top of page

මිනිසෙකු ඉපදෙනකොට රැගෙන එන්නේ ඉතාමත් සුළු දෙයකි, අනෙක් සියළුම සාර්ථකත්වයන් ඔහු විසින් ගොඩනගන දේවල්ය

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Jul 16, 2020




වරෙක ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මෙලෙස පවසා ඇත, " මිනිසෙකු ඉපදෙනකොට රැගෙන එන්නේ ඉතාමත් සුළු දෙයකි, අනෙක් සියළුම සාර්ථකත්වයන් ඔහු විසින් ගොඩනගන දේවල්ය"


සැබවින්ම සාර්ථකත්වය යනු උපතින් රැගෙන එන්නක් හෝ වාසනාව මත ගොඩ නැගෙන්නක් නොවේ. එය හුදෙක් තම හැකියාවන් හා කැපවීම හරහා ගොඩනගා ගතයුතු දෙයකි. නමුත් අදවන විට ලෝකයේ පවතින සැබෑ තත්වයනම් මෙම සාර්ථකත්වය සැබවින්ම ගොඩනගා ගන්නේ ඉතාමත් සුලු පිරිසක් වීමයි. සැබවින්ම බොහෝ දෙනෙකුට සාර්ථකත්වය ගොඩනගා ගැනීමට නොහැකි වීමටත් සුළු පිරිසකට එය හැකි වීමටත් හේතුව කුමක්ද?

සුප්‍රකට දේශකයකු වන ටෝනි රොබින්ස් පවසන ආකාරයට මිනිසෙකුගේ සාර්ථකත්වය 80% ක් තීරණය වන්නේ එම පුද්ගලයාගේ මනස මතය. එනම් මිනිසෙකු සාර්ථක නොවීමට 80%ක් බලපානු ලබන්නේද මනස තුල වන අහිතකර දේවල්ය. 


වරෙක බ්‍රයන් ට්‍රේසි නම් දේශකයා මිනිසෙකු අසාර්ථක වීමට, එහෙමත් නැත්නම් මිනිසෙකුගේ සාර්ථකත්වය සීමා වීමට ප්‍රබලවම බලපාන සාදක කීපයක් පිලිබදව සදහන් කරයි. ඒවා පහත පරිදිය.


1. අසාර්ථකත්වය සාදාරනීය කරණය කිරීම.


බොහෝ දෙනෙකු අසාර්ථක වීමට බලපාන කරුනු අතරින් මූලිඛම සාදකය නම් තම අසාර්ථකත්වය සාදාරනීය කරනය කිරීමට හුරු වීමයි. තමා ලබන අසාර්ථකත්වය සාදාරණ බවත්, වෙන කරන්නට කිසිත් නොමැති බව සිතීමයි. 


උදාහරණයක් ලෙස ගතහොත් දුපත්ව ඉපදුනු නිසා සාර්ථක වන්නට අපහසු බව පවසන මිනිසුන් ලොව ඕනෑ තරම් ඇත. එය හුදෙක් අසාර්ථකත්වය සාදාරණීය කරනය කිරීමකි.


2. නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට හුරු වීම.


බොහෝ දෙනෙකුට සාර්ථකත්වය ලගා කර ගැනීම අපහසු වීමට බලපාන 2වන කරුණ නම් තම අසාර්ථකත්වයට නිදහසට කාරනා කියන්නට හුරු වීමයි. 



මුදල් තිබුනානම් , ආර්ථිකය හොද තත්වයක පැවතුනානම් , අනෙක් මිනිසුන් උදව් කලානම් සාර්ථක වෙන්න තිබුනා යනුවෙන් තම අසාර්ථකත්වය වෙනුවෙන් විවිද හේතු නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කිරීම සෑම විටම ඔබව ඔබගේ සාර්ථකත්වයෙන් ඈත් කර තබයි.


3. අනෙක් මිනිසුන් ඔබ ගැන සිතන දේ නිවරැදියැයි පිලිගැනීම.


ඔබට යමක් කල හැකිද නොහැකිද යන්න පිලිබදව සමාජයේ අනෙක් මිනිසුන් දරන මතය පිලිගැනීම බොහෝ දෙනෙකුගේ අසාර්ථකත්වයට බලපාන 3වන කරුනයි. සෑම විටම අනෙක් මිනිසුන් තමාගැන සිතන දේ වෙනුවට තමා තමා ගැන, තම හැකියාවන් ගැන දරන මතය පිලිබදව විශ්වාස කිරීමට හුරු වීම මෙයින් මිදීමට ඇති එකම ක්‍රමයයි.

සෑම විටම තම සාර්ථකත්වය ලගා කර ගැනීම තමාගේ වගකීමකි. එය ඔබ ඉටු නොකරයිනම් ඔබ වෙනුවෙන් වෙනත් අයෙකු එය ඉටු කරන්නේ නැත. ඉහත කරුනු ඔබතුලත් තිබෙනවානම් මේ මොහොතේ සිට එය ඔබගේ ජීවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරන්න. ඔබ එය ඉවත් කල මොහොතේ පටන් ඔබ සාර්ථකත්වය වෙත ගමන් කරන බව ඔබට දැනෙන්නට පටන් ගනු ඇත.


Direct Download Links


අසිරිමත් යටිසිත : Download Now

ජීවිතය දිනන ප්‍රායෝගික මග : Download Now

පොහොසත් බවේ රන් දොරටු : Download Now

සාර්ථක ආදරයකට මග : Download Now

සාර්ථකත්වය වෙනුවෙන් උදැසන චාරිත්‍ර : Download Now

 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page