top of page
Writer's pictureChathuska Amarasekara

මේ ලෝකයේ සාර්ථකම මිනිසාත් ඔබ වගේම මිනිසෙක්.

Updated: Aug 14, 2019



මේ ලෝකයේ සාර්ථක වෙච්ච හැම මනුස්සයෙක්ම ඔබ වගේම කෙනෙක් බව අමතක කරන්න එපා. සමහර වෙලාවට ඒ බොහෝ දෙනෙක් ඔබ මේ මොහොතේ ඉන්න තැනට වඩා හිතා ගන්නවත් බැරි තරම් වන දුක් කම්කටලු සහත ජීවිත ගත කරපු මිනිස්සු වෙන්නත් පුලුවන්. 


මේ ලෝකය මේ වෙනකොටත් හොල්ලගෙන ඉන්නේ, හොල්ලගෙන හිටියේ, ඔබ මා වගේම සාමාන්‍ය මිනිස්සු මිසක් අහසින් පාත් වෙලා එක දවසින් සාර්ථක වෙච්ච මිනිස්සු නෙමේ. 


ඇමරිකාවේ කීර්තිමත්ම ජනපතිවරයා ඒබ්‍රහම් ලින්කන් ඔහු ඉතාම දුක්කිත ළමා කාලයකට හිමි, දුප්පත් අසරණ පවුලකට දාව උපන්නෙක්.


ඔප්‍රා වින්ෆ්‍රි අදටත් ලෝකයේ වැඩියෙන්ම ආදරයට ලක් වන මාධ්‍යවේදිනිය, ඇය අදින්න ඇදුමක් නැති නිසා ගෝනියකින් මහපු ගවුමක් ඇදගෙන ජීවිතේට මුහුන දුන්න දරුවෙක්.

එමිනම්, අද ලෝකය ඔහුව හදුන්වන්නේ රැප් රජු විදිහට, ඔහුට අම්මගේ ආදරයවත් හරියට ලැබුනේ නෑ.


ස්ටීව් ජොබ්ස්, ශාරුක් කාන්, ලෙස් බ්‍රවුන්, අපේ රටේ මැලිබන් මුදලාලි ඇතුලු මේ ලෝකය හොල්ලපු හැම කෙනෙක්ම පොඩි තැනක ඉදන් ඉහලට නැගපු මිනිස්සු.


හීනයක් තියෙන, ඒ හීනේ තමන්ට සැබෑ කරගන්න පුලුවන් කියලා හිතන්න තරම් ශක්තිමත් හිතක් තියෙන, ඒ වෙනුවෙන් කැපවෙන්න, අනිත් හැමෝම බෑ කියනකොට, නෑ එහෙම නෙමේ කියලා හැම බාදකයක්ම කඩාගෙන ඉස්සරහට යන්න ශක්තියක් තියෙන ඕනෑම කෙනෙකුට මේ ලෝකයේ සාර්ථක මිනිසෙක් වෙන්න පුලුවන්. ඒකට ඔබ කාගේ කවුද, මොන පාසලටද ගියේ, ගම කොහෙද, කොච්චර ඉගෙනගෙන තියෙනවාද, දුප්පත්ද පෝසත්ද , සමාජ තත්වේ මොකක්ද, ආගම , ජාතිය මොකක්ද කියන කිසිම දෙයක් බලපාන්නේ නෑ.


තමන්ගේ සාර්ථකත්වය තමන්ම නවත්තගන්න එපා. ජීවිතේ සාර්ථක කරගන්න අපි හැමෝටම පුලුවන්. මේ ලෝකයේ සාර්ථකම මිනිසාත් ඔබ වගේම තවත් එක මිනිසෙක්. අපි බෑ කියලා හිතනකොට ඔහු පුලුවන් කියලා හිතුවා. එච්චරයි වෙනස.!


-

ජීවිතේ ගැන අලුතින් සිතන්න පුරුදු කරන මෙවැනි සටහනක් දිනපතා ලබා ගන්න. ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකථනයෙන් REG හිස්තැනක් ACHIEVER ලෙස සටහන් කර 77000SMS කරන්න.


දිනකට අයවීම: රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.

 

ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.


ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf



329 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page