top of page

ප්‍රායෝගික සාර්ථකත්වයේ සූත්‍රය

Updated: Dec 6, 2018



අපි හැමෝටම ජීවිතයේ සාර්ථකත්වය සම්බන්දයෙන් විවිදා කාර බලාපොරොත්තු තිබෙනවා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ආකාරයෙන් තමන්ට පෞද්ගලික වූ කුමන බලාපොරොත්තුවක් තිබුනත්, ඒ දේවල් ප්‍රායෝගික ජීවිතයේදී ලගා කරගන්න නම් ඔබ ගමන්කල යුතු පොදු මාර්ගයක් ගැන. අපි මේකට කියනවා සාර්ථකත්වයේ සූත්‍රය කියලා. අපි පොඩි කාලේ ගණිතය ඉගෙන ගන්නකොට විවිද සූත්‍ර ඉගෙනගෙන තියෙනවනේ. මේ සූත්‍රයත් ඒ ආකාරයෙන්ම තාර්කික සූත්‍රයක්. නමුත් ඔබට මේ සූත්‍රයනම් කිසිම පාසලකින්වත් විශ්ව විද්‍යාලයකින්වත් ඉගෙන ගන්නනම් ලැබෙන සූත්‍රයක් නෙමේ.


හොදයි මෙන්න මේක තමයි සාර්ථකතයේ සූත්‍රය.


ධනාත්මක ආකල්ප (80% )+ ක්‍රියාකරකම් (20%) = සාර්ථකත්වය (100%)


හොදයි දැන් බලමු මේ මොකක්ද කියලා විස්තර සහිතව. තමන්ගේ සාර්ථකත්වයෙන් 80%කට වැඩි ප්‍රමානයකට සෑම ව්ටම බලපාන්නේ ධනාත්මක ආකල්ප, ඒ වගේම ඉතිරි 20% තමන් ක්‍රියාකරන ආකාරය මත තීරණය වෙනවා! අපි ඕන කෙනෙක්ගේ හිතේ සාර්ථක වෙන්න ඕනේ කියලා මුලින්ම ඇතිවෙන්නේ හීනයක්. මෙන්න මේ හීනය තමයි ප්‍රායෝගිකව සාර්ථක මිනිසෙක් දක්වා අපිව ගේන්නේ.


මේ හීනයත් එක්ක අපිට හිතෙනවා කොහොම හරි කවදා හරි මම මගේ හීනය ලගා කරගනන්වා කියලා. මේ දේ තමයි සාර්ථකත්වයේ ආරම්භය, හරියට අද්‍යාපනයේදී ළදරු පාසල වගේ සාර්ථකත්වය ගැන හීන දැකීම තමයි මූළිඛම පියවර. අද්‍යාපනයේදී ළදරු පාසල් යන්නේ අවුරුද්දක් 2ක් වුනාට සාර්ථකත්වය කියන සාදකයේදී නම් සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් මැරෙනකම්ම ඉන්නේ ලදරු පාසලේ, බොහෝ දෙනෙක් එතනින් එහාට අඩියක් තියන්නේ ඉතාම කලාතුරකින්.


අපි බලමු සාර්ථක වෙන කෙනෙක්ට එහෙමනම් හීන දකිනවාට පස්සේ ඉදිරියට යන්න තියෙන පියවරයන් මොනවාද කියලා.


1. සාර්ථකත්වය ගැන සිහින දැකීම - මේ පියවරේදී අපිට හිතෙන්නේ කවදා හරි කොහොම හරි තමන්ගේ හීන වලට ලගා වෙනවා කියලා


2. සාර්ථකත්වය ගැන ඉලක්ක පිහිටුවීම - මේ පියවරේදී කවදා හරි, කොහොම හරි කියන දේ වෙනස් වෙලා හරියටම සාර්ථක වෙන්නේ කවදාද කොහොමද කියන දේ හිතන්න ගන්නවා. මේ පියවරේදී සැලැස්මක් කියන දේ ඔයාට අත්යවශ්යයි කියලා දැනෙන්න පටන් ගන්නවා. නිකරුනේ අපතේ යන හැම මිනිත්තුවක්ම දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ පියවරේදී මානසික පීඩනය ටිකක් වැඩියි. මොකද ඔයා මේ පියවරේදී කාලය අරගෙන ලස්සන හීන දැක දැක ඉන්නේ නෑ. මේ පියවර තමයි ඔයාගේ සාර්ථකත්වය වෙතට ප්‍රායෝගිකව ඔයා ලගා වෙන්න හදන වෙලාව. මෙතැනදී ඔයාගේ සිතුවිලි 100% පළවෙනි අවස්ථාවට වඩා වෙනස්. හරිම තාර්කිකයි.


3. ආකල්ප වර්ධනය - 2 වෙනි පියවරේදී අපි කීව විදිහටම මානසික පීඩනය ටිකක් වැඩි වෙන නිසා ඒ දේ දරා ගන්න ඔයාට අවශ්‍ය වෙනවා ධනාත්මක ආකල්ප. ධනාත්මක ආකල්ප කියන්නේ ධනාත්මක සිතුවිලි නෙමේ. ධනාත්මක ආකල්ප කියන්නේ ඔයා තුලම ඇතිවෙන තදබල හැගීමක්. ධනාත්මක ආකල්ප එක්ක ඔයාට අභියෝග බාර ගන්න, පරාජයන්ට මුහුන දෙන්න, අලුතින් හිතන්න, අලුත් දේවල් අත්හදා බලන්න ඉබේම හිතෙනවා. මේ දේත් එක්ක ඔයාගේ ශක්තිය දෙගුන තෙගුන වෙනවා. ඔයාට දැනෙන්න ගන්නවා සාමාන්ය මිනිසෙක්ට වඩා ගොඩක් දේවල් ඔයාට කරන්න පුලුවන් කියලා. ඔයා ඉන්නේ සාමාන්ය මිනිස්සුන්ට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. අනාගතය ගැන තියෙන බය ඔයාට නැති වෙනවා. තමන්ගේ ජීවිතේ තමන්ට ඕනේ විදිහට මෙහෙය වන්න තමන්ට පුලුවන් කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවෙදී ඔයාට ඒ වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් ඕනේ වෙනවා.


4. සැලසුම් සැකසීම - සැලැස්මක් සකසනවා කියන එක ටිකක් අමාරු වැඩක් , ඒ දේ කරන්න ඔයාට ටිකක් කාලය අරගෙන හිතන්න වෙනවා. හැම පැත්තකින්ම ඔයා සකසන සැලැස්ම දිහා බලල හරිම තීරණ ටික ගන්න වෙනවා. මේ හැම දෙයක්ම කරන්න පුලුවන් වෙන්නේ අපි කලින් පියවරේදී කියපු ආකල්ප හරියට තියෙනවානම් විතරයි


5 සැලසුම් ක්‍රියාත්මක කිරීම - මෙතැනදිත් ඔයා කොයිතරම් සාර්ථකව සැලසුම් ක්‍රියාත්මක කරනවාද කියන දේ තීරණය වෙන්නේ ඔයාගේ ආකල්ප කොයිතරම් ධනාත්මකද , ස්ථීරද කියන දේ මත. එහෙම නැති වුනොත් සැලසුම් සකස් කලාට ඔයා මේ දේ කරන්න යනකොට අතපසුවීම් වෙනවා, ඍණාත්මක සිතුවිලි, ක්‍රියාකාරකම් සැරින් සැරේ උඩට ඇවිත් ඔයාගේ ගමන කඩාකප්පල් කරනවා. එක දිගට තමන්ගේ ගමන යන්න බැරි වෙනවා. හරියයිද, වරදියිද කියන බය ඇතිවෙනවා. ඔයා හැම වෙලාවෙම විශ්වාසයෙන් වේගයෙන් ඉදිරියට යනවා වෙනුවට , පුලුවන් තරම් අවදානම් අඩු කරගෙන හිමීට ඉදිරියට යන්න හදනවා. මේ නිසා ඔයාට දියුනුවක් ලබන්න ලොකු කාලයක් ගත වෙනවා. කාලයත් එක්ක ඔයාගේ සැලසුම් යල් පනින්න තියෙන අවස්ථාව වැඩි වෙන නිසා මේ තත්වය උඩ ඔයා සාර්ථක වෙනවාට වඩා, ඔයාට වෙන්නේ මහන්සි වෙලාත් අසාර්ථක වෙන්න.


දැන් හොදින් ආයෙත් බලන්න මේ පියවර දිහාවට, සිහින දැනීම ,ඉලක්ක පිහිටුවීම, සැලසුම් සැකසීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම කියන හැමදේටම ධනාත්මක ආකල්ප කියන දේ බලපානවා. ඉලක්ක සහිත පුද්ගලයෙක්ට ධනාත්මක ආකල්පවල අවශ්‍ය තාවය තදින් තිබුනත්, සාර්ථකත්වය ගැන සිහිනයක් දකින්නත් මට සාර්තක වෙන්න අවශ්යයි කියන ආකල්පය ඉතා සුලු මට්ටමකින් හෝ තිබිය යුතුයි. මේ නිසා සෑම විටම ඔබේ සාර්ථකත්වයේ 80% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ධනාත්මක ආකල්ප කියන දේ බලපානවා. හරියට ධනාත්මක ආකල්ප ගොඩනගා ගත් කෙනෙක්ට ඉදිරි 20% ක්‍රියාකාරකම් තුලින් ගොඩ නගා ගැනීම අපහසු දෙයක් නොවේ. සාර්ථකත්වයේ තියෙන අමාරුම කොටස තියෙන්නේ ඔබේ මනසත් එක්ක.



ඔබ යනු ඔබේ ආකල්පයි. ඔබ අනාගතයේදී කවුරුන් වෙනවාද යන්න තීරණය කරන්නේ ඔබේ ආකල්පයි.

පියවරෙන් පියවර ප්‍රායෝගිකව ඔබේ ඉලක්ක වෙත යන ආකාරය ඉගෙන ගන්න, ඔබත් දැන්ම ජීවිතය දිනන ප්‍රායෝගික මග ( ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා ) පහතින් Download කරගන්න .



340 views

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page