top of page
Writer's pictureChathuska Amarasekara

මිනිත්තු කීපයක් තුල ඔබේ ජීවිතයම වෙනස් කරන Mind Reprogramming



Mind Reprogramming කියන්නේ ලෝකයේ සාර්ථකත්වය හබාගෙන යන මිනිසුන් අතරේ අද වන විට ඉතාම ප්‍රසිද්ධ මාතෘකාවක්. ඒකට හේතුව තමයි, මේ ක්‍රමය හරහා, බොහෝ දෙනෙක්ට තමන්ගේ ජීවිතයේ ඇති කර ගන්න අවශ්‍ය කරන ප්‍රබල වෙනස් කම් පවා ඉතාම කෙටි කාලයක් තුල, ප්‍රබල මට්ටමකින් ඇති කර ගන්න පුළුවන් වීම.


මේ නිසා අද ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, ඉතාම කෙටි කාලයක් තුල ඔබේ ජීවිතය තුල අති ප්‍රබල වෙනස් කම් ඇති කරන්න සමත් Mind Reprogramming ගැන.


Mind Reprogramming කියන්නේ මොකක්ද?


අපි හිතමු, ඔබේ පරිගණයකය හෝ ජංගම දුරකතනය, හරි ආකාරයෙන් වැඩ කරන්නේ නෑ කියලා, එහෙමත් නැත්නම්, වේගවත් බව අඩු වෙලා කියලා, ඒ හරහා තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කරන්න අමාරුයි කියලා!


එහෙමනම්, ඒ වෙනුවෙන් ඔබට මොනවද කරන්න පුළුවන්?


සරලවම ඔබට පුළුවන් ඒ දේ වෙනුවෙන් ඔබේ පරිගණකය හෝ දුරකතනය reset කරලා, තමන්ට අවශ්‍ය ආකාරයෙන් නැවත සකස් කර ගන්න. එය ඒ තරම්ම සරලයි.


නමුත් ඔබ දන්නවාද? මෙන්න මේ විදිහටම ඔබේ ජීවිතයේ අවුල් වෙච්ච තැන්, එහෙමත් නැත්නම් අවශ්‍ය කරන දේවල් අවශ්‍ය විදිහට කරගන්න බැරි වෙන ස්වභාවයන් reset කරලා, ඔබේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් කියලා?


ටිකක් පුදුමයි නේද? නමුත් ඒක ඇත්ත, Mind Reprogramming හරහා වෙන්නේ මෙන්න මේ දේ.

ඔබ දන්නවා, පරිගණක වල, ජංගම දුරකතන වල මෙන්න මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න හේතුව තමයි, Operating System එකේ හරි Softwere වල හරි ඇති වෙන ගැටලු. සරලවම කිව්වොත් මෘදුකාංග වල ඇති වෙන ගැටලු.


මිනිස් මනස කියන්නෙත් මෙන්න මේ පරිගණයක තියෙන මෘදුකංග වලට සමාන දෙයක්. පරිගණකයක් මෙහෙයවෙන්නේ මෘදුකාංග හරහා වගේම, ඔබ මා ඇතුලු සමස්ථ මිනිස් වර්ගයා මෙහෙය වෙන්නේ මෙන්න මේ මනස කියන මෘදුකාංගය මගින්.


ඔබ සවිංඥාණිකව (හිතලා) කරන හා අවිංඥාණිකව (නොසිතා) ඔබෙන් සිදුවන හැමදෙයක්ම පාලනය වෙන්නේ, ඔබේ මනස තුලින්. ඔබේ රුචි අරුචි කම්, හැගීම්, තීරණ ගැනීම්, ක්‍රියාත්මක වීම් ඇතුලු හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔබේ මනස දැනටමත් programme වෙලා තියෙන ආකාරයට සාපේක්ෂව.

ඔබ දන්නවාද ඔබ සාමාන්‍යයෙන් හැමදාම දත් මදින්නේ එකම අතින් බව, එකම වේගයෙන් බව, එකම රටාවකට බව? ඇයි ඒ? ඔබේ මනස තුල දත් මැදීම කියන දේ programme වෙලා තියෙන්නේ ඒ විදිහට.

සමහරුන්ට සමහර දේවල් වලට දුක හිතෙනවා, සමහරුන්ට ඒ දේවල් ගානක් නෑ! ඇයි ඒ? ඒ ඒ පුද්ගලයන්ගේ මනස programme වෙලා තියෙන්නේ ඒ විදිහට.


සාමානයෙන් අපි අපේ ජීවිතේ වෙනස් කර ගන්න උත්සාහ කරනකොට, ඒ දේ කරගන්න අමාරු වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි, අපි මේ programme වෙලා ඉන්න විදිහ, අපිට අවශ්‍ය තත්වය ඇති කර ගන්න ගැලපෙන්නේ නැති එක.


උදාහරණයක් විදිහට, හැමදාම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා, ඇග අඩු කරගන්න හිතන කී දෙනෙක් ඉන්නවාද, දවසක් දෙකක් යනකොට ඒ වැඩේ කරන්න බෑ කියලා අත් හරින. ඇයි ඒ?

අවශ්‍ය තත්වය ඇති කරගන්න ඕනේ විදිහට නෙමේ, මනස programme වෙලා තියෙන්නේ! ඒ නිසා අපි ආයාසයකින් විවිද දේවල් කරන්න හැදුවත්, අපි programme වෙලා තියෙන විදිහ ඒකට ගැලපෙන්නේ නැති නිසා වැඩේ අවුල් වෙනවා.


මෙන්න මේ දේ වෙනස් කරන්න තමයි Mind Reprogramming කියන දේ භාවිතා කරන්නේ. මෙහිදී වෙන්නේ, අපේ මනස programme වෙලා තියෙන විදිහ වෙනස් කරලා, අවශ්‍ය තත්වයන් ඇති වෙන්න ගැලපෙන විදිහට නැවත සකස් කරන එක.


මේ දේත් එක්ක, අපිට හිතෙන දේවල්, අපිට දැනෙන දේවල්, අපි විවිද දේවල් තේරුම් ගන්න විදිහ ඇතුලු හැම දෙයක්ම අපිට අවශ්‍ය කරන ජීවිතය ගොඩනගා ගැනීමට ගැලපෙන විදිහට වෙනස් කර ගන්න පුලුවන්. ඒ දේත් එක්ක ඉතාම කෙටි කාලයක් තුල ජීවිතේ ඉතාම ලොකු වෙනසක් ඇති කර ගන්න ඔබට පුළුවන් වෙනවා.


Mind Reprogramming ගැන කතා කරනකොට, මේ දේ කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අවශ්‍යනම් මිනිත්තු කීපයක් ඇතුලත වුනත් ඔබව වෙනස්ම මිනිසෙක් කරන්න Mind Reprogramming හරහා පුළුවන්. නමුත් එවැනි දේවල් කරන එක අනිත් අතට ලොකු අවදානමක් තියෙන දෙයක්. ඒ නිසා, එවැනි දෙයක් කරනවානම් ඒ දේ කරන පුද්ගලයාට මනස පිලිබද පූර්ණ අවබෝධයක් තියෙන එක ඉතාම වැදගත්.

ඒ නිසා සාමාන්‍යයෙන් එවැනි මට්ටමේ Mind Reprogramming කිරීමක් සාමාන්‍ය මිනිසෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි තරම් ඉහල මුදලක් වැය වෙන දෙයක්.


නමුත් මෙතැනින් එහාට අපිට අවශ්‍යනම් අපේ මනස, අපිටම programme කරගන්න පුළුවන් විදිත් තියෙනවා, 28 වෙනිදා පවත්වන, Mind Reprogramming පිළිබද වැඩසටහනේදී මම ඔබට කියලා දෙන්නේ අන්න ඒ දේවල් ගැන.


විශේෂයෙන්ම මම මේ වැඩසටහන වෙන් කරන්නේ, මූල්‍යමය අතින් සාර්ථක වීමට අදාලව Mind Reprogramming කරන්නේ කොහොමද කියන දේ ගැන.


විශේෂයෙන්ම ඔබට මුදල් ගැටලු තියෙනවානම්, නිතර නිතර ඒ ගැටලු ඇති වෙනවානම්, මුදල් ප්‍රශ්ණ වලින් මිදෙන එක අමාරු දෙයක් වෙලා තියෙනවානම්, දවසින් දවස හිර වෙන එකම විතරනම් වෙන්නේ, එහෙමත් නැත්නම්, කොච්චර උත්සාහ කලත් මූල්‍යමය අතින් දියුණු වෙන්න අමාරු නම්, ඒ දේවල් වෙනස් කරගෙන, ඉතාම කෙටි කාලයක් තුල ජීවිතේ තමන්ට දැනෙන වෙනස් ඇතිකර ගන්න ඔබට මේ හරහා පුළුවන්.

සහබාගී කරගැනීම සිදු කරන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි.

මෙම වැඩසටහන සදහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය මාර්තු 18 ආයෝජණය: රු.1950 (10$)


👉 අපගේ වෙබ් අඩවිය හරහා ටිකට් පත් ලබා ගැනීමට පිවිසෙන්න : http://bit.ly/3ey7LLA


👉 Bank Transfer / Ez Cash ක්‍රම හරහා ගෙවීම් කර ආසන වෙන්කර ගැනීමට පිවිසෙන්න: https://form.jotform.com/winnersloungelk/mindreprogramming

52 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page