top of page
Writer's pictureChathuska Amarasekara

මේ ඔබ වෙනස් විය යුතුම මොහොතයි




සාර්ථකත්වය ගැන කතා කරනකොට, හැම වෙලාවෙම අපිට මිනිසුන් වර්ග දෙකක් පැහැදිලිව හදුන ගන්න පුළුවන් වෙනවා, එක් පිරිසක් තමයි, තමන් බලාපොරොත්තුවෙන සාර්ථකත්වය වෙත ප්‍රායෝගිකව ලගා වෙන පිරිස, අනිත් පිරිස තමයි, කොච්චර සාර්ථක වෙන්න උත්සාහ කලත්, හීන දැක්කත්, සැබෑ ජීවිතයේදී ඒ වෙතට ලගා වෙන්න බැරි වුන පිරිස.


මේ මොහොතෙදී මේ ලිපිය කියවන ඔබත් ඉන්නේ මේ කොටස් දෙකෙන් දෙවැනි කොටසේනම්, අද මේ ලිපිය මම ලියන්නේ නිශ්චිත වශයෙන්ම ඔබ වෙනුවෙන්.. මොකද මේ මොහොතේදී ඔබ මේ ලිපියේ මම ලියන අන්තර්ගතය තේරුම් ගත්තේ නැත්නම්, බොහෝ වෙලාවට ඔබ හෙට දිනයේදී මේ දේ ඉගෙන ගන්න පරක්කු වැඩි වෙන්න පුලුවන්.



මොකද අපි මේ වෙනකොට ජීවත් වෙන්නේ, මීට මාස ගනනකට කලින් අපි ජීවත් වුන ලෝකය තුල නෙමෙයි. ඔබට හෙට ජීවත් වෙන්න වෙන්නේ ඔබ කලින් හිතාගෙන හිටපු ආකාරයේ ලෝකයක නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ ඔබ වෙනස් නොවුනොත් , බොහෝ වෙලාවට අනාගතයේදී ඔබ ලගා කරහන්න හිතන සාර්ථකත්වය ලගා කරගැනීම, ඔබ හිතනවාට වඩා දහස් ගුණයක් අමාරු වෙන එක නොවනු මානයි.


මොකද මේ මොහොත වන විටත් තමන්ගේ සාර්ථකත්වය පවත්වාගෙන යාම හා වර්ධනය කර ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ විශිෂ්ටයින්ට පමණයි. එසේ නොවන සෑම කෙනෙක්ට මේ මොහොත වන විටත් තමන්ගේ අසාර්ථකත්වයේ අවදානම දැනෙන්න පටන් අරගෙන ඉවරයි.


හොදට හිතන්න, හීන ලෝක වලින් බිමට බැහැලා , ඔබ සැබෑවටම ජීවත් වෙන ලෝකයේ ඔබට පෙනෙන්න තියෙන දේවල් ගැන අවදානය යොමු කරන්න...


මේ වෙලාවේ සුරක්ෂිත රැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවානම්, වැටුප් වර්ධනය කර ගත් කෙනෙක් ඉන්නවානම්, ඒ ආයතනයට නැතුවම බැරි තත්වයක් ඇතිකරගත් විශිෂ්ටම සේවකයෙක් පමණයි. එසේ නොවන සෑම කෙනෙක්ටම මේ මොහොතේ තමන්ගේ රැකියාවේ අවිනිශ්චිත බව කියන දේ තියෙනවා. මොකද ඉදිරි මාස කීපය කියන්නේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්ට තමන්ගේ රැකියාව අහිමි වෙන කාලයක්!


මේ මොහොතේ යම් කිසි ආයතනයකට හොදින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුලුවන් වෙලා තියෙනවානම්, ඒ වගේම අනාගත සුරක්ෂිත බව ගැන සැකයකින් තොරව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙලා තියෙනවානම්, එහෙම පුලුවන් වෙලා තියෙන්නේ සෑම අංශයක් තුලම උපරිම ඵලදායීතාවයක් තහවුරු කරගත්ත ආයතන වලට පමණයි. එසේ නොවන හැම ආයතනයක්ම මේ වෙනකොට තියෙන්නේ කොට උඩ..එහෙම නැත්නම් අවිනිශ්චිත බවක.


ඒ වගේම මේ මොහොත වන විට යම් කිසි පුද්ගලයෙක්, ජීවිතේ හොදින් වින්දනය කරමින් ජීවත් වෙනවානම්, තමන්ගේ අනාගතය ගැන බියකින් තොරව සැහැල්ලුවෙන් ජීවත් වෙනවානම් , එහෙම ජීවත් වෙන්නේ, ජීවිතේ සෑම අංශයක්ම හරි ආකාරයෙන් ගොඩනගා ගත්ත මිනිසෙක් විතරයි. එසේ නොවන හැම කෙනෙක්ගේම ජීවිත මේ මොහොත වන විට තියෙන්නේ ගැටලු ගොඩක.


කුනාටුවකදී මුලින්ම ගිලෙන්නේ, දක්ෂ කපිතාන් කෙනෙක් නැති නැව්... භූමිකම්පාවකදී මුලින්ම සමතාලා වෙන්නේ ශක්තිමත් අත්තිවාරමක් නැති නිවාස. ඒ වගේම තමයි මේ මොහොතේදිත් , ඔබේ ජීවිතයේ සුරක්ෂිත බව රැදිලා තියෙන්නේ, ජීවිතයේ සාර්ථකතය පිලිබද ඔබ දමාගෙන ඇති අත්තිවාරමේ ශක්තිමත් බව මත පමණයි.


එවැනි ශක්තිමත් අත්තිවාරමක් ඔබ දමාගෙන නොමැතිනම් , ඔබ මේ දේ අහන්න කැමැති වුනත් නැති වුනත්, මට ඔබට කියන්න වෙන්නේ ඔබේ අනාගතය මීලග මාස කීපය ඇතුලතදී ඔබ හිතනවාට වඩා බොහෝ අසාර්ථක එකක් වන්නට ඉතාම වැඩි ඉඩකඩක් තිබෙනවා යන්න පමණයි.


මේ නිසා මේ මොහොත වන විටත් ඔබ කරන්නේ එදිනෙදා ජීවිතේ යැපීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එකනම්, කවදා හරි, කොහොම හරි , මොනවා හරි කරලා ලගා කර ගන්න ඉන්න සාර්ථකත්වයක් ගැන හීන දැක දැක ඉන්න එකනම් ඔබ දැනටමත් පරක්කු වැඩි බව තේරුම් ගන්නම ඕනේ!



ඔබට සාර්ථක වෙන්න ඕනේනම් , මේ මොහොත වෙනකොට ඔබ ඔබේ ගමන යන්න ප්‍රායෝගිකව පටන් අරගෙන තියෙන්නම ඕනේ. වැරදි, අඩුපාඩු අවම කරගනිමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට්ටමක ඉන්නම ඕනේ. එහෙම නැත්නම්, ජීවිතේ සාර්ථක කර ගන්න එක අදට වඩා හෙට ඔබ හිතනවාටත් වඩා අමාරු වෙන එක අනිවාර්යයයි.


හොදට මතක තියා ගන්න මේ මොහොත "ඔව් මට පුළුවන්, මම කොහොම හරි සාර්ථක වෙනවා " කිය කියා ඉන්න සරල අභිප්‍රේරණයන්ට කාලය නෙමේ. ඔබට සාර්ථක වෙන්න කොච්චර අභිප්‍රේරණයක් තිබුනත්, ඔබ එතැනට යන්න ඕනේ විදිහ දන්නේ නැත්නම් ඔබ කොහොමත් අසාර්ථක වෙනවා. ඒ නිසා කලින්ටත් වඩා මේ මොහොතෙදී ඔබ හරි දේ හරියට තේරුම් අරගෙන වෙනස් වෙන එක ඉතාම වැදගත්...


පසුගිය වසර ගනනාව තුල, ලංකාව තුල වගේම ලෝකය පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන් දහස් ගනනකට, දේශන , උපදේශන සේවා ඉතා විශාල ප්‍රමාණයක් මම මෙහෙයවලා තිබෙනවා. එතැනදී මට හමුවෙලා තියෙනවා, වසර ගනනක් තිස්සේ සාර්ථකත්වය ගැන කියවන, විවිද දේශන වලට, උපදේශන සේවා වලට සහබාගී වුන නමුත් තවමත් එකම තැන කියන විශාල පිරිසක්.


එහෙම කියාගෙන පැමිනෙන අයගෙන් මම මුලින්ම අහන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ලගා වෙන්න භාවිතා කරන ක්‍රම ශිල්ප, උපක්‍රම මොනවද කියලා , නමුත් මට මෙච්චර කල් මුන ගැහිලා තියෙන 99% දෙනාට ඒ ප්‍රශ්ණයට හරි පිලිතුරක් දෙන්න ලැබිලා නෑ.


ඔවුන් බොහෝ වෙලාවට අවුරුදු ගානක් සාර්ථකත්වය ගැන ඉගෙන ගෙනත් ඉගෙන ගෙන තියෙන්නේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, ධනාත්මක වෙන්න ඕනේ, මට පුළුවන් කියලා හිතන්න ඕනේ, වගේ නිතර ඇහෙන සරල මනස අභිප්‍රේරණය කිරීමේ වදන් ටිකක් විතරයි. ඒ හැරෙන්න යමක් ලගා කරගන්න ඕනේ මාර්ගය ගැනවත් , ඒ වෙනුවෙන් වන උපක්‍රම ගැනවත් ඔවුන් කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ. ඉතිං කොහොමද සාර්ථක වෙන්නේ?


ධනාත්මක වෙන්න ඕනේ කියලා ඉගෙන ගත්තට වැඩක් නෑ, ඔබ ඔබේ ඍණාත්මක වෙලා තියෙන මනස ධනාත්මක කරගන්න පුළුවන් නිශ්චිත ප්‍රායෝගික ක්‍රමයක් ගැන දන්නේ නැත්නම්.


හිත එක අරමුණක තියාගෙන වැඩකරන්න ඕනේ කියලා ඉගෙන ගත්තට වැඩක් නෑ, හිත එක අරමුණක තියා ගන්න ක්‍රමය ඔබ ඉගෙන ගෙන නැත්නම්


උත්සාහ වන්ත වෙන්න ඕනේ කියලා ඉගෙන ගත්තාට වැඩක් නෑ, යමක් අත් හරින්න හිතෙන්නේ නැති තැනට මනස පත් කරගන්න ක්‍රමය ඔබ දන්නේ නැත්නම්.


ඔබ අවුරුදු ගානක් ඉගෙන ගෙන තියෙන්නේ කරන්න ඕනේ දේවල් ටික පමණයි, කරන විදිහ ගැන ඉගෙන ගෙන නෑ.


හොදට මතක තියා ගන්න, අභිප්‍රේරණය කියන්නේ සාර්ථක වෙන හැටි ඉගෙන ගන්නවා කියන එක නෙමේ. මේ දෙක දෙකක්. අභිප්‍රේරණයට පුළුවන්, යමක් එපා වෙලා ඉන්න ඔබව, තව පාරක් උත්සාහ කිරීම වෙනුවෙන් පොලබවන්න, නමුත් එයට බෑ කවදාවත් තමන්ගේ උත්සාහය අත් නොහරින තැනට පත් කරන්න. අන්න එතැනයි වෙනස තියෙන්නේ.


ඔබ අසාර්ථක වෙලා ඉන්න වෙලාවක අභිප්‍රේරකයකු ලගට ගියොත් ඔහු ඔබට කියයි , උත්සාහ වන්තයා ජය ගන්න බව, උත්සාහය අත් නොහැර හිටියොත් ඔබ කිසි දිනෙක අසාර්ථක නොවන බව, ඔහු ඔබට කියයි තෝමස් අල්වා එඩිසන් වගේ චරිත ගැන. දහස් වාරයක් අසාර්ථක වුනත්, උත්සාහය අත් නොහැර කටයුතු කල නිසා සාර්ථක වූ හැටි ගැන. ඔබට ආයෙත් උත්සාහ කරන්න හිතෙන තැනට ඔහු ඔබව පොලබවයි!



නමුත් ඔබ සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න හරි ගුරුවරයෙක් ගාවට ගියොත් ඔහු ඔබට ඔය කිසිම දෙයක් කියන්නේ නෑ. ඔහු ඔබට අනිවාර්යයෙන්ම කියන්නේ තෝමස් අල්වා එඩිසන් උත්සාහවන්තයෙක් නෙමේ, එහෙම හිතලා රැවටෙන්න එපා කියලා. ඔහු ඔබට කවදාවත් උත්සාහය ගැන කතා කරන්නේවත් නෑ.


ඔහු ඔබට කියන්නේ ඔබ කරන දේ ගැන දැඩි ආශාවක් ඇතිකරගන්න හැටි ගැන, ඒ වගේම ඒ දේ ඔබට සාර්ථක කරගන්න පුළුවන් කියන නොබොදෙන විශ්වාසය ඇතිකරගන්න හැටි ගැන. මොකද ඔහු දන්නවා, උත්සාහවන්ත බව කියන්නේ , යමක් ලගා කරගන්න තියෙන දැඩි ආශාවත්, ඒ දේ තමන්ට කරන්න පුළුවන් කියන හැගීමත් කියන හැගීම් දෙක එකතු වුනාම ඇති වෙන චරිත ස්වභාවයක් බව. එය බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නොවන බව.


ඒ නිසා ඔහු ඔබට කියලා දෙයි, එඩිසන්ගේ මනස තුල තිබුන දැඩි ආශාව හා ඒ දේ තමන්ට කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය නිසා, කොතරම් අසාර්තක වුනත්, ඒ දේ අත් හැරලා දාන්න ඔහුට නොහිතුන හැටි ගැන. ඒ නිසා ඔහු ඔබට කියලා දෙයි , ඔහු කියලා දුන්න නිශ්චිත ක්‍රම හරහා තමන් කරන දේ පිලිබද දැඩි ආශාවක් ඇති කරගත්තොත්, දැඩි විශ්වාසයක් ඇති කර ගත්තොත්, එය ක්‍රමාණුකූලව පවත්වාගෙන ගියොත් ලක්ෂ වාරයක් අසාර්ථක වුනත් ඔබ ඔබේ අරමුණ අත් නොහරින තැනට පත් වෙන බව.


සාර්ථකත්වය කියන්නේ අන්න ඒ වගේ විශයක්. එය ඔබ දන්න සරල ධනාත්මක ච්න්තනය හා අභිප්‍රේරණය පමණක් නෙමේ. ඔබ ඉගෙන ගන්න ඕනේ හරි ක්‍රම ශිල්ප ටික, ඒ ටික ඉගෙන ගත්තොත් ඊලග දවස් තිහ ඇති වසර ගනනක් මහන්සි වෙලත් සාර්ථක වෙන්න බැරි වුන ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න!


මේ ලෝකයේ එක අරමුණක හිත තියාගෙන වැඩ කරන්න බැරි මිනිස්සු ලක්ෂ ගනනක් ඉන්නවා, සාමාන්‍යයෙන් සාර්ථකත්වය හොයාගෙන යන බොහෝ දෙනෙක්ට තියෙන සුලභ ප්‍රශ්ණයක් මේක. මේ මොහොත වන විටත් මේ දේ ගොඩනගා ගන්න බැරුව අවුරුදු ගානක් මේ ප්‍රශ්ණය එක්ක ජීවත් වෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඔබ දන්නවාද ඔබ මේ වසර ගනනක් වෙහෙසෙන්නේ මිනිත්තු ගනනක පුංචි අභ්‍යාසයක් හරහා ඇතිකර ගන්න පුළුවන් හැකියාවක් වෙනුවෙන් බව? දවස් කීපයක පුහුණුවකින් උපරිම මට්ටමට ගේන්න පුළුවන් හැකියාවක් වෙනුවෙන් බව?


ඔබ හිතන්න හරි ක්‍රම ශිල්ප ටික ඉගෙන ගත්තේ නැති නිසා, ඉතාම ලේසියෙන් සාර්ථකත්වය කරා මෙහෙයවන්න පුළුවන් ඔබේ ජීවිතය කොතරම් මේ වෙනකොටත් නාස්ති කරලා තියෙනවද කියන දේ ගැන..


අතීතයනම් ගෙවිලා ඉවරයි... හැබැයි ඔබ මේ දේ දැනගෙනත් ඔබ අනාගතයේත් එක දවසක් හරි නාස්ති කරනවානම් එය සුලුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමේ.


විශේෂයෙන්ම මේ මොහොතෙදී ඔබ ඒ දේ කරනවානම් , ඔබ ඊලග මාස කීපය තුල අත වනන්නේ විශාල අසාර්ථකත්වයකට!


අද ඔබ ඇතිකරගන්න පුංචි වෙනසකට, ඔබ ඉගෙන ගන්න පුංචි උපක්‍රමයකට ඔබේ ජීවිතයට ලොකු සාර්ථකත්වයක් රැගෙන එන්න තවමත් පුළුවන්, උදාහරණයක් විදිහට , අද ඔබ ඉගෙන ගන්න පුංචි වෙලද උපක්‍රමයකට ඔබේ ව්‍යාපාරයට ලොකු ලාභයක් ගෙනත් දෙන්න හැකියාවක් තවම තියෙනවා.



මොකද තව මාසෙකින් ඔබ ඒ දේ ඉගෙන ගත්තාට ඒ හැකියාව ඔබට ලැබෙන්නේ නෑ. මේ වෙලාවේ ඔබේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔබ කොතරම් ඉක්මන් වෙනවද කියන දේ මත පමණයි!


ලොව අති සාර්ථක මිලියනපතියෙකු මෙන්ම , සාර්ථකත්වය පිලිබද උපදේශකවරයකු වන ඇමරිකානු ව්‍යාපාරික ග්‍රෑන්ට් කාඩෝන් පවසන්නේ මේ මොහොත තුල ඔබ පළමුවෙනියා නොවේ නම්, ඔබට සිද්ද වෙන්නේ අන්තිමයා වීමට බවයි.


ඔබ ජීවත් වන්නේ , ඔබට ජීවත් වන්නට සිදුවන්නේ ඔබ මීට මාස කීපයකට පෙර ජීවත් වූ ලෝකය තුලවත්, ඔබ සිතා සිටි අනාගතය තුලවත් නොවේ. මේ ඔබට වෙනස් වීමට හොදම කාලය නොව, ඔබ කැමති වුනත් නැතත්, ඔබට සාර්ථක වෙන්න අවශ්‍යනම් ඔබ වෙනස් විය යුතුම කාලයයි!


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර


අභිප්‍රේරණය වෙනුවට, ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතු ශිල්ප ක්‍රම පිලිබදව ඉගෙන ගන්න, ප්‍රායෝගික සාර්ථකත්වයේ ශිල්ප ක්‍රම පිලිබද සැකසුනු විශේෂ ප්‍රායෝගික උපදෙස් පොත් 3 පහත සබැදීන් හරහා PDF e Book ආකාරයෙන් ඔබත් දැන්ම Downlaod කරගන්න. හින දකිමින් කාලය කා දමනවා වෙනුවට අද සිටම නිවරැදි ශිල්ප ක්‍රම සමගින් වෙනස් වෙමින්, ප්‍රායෝගිකව ඉදිරියට ගමන් කරන්න.


Download කරගැනීමට Download Now ලෙස සදහන් තැන Click කරන්න.


ජීවිතය දිනන ප්‍රායෝගික මග PDF eBook ( 115 Pages ) 👉 Download Link : Download Now

අසිරිමත් යටි සිත PDF eBook ( 100 Pages ) 👉 Download Link : Download Now පොහොසත් බවේ රන් දොරටු PDF eBook ( 170 Pages ) 👉 Download Link : Download Now

244 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page