මනස තමන්ගේ වැඩ වලට Focus කරලා තියා ගන්න පුළුවන් හැකියාව කියන්නේ, ඔබේ ජීවිතයේ ඔබ අපේක්ෂා කරන ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ලගා කරගන්න වැඩිම දායකත්වයක් ලබා දෙන, ඔබ තුල තිබිය යුතු ප්‍රධානම හැකියාව කීවොත් එය 100%ක් නිවැරදියි.
මොකද සාධණීය මට්ටමකින් ඔබ තුල මේ හැකියාව නැත්නම්... ඔබට ජීවිතයේ කිසිම ඉලක්කයක් වෙත ලගා වෙන එක කොහෙත්ම ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ඔබ ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතනාවානම් , මුලින්ම ඔබේ මනස , එම සාර්ථකත්වය ලගා කරගන්න පුළුවන් මට්ටමක් දක්වා දියුණු කරගැනීම ඉතාම වැදගත්.
ඒ නිසා අද ලිපියෙන් අපි සාකච්චා කරන්නේ අපේ මනස Focus වෙන විවිද අවධි ගැන! සරලවම කීවොත් ඔබේ මනස මේ මට්ටම් වලින් කුමන මට්ටමක තියෙනවාද කියන දේ, ඔබට කොතරම් දුරට යමක් වෙනුවෙන් මනස අරමුණු ගත කරගෙන ඉන්න පුළුවන්ද කියන දේ තීරණය වෙනවා.
1. Ksipta Mind
Ksipta Mind කියන්නේ මනස ඉතාම නොදිවුනු මට්ටමක්. මේ මට්ටමේ ඔබේ මනස තියෙනවා නම්, ඔබේ මනස එක එක අරමුණු වෙනුවෙන් වේගයෙන්, සැරෙන් සැරේ ගමන් කිරීම සිදුවෙනවා. එක අරමුණක හිත තියාගෙන වැඩකරන්න මේ මට්ටමේ මනසක් තියෙන කෙනෙක්ට ඉතාම අමාරුයි.
එක වැඩක් කරගෙන යනකොට දන්නේම නැතුව මනස වෙන තැනකට යනවා. එතනින් තව තැනකට යනවා, ආයෙත් එතැනින් තවත් තැනකට යනවා. මේ විදිහට මනස හැම වෙලාවෙම එහෙ මෙහෙ දුවන ස්වභාවයක් මේ මනස තුල තියෙනවා.
මේ මනස තුල විවේකය ඉතාම අඩුයි, පිලිවෙල ඉතාම අඩුයි, ඒ නිසාම මේ වගේ මනසක් තියෙන මිනිස්සුන්ගේ ජීවිතත් ඒ වගේමයි. මේ ආකාරයේ මනසක් තියෙන අයට , බොහෝ වෙලාවට ආතතිය, තීරණ ගැනීමට ඇති නොහැකියාව, මානසික ව්‍යාකූල බව හා අපහැදිලි බව වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා.
මේ අය ගොඩක් දේවල් ගැන හිතනවා, හැබැයි අවසානයේ සැබෑ ජීවිතයේ කිසිම දෙයක් ගොඩනගා ගන්නේ නෑ. මොකද හැම වෙලාවෙම මනස එහෙ මෙහෙ දුවන නිසා පිලිවෙලකට තීරණයක් අරගෙන වැඩක් කරන්න ඔවුන්ට අමාරුයි. මේ වගේ මනසක් තියෙන කෙනෙක්ට කොතරම් මහන්සි වුනත් 90%ක්ම තියෙන්නේ අසාර්ථක වීමේ ඉඩකඩක්. මේ වගේ කෙනෙක් සාර්ථක වෙයි කියලා ඇත්තටම අපිට හිතන්න සෑහෙන අමාරුයි.
2. Mudha Mind
Mudha Mind කියන්නේ කම්මැලි මනසට, ඔවුන්ට ඕනෑම දෙයක් ගැන හිතන්න පුලුවන්, ඒත් යමක් ක්‍රියාත්මක කරලා යම් ප්‍රතිඵලයක් ගන්න ඔවුන්ට හිතෙන්නේ නෑ. මේ අය හැම දේම අත ලගට ලැබුනත් ඔහේ කාලය කා දමමින් බලාගෙන ඉන්න පිරිසක්.ඒ නිසා ඔවුන්ගේ ජීවිත වල දියුණුවක් ඇත්වෙන්නේ නැති තරම්. ඔවුන් හැමදාම එකම තැන පල් වෙවී ජීවත් වෙනවා.
ඒ නිසා ඔවුනුත් සාර්ථක වෙයි කියලා හිතන්න ඉතාම අමාරු පිරිසක්. මෙයත් ඉතාම පහල මට්ටමේ නොදියුනු මානසික මට්ටමක්.
3. Viksipta Mind
Viksipta Mind කියන්නේ ඔබට යම්කිසි සාර්ථකත්වයක් ලගා කරගන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්, අවම මානසික මට්ටම. මේ මනස තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් යමක් ගැන හිතලා, ඒ වෙත මනස පිහිටුවාගෙන, යම් දෙයක් කරලා යම් ප්‍රතිඵලයක් ලබන්න පුලුවන්. නමුත් මේ මනස ඒ තරම් ශක්තිමත් එකක් නෙමේ. ඒ නිසා ඉතා ඉක්මනින් , ඉතාම කුඩා දේකින් වුවත් මේ අයගේ මනස අවුල් වෙන්න පුළුවන්.
ඒ වගේම මේ වගේ මනසක් තියෙන අයට එක දිගට මනස එක අරමුනක තියාගෙන ඉන්න බෑ. ( පුළුවන් සුළු වෙලාවක් පමණයි ) ඒ නිසා මේ අයගේ ජීවිත වල දියුණුවක් සිදු වුනත්, අතර මග විවිද භාදක නිසා නතර වීම් වගේ දේවල් නිසා දියුණුව ඇති වෙන්නේ ඉතාම හෙමින්.
හැබැයි මනස පුහුණු කලොත් මේ අයට , ඉතාම පහසුවෙන් ජීවිතේ ඉතා විශාල සාර්ථකත්වයක් ගොඩනගා ගන්න පුලුවන් මට්ටමට දියුණු වෙන්න පුළුවන්
4. Ekagra Mind
Ekagra Mind කියන්නේ , සාර්ථක මිනිසෙක් තුල තිබිය යුතු මානසික මට්ටම. මේ මට්ටමේදී ඔබට ඔබේ මනසේ හොද පාලනයක් තියෙනවා. අවශ්‍ය දේ ගැන ඉතාම පැහැදිලිව හිතන්න පුලුවන්. ඕනෑම දෙයක් ගැන පූර්ණ අවදානය, අරමුනුගත බවක් ඇතිව ක්‍රියාත්මක වෙමින් , ආරම්භයේ සිට අවසානය දක්වාම ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
මේ නිසා මේ මානසික මට්ටමේ ඉන්න අය, ඕනෑම දෙයක් තුල ඉතා ඉක්මනින්, ඉහල සාර්ථකත්වයක් ලබා ගන්නවා.
මේ අයගේ මනස හරිම නිරවුල්, හරිම පැහැදිලියි, ඉතා ඉක්මනින් නිවරැදි තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මනස ඉතා හොද පාලනයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා. අනවශ්‍ය දේවල් හිතෙන එක ඉතාම අඩුයි. ඕනෑම දෙයක් ගැන පූර්ණ අරමුණු ගත බවක් පවත්වාගෙන යන්න ඔවුන්ට පුලුවන්.
ලෝකයේ ඉතා ඉහල සාර්ථකත්වයක් ලගා කරගන්නා මිනිස්සුන්ගෙන් 90%ක්ම මෙන්න මේ මට්ටමට, දැනුවත්ව හෝ නොදැනුවත්ව මනස දියුණු කල මිනිස්සු.
Ekagra Mind එකක් දක්වා ඔබේ මානසික මට්ටම දියුණු කරගන්න හැටි ප්‍රායෝගිකව ඉගෙන ගන්න, සැප්තැම්බර් 13 වන ඉරිදා සවස 2.00 සිට 5.00 දක්වා පැවැත්වෙන Focus & Clear - මනස පුහුණු කිරීම පිලිබද ප්‍රායෝගික පුහුණු වැඩසටහනට ඔබත් සහබාගී වෙන්න. ( අන්තර්ජාල වැඩමුලුවකි )
වැඩි විස්ථර සදහා අමතන්න : 0764393624
Comments