනයි.


ඔබ ඉගෙනගන්න දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකර ඔබ මේ ලෝකයේ තියෙන සියලුම දේ කියවලා මතකයේ තබා ගත්තත් ඔබට සාර්ථකත්වය කියන දේ තියෙන්නේ බොහෝ දුරින්. මතකයෙන් සාර්ථකත්වය මැනීම සිදුකලේ පාසලේ හා විශ්වවිද්‍යාල වල විතරයි, නමුත් සැබෑ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ ක්‍රියාවෙන් හා ප්‍රතිඵල වලින් කියන දේ හොදින් මතකයේ තියා ගන්න.


2018 තුල ඔබ හිතපු තරම් සාර්ථක වුනේ නැත්නම් ඇයි එහෙම වුනේ කියන දේ මුලින්ම හරියට තේරුම් ගන්න.


මුලින්ම 2018 වසරේ ආරම්භය ගැන හිතන්න, ඒ මොහොතේ ඔබේ හිතේ තිබුන බලාපොරොත්තු ගැන හිතන්න, ඔබ ඒ මොහොතේ ඔබේ බලාපොරොත්තු ගැන හිතලා ඔබ ඔබටම කියා ගත්තේ මොනවාද?

* කවදා හරි කොහොම හරි මම සාර්ථක වෙනවා කියලද? * කොහොම හරි මම එතැනට යනවා කියලද?

එහෙමනම් ඔබ අසාර්ථක වෙන්න පළමුවෙනි හේතුවත් එයම තමයි.

ඔබ ඔබේ සාර්ථකත්වය ගැන හිතද්දි කවදා හරි කොහොම හරි කියන වචන දෙක භාවිතා කරනවානම් , ඒ කියන්නේ ඔබ තවමත් ඉලක්කයක් ඇතුව ජීවත් වෙන කෙනෙක් නෙමේ. ඔබ තවමත් සිහින දකින කෙනෙක් පමණයි.


හීන දකිමින් ජීවත් වෙන කෙනෙක්ට කවදා හරි කොහොම හරි කිය කියා ඕනෑ තරම් කාලයක් නිකරුනේ ගෙවා දමන්න පුලුවන්, ඔවුන්ට තමන් කරපු දෙයක් නෑ කියලා මතක් වෙන්නේ, ඔවුන් තවමත් අසාර්ථකයි කියලා මතක් වෙන්නේ, වසරක් ගෙවිලා වසරක් ලබන කොට විතරයි, එහෙමත් නැත්නම් තමන්ගේ හීන ලගා කරගන්න බැරි තැනටම පත්වුනාම විතරයි.


නමුත් ඉලක්කයක් තියෙන මිනිසාට එහෙම කරන්න බෑ. හොදට කල්පනා කරලා බලන්න මේ ලෝකයේ සාර්ථක වෙන, ඉහල ලාභ ලබන ආයතනයක් ගැන. ආයතනයක් විදිහට ඔවුන් ක්‍රියා කරන ආකාරය ගැන හිතල බලන්න.


ඔවුන් වසරක් ආරම්භයේදී මුලින්ම කරන්නේ මොකක්ද?


ඔවුන් ගමන පටන් ගන්නේ " කවදා හරි කොහොම හරි ලාභ ලබනවා" කියලා හෝ " අපි මේ අවුරුද්දේ කොහොම හරි ලාභ ලබනවා" කියලද?


නෑ ඔවුන් කිසිම දවසක එහෙම කරන්නේ නෑ, ඔවුන් අවුරුද්ද ලබන්නත් කලින් මේ වසරේදී ලබන්න බලාපොරොත්තු වෙන ලාභය හරි සතේට තීරණය කරනවා. අපේක්ෂිත ලාභය රු මිලියන 10යි සත 50යි නම් ඔවුන් එය ගනනය කරන්නේ ඒ සත 50ත් ඇතුලුව.


මීලගට ඒ ලාභය ලබා ගැනීම වෙනුවෙන් , නිශ්චිත ලිඛිත සැලැස්මක් ඔවුන් හදනවා. පියවරෙන් පියවර වසරක කාලයක් තුල එතැනට යන්නේ කොහොමද කියන දේ කල්තියාම තීරණය කරනවා. පළමු සතිය වන විට කොතරම් ඉලක්කයට ලගා වෙනවාද, පළමු මාසය වන විට කොතරම් ඉලක්කයට ලගා වෙනවාද, මාස 6ක් යන විට කොතරම් ඉලක්කයට ලගා වෙනවාද යන්න කලින්ම තීරණය කරනවා.


තමන්ට ඇතිවෙන්න පුලුවන් බාදක මොනවාද , එවැන්නක් ඇතිවුනොත් ගන්න පියවර මොනවද කියන දේ කල් තියාම තිරණය කරනවා. ඔවුන් තමන්ගේ ගමන ප්‍රායෝගිකව යන්න පටන් ගන්නේ එතැනින් පස්සේ!

ඔවුන් ගමන පටන් ගත්තත්, තමන් සාර්ථකද නැද්ද කියලා බලන්න අවුරුද්ද අවසන් වෙනකන් ඉන්නේ නෑ,

* පළමු දිනයේ සිටම තමන් සැලසුම් කල ආකාරයට වැඩ ක්‍රියාත්මක වෙනවාද?


* සැලසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සැලසුමේ ආකාරයටම ප්‍රතිඵල ලගා කරගන්නවාද?

*පළමු දිනයේ, පළමු සතියේ, පළමු මාසයේ ලගා විය යුතු ඉලක්ක වලට සැලසුම් කල පරිදි ලගා වුනාද?

* එසේ නැත්නම් සැලසුමේ වෙනස් කල යුතු තැන් මොනවාද?


යන සියල්ල පිරික්සමින් තමයි තම ගමන යන්නේ. මේ නිසා යම් අඩුපාඩුවක් වුනත් ඔවුන්ට එය ඉතා ඉක්මනින් හදුනා ගන්නත්, නිවරැදි කරගන්නත් හැකියාව තියෙනවා. එවන් පසු බිමක ඔවුන්ට අසාර්ථක වෙන්න තියෙන්නේ ඉතාම කුඩා ඉඩකඩක් පමනයි.


නමුත් ඔබ ඔබේ 2018 ගත කලේ මේ ආකාරයෙන්ද? ඔබට මූළ්‍යමය අතින්, සෞක්‍ය අතින්, ආදරය හා පවුල් ජීවිතය අතින්, අද්‍යාපණය අතින් හීන හැරෙන්නට ඉලක්ක තිබුනාද? ඒ ඉලක්ක වෙත යන ආකාරය ඇතුලත් නිශ්චිත ලිඛිත සැලැස්මක් ඔබ සතුව තිබුනාද? ඔබ එය අනුව ක්‍රියාත්මක වී ඔබේ සාර්ථකත්වය දිනපතා මැන බැලුවද? ඔබේ වැරදි අඩුපාඩු ඒ ඒ මොහොතේ හදුනාගෙන , නිවරැදි කරගෙන ඔබේ ඉලක්කයට ලගා වීම වෙනුවෙන් එකිනෙක දිනය තුල ලගා විය යුතු සාර්ථකත්වයට ඔබ ලගා වුනාද?


ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව. ඔබ තවමත් අසාර්ථකනම්, ඔබ මේ මොහොතේම ඔබ ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් කරන්න. එසේ නැතුව ඔබට එකම දේ කර කර වෙනස් ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් නෑ.


ඉලක්ක, සැලසුම් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න. නිකමට හිතන්න ඔබ මේ වසරේ සාර්ථක වුනා නම්, ඔබ සිහින දකින ජීවිතය ලගා කරගත්තානම්, ඔබට 2019 වසරේ සිට සාර්ථක මිනිසෙකු ලෙස ඔබ සිහින දැකි ජීවිතය අත්විදින්න පුලුවන්. නමුත් ඔබ මේ වසර අසාර්ථක නිසා ඔබට මීලග වසරත් සාර්ථක වෙන්න උත්සාහ කරන මිනිසෙක් ලෙස අසාර්ථකව ජීවත් වෙන්න සිදුවෙනවා.


ඔබට ඒ අහිමි වෙන වසර ඔබේ ජීවිත කාලයට ආයේ කවදාවත් එන්නේ නෑ. ඔබ මියයන්න ඔන්න මෙන්න තියලා කොතරම් සාර්ථක වුනත් ඔබට එය බුක්ති විදින්න හැකියාවක් නෑ. ජීවිතය තියෙන්නේ විදවන්න නෙමේ විදින්න. එහෙම විදින්න පුලුවන් වෙන්නේ තමන්ට තියෙන කාලය නිවරැදිව කලමනාකරණය කරගෙන ඉක්මනින්ම තමන්ගේ සිහින ලගා කරගන්න උත්සාහ කරන මිනිසුන්ට පමණයි.


මේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ටම සාර්ථක වෙන්න පුලුවන්, නිවරැදි ක්‍රමය හදුනාගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න. හැම දේම සැබෑවක් වෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනොත් විතරයි!


* ඔබේ හිතේ තියෙන ඕනෑම සිහිනයක්, නිවරැදිව ඉලක්කයක් බවට පත්කරගන්න හැටි, * ඉලක්කයක් කරා නොකඩවා ගමන් කරන්න අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිකරගන්න හැටි, * ඉලක්ක වෙනුවෙන්, දිගු කාලීන, කෙටිකාලීන හා දෛණික සැලසුම් සකස් කරන හැටි, * සකස් කල සැලසුම් නිවරැදිව ක්‍රියාත්මක කරන හැටි හා සාර්ථකත්වය මැන බලන හැටි


පියවරෙන් පියවර, සරලව පැහැදිලිව, උදාහරණ හා ප්‍රායෝගික අභ්‍යාස සහිතව ඉගෙන ගන්න, " ජීවිතය දිනන ප්‍රායෝගික මග ( PDF eBook) , ප්‍රායෝගික වැඩපත්‍රිකා හා දින සැලසුම " පහත සබැදිය (Link ) හරහා Download කරගන්න.


* මෙය ප්‍රායෝගික සාර්ථකත්වය අරමුණු කරගත්, ප්‍රායෝගික උපදෙස් පොතකි, මෙය පරිහරණයේදී ඔබට අපැහැදිලි යමක් ඇත්නම් හෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී යම් ප්‍රායෝගික ගැටලුවක් ඇතිවේනම් ඒ සම්බන්දයෙන් ඔබගේ බාගත ( Download ) කිරීමට අදාල යොමු අංකය ( Reference Number ) සමග info@winnersloungelk.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට email පණිවිඩයක් යොමු කිරීමේන් නොමිලේ උපදෙස් ලබා ගත හැකිය.



277 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page