top of page

පූර්ණ කාලීන ධනාත්මක මනසක් සකසා ගන්න ප්‍රායෝගික පියවර 3ක්

Updated: Mar 19, 2020


ධනාත්මක මනසක් සකසා ගැනීම සම්බන්දයෙන් ඔබ උනන්දු වන කෙනෙක් නම්, ධනාත්මක මනසක් සකසා ගැනීම වෙනුවෙන් ඔබ උත්සාහ කරන කෙනෙක් නම් ඔබ දැනටමත් ඒ සම්බන්දයෙන් විවිද දේෂණ , වැඩමුළු , පොත්පත් ආදී විවිද දේවල් අත් හදා බලා ඇති.


ඔබ එහෙම ප්‍රායෝගික අත් හදා බැලීමක් කර තිබෙන කෙනෙක්නම්, මෙවැනි දේෂණයකට හෝ වැඩමුළුවකට සහබාගී වීමෙන් පසු හෝ, පොතක් හෝ වෙනත් යමක් පරිෂීලනය කිරීමෙන් පසුව, ඔබට , ඔබේ මනසට යම්කිසි ධනාත්මක බවක්, ප්‍රබෝධමත් බවක්, සාර්ථක වීම වෙනුවෙන් උද්‍යෝගිමත් බවක් ඇති වුනත්, ටික කාලයක් යන විට එම තත්වය ක්‍රමයෙන් අඩුවෙලා තමන් පෙර සිටි තට්ත්වයටම පත් වෙන බවත් ඔබ බොහෝ විට ප්‍රායෝගිකව අත්විද ඇති.


ඇයි අපිට මේ ආකාරයෙන් ඇතිකර ගන්න ධනාත්මක බව දිගු කාලයක් තියා ගන්න බැරි? ඒ වෙනුවෙන් කරන්න පුලුවන් යමක් තියෙනවාද? අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ අන්න ඒ කරුණ ගැන.


සරලවම කියාවානම් ඔබ ඇතිකරගන්න ධනාත්මක බව දිගුකාලීනව පවත්වාගෙන යන්න බැරිවෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි , ඔබ ඇතිකරගන්න ධනාත්මක බව දිගු කාලයක් පවතින ආකාරයෙන් ඇතිකර නොගැනීම. අපිට ගෙදරක තියෙන බිත්ති දිය සායම් වලින් පාට කරන්න බෑ. ඒ වෙනුවෙන් බිත්ති මත ආලේප කරන්න සුදුසු වන තින්ත වර්ගයක් බාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ කොහොම කලත් එහි පැවැත්මක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ ධනාත්මක බව කියන දේත්, එය ඔබට හිතුමනාපෙට මොනවා හරි කරලා ඇතිකර ගන්න බෑ. එය පූර්ණ කාලීන, දියුනුවන , වර්ධනය වන ධනාත්මක බවක් කරගන්න නම් ඔබ එය ඇතිකරගත යුතු නිවරැදි ආකාරයට ඇතිකරගත යුතු වෙනවා.


ඔබ දන්නවා, යම් කිසි රෝගයක් සුවකර ගන්න ඔබට රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමෙන් හැකිවෙන්නේ නෑ. එයට ඔබ රෝග මූලයට ප්‍රතිකාර කල යුතු වෙනවා. ඒ වගේම තමයි ධනාත්මක බව කියන දේ ඇතිකර ගන්න ඔබට ඍණාත්මක බව යටපත් කරලා හැකියාවක් නෑ, ඒ වෙනුවෙන් ඍණාත්මක බව ඇතිකරන තත්වයන් වෙනස් කිරීම කල යුතු වෙනවා.


ඒ වෙනුවෙන් නිශ්චිත පියවර 3ක් හරහා මනස සකසා ගත යුතු වෙනවා.


1. දැනට ක්‍රියාත්මක වන ඍණාත්මක අදහස්වල ක්‍රියාකාරීත්වය බිදදැමීම.


ඒ කියන්නේ ඔබ දැනට හරියි කියලා හිතාගෙන ඉන්න, දැනට විශ්වාස කරන්න හුරු වෙලා ඉන්න, දැනට සිතන්නට හුරු වෙලා ඉන්න, ඍණාත්මක සිදුවිලි රවාවන් බිද දැමීම. මෙය ඔබට විවිද අභ්‍යාස හා ක්‍රියාකාරකම් හරහා මෙන්ම, ලෝකයේ සාර්ථක වූ මිනිසුන්ගේ චරිත කතා වැනි දේවල් ඇසුරෙන් සිදුකරන්න පුලුවන්. මෙතැනිදී ඔබේ මනසේ තියෙන දුර්වල, ඍණාත්මක , පසුගාමී අදහස් යටපත් වෙලා අමුතු ජවයක් අභිප්‍රේරණයක් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. බොහෝ ධනාත්මක චින්තන වැඩසටහන් තුලදී ඔබට අත්විදින්නට ලැබෙන දේ වෙන්නෙත් මෙන්න මේ පියවර තමයි. නමුත් මෙතැනදී ඔබේ සිතුවිලි රටාවන් ටික කැඩෙන්නේ තාවකාලිකව. මෙතැනදී ඔබ ඇතුලේ තියෙන ඍණාත්මක සිතුවිලි ඇතිකරන මූළ බීජයන් විනාෂ වෙන්නේ නෑ. ඒ වගේම අලුතින් ඍණාත්මක තත්වයන් ඇතිවන තත්වයන් නැති වෙන්නෙත් නෑ. මේ නිසා දවස් කීපයක් සති කීපයක් යන විට ඔබ නැවත ඍණාත්මක වීම සිදුවෙනවා. මේ නිසා ඒ තත්වය නැතිකර ගන්න ඔබට දෙවැනි හා තුන්වැනි පියවර දක්වා ගමන් කිරීම අනිවාර්යය වෙනවා.


2. ධනාත්මක සිතුවිලි රටාවන් ඇතිකරන ආකල්පමය තත්වයන් හා මානසික තත්වයන් වෙනස් කිරීම.


අපි ධනාත්මකව හිතනවාද , ඍණාත්මකව හිතනවාද යන්න තීරණය වෙන්නේ අපේ මනසේ තියෙන ආකල්ප මත, උදාහරණයක් ලෙස ලෝකයේ දෙවියන් විශ්වාස කරන බොහෝ දෙනෙක් එය විශ්වාස කරන්නේ දෙවියන් දැකලාවත්, ඒ පිලිබදව කල සොයාබැලීමකින් පසුවවත් නෙමේ. එය කාලයක් තිස්සේ අහලා තියෙන නිසාවෙන් හා , එය විශ්වාස කරන තවත් අය සිටින නිසාවෙන්.


අන්න ඒ විදිහටම අපි කාලයක් තිස්සේ අපේ මනසට ඇතුල් කර ගත්ත, අපි කාලයක් තිස්සේ අහපු , දැකපු, කියවපු, අත්දැකපු, ඉගෙනගත්ත, දේවල් මත මනසේ තැම්පත් වුන ආකල්ප අනුව තමයි අපේ සිතුවිලි රටාවන් සකස් වෙන්නේ. ඒ නිසා දෙවැනි පියවර විදිහට තමන්ගේ සිත තුල තදින් කාලයක් තිස්සේ තැම්පත් වෙලා තියෙන ඍණාත්මක ආකල්පමය තත්වයන් බිද දැමීම හා ඒ වෙනුවෙන් ධනාත්මක ආකල්පමය තත්වයන් ඇති කිරීම සිදු කල යුතු වෙනවා. මෙය එක දවසකින් එක පැය කීපයකින් කරන්න පුලුවන් දෙයක් නෙමේ මේ නිසා ඒ වෙනුවෙන් වන අභ්‍යාස පුරුදු පුහුණු වීමකින් පසු ඔබ යම්කිසි කාලයක් එක දිගට එම අභ්‍යාස වල නිරත වීම මේ වෙනුවෙන් කල යුතු වෙනවා. එය ඇත්තටම මානසික ව්‍යායාම කිරීමක් කීවොත් නිවරැදියි. මේ හරහා ඔබ තුල තියෙන ඍණාත්මක ආකල්ප නැති වෙලා, ධනාත්මක ආකල්ප ඇතිවන වර්ධනය වීමක් වගේම ඒ හරහා ධනාත්මක සිතුවිලි නිරන්තරයෙන් නිපදවීමක් සිදුවෙනවා.


ඒ කියන්නේ ස්වභාවයෙන්ම ඔබ ධනාත්මකව සිතන කෙනෙක් බවට පත්වෙනවා. දැන් ඔබට හිතෙයි මේ පියවරෙන්ම තමන්ට ඕනේ දේ ලැබෙනවා නේද කියලා. නමුත් ඇත්තටම එහෙම නෑ. මේ ධනාත්මක බවත් නැති වෙන්න පුලුවන්, ඒ ඔබ තුන් වෙනි පියවරට නොගියොත්.


3. ප්‍රතිඵල වෙනුවෙන් වන චර්යාත්මක රටා හරහා ධනාත්මක බව වර්ධනය කර ගැනීම.


අපි ධනාත්මක වෙන්න උත්සාහ කරන්නේ ධනාත්මක වෙලා ඔහේ බලාගෙන ඉන්න නෙමේ. අපිට සාර්ථක වෙන්න පුලුවන් කියලා කොතරම් විශ්වාසයක් තිබුනත්, කොතරම් අභිප්‍රේරණයක් , උනන්දුවක් තිබුනත්, අපිට කොතරම් ධනාත්මකව හිතන්න පුලුවන් වුනත්, අපිට ප්‍රායෝගික ජීවිතය තුල ප්‍රතිඵ්ලය ලබා ගන්න බැරි නම් ඒ ධනාත්මක බව ඉබේම දුර්වල වෙනවා.


ඔබ කොච්චර දනාත්මකව හිතුවත් ඔබේ අතේ සතයක් නැත්නම්, කන්නේ බොන්නෙත් අමාරුවෙන් නම් ඔබ ඇතිකරගන්න ධනාත්මක බව ඔබට ප්‍රායෝගිකව පවත්වාගෙන යන්න බෑ. මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම ප්‍රායෝගික සාර්ථකත්වයක් සමගින් ඔබේ ධනාත්මක බව වැඩිකරගන්න ඕනේ.


ප්‍රායෝගික ප්‍රතිඵල කියන්නේ ක්‍රියාකාරකම් මත ගොඩනැගෙන දෙයක්, මේ නිසා ඔබට මේ දේ වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සම්බන්ද යම් චර්යාත්මක පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ කාර්යාලයක යම් රැකියාවක් කරන කෙනෙක් කියලා, මෙතැනදී ඔබ කොතරම් ධනාත්මකව හිතුවත් වැඩක් නෑ. ඔබට දවසේ වැඩකටයුතු ටික හරි ආකාරයෙන් වෙලාවට කරගන්න බැරිනම්. එතැනදී ඒ අසාර්ථකත්වයත් එක්ක ඔබ කොතරම් ධනාත්මකව සිතුවත් යම් තරමකින් හෝ මානසිකව ඍණාත්මක වීමක් ඔබේ මනසේ ඇතිවෙනවා. මේ දේ නිතර නිතර සිදුවෙන්න ගත්තොත් ඔබ ඇතිකර ගත්ත ධනාත්මක බව වර්ධනය වෙනවා වෙනුවට ඉබේම නැතිවෙලා නැවත ඍණාත්මක වීම සිදුවෙනවා.


ඔබ දන්නවා , වෙලාවට වැඩකටයුතු ටික නිම කිරීම කියන දේ ධනාත්මක බවෙන් විතරක් කරන්න බෑ. ඒ වෙනුවෙන් කාලය කළමණාකරණයක කරගැනීම සම්බන්ද ක්‍රම ශිලප පිලිබද දැනුමක් හා පුහුණුවක් ඔබට තියෙන්න ඕනේ. ඒ දේ නැතුව කොතරම් ධනාත්මක වුනත් ඒ ධනාත්මක බවෙන් ප්‍රායෝගිකව ඔබට ජීවිතේ ඉදිරියට ගෙනියන්න අමාරුයි. මේ නිසා අවම වශයෙන් යමක් ප්‍රායෝගික ලෝකය තුල සාර්ථක කරගන්න ඔබ දැනගත යුතු මූළිඛම ක්‍රම ශිල්ප ටිකවත් ඔබ හරියට ඉගෙනගෙන සිටීම ඉතාම වැදගත්.


මෙන්න මේ පියවර තුන ඔබට සම්පූර්ණ කරන්න පුලුවන්නම් , ඔබ සාමාන්‍යයෙන් අත්විදින තාවකාලික ධනාත්මක බව වෙනුවට , ප්‍රායෝගිකව දැනෙන, පූර්ණ කාලීන ධනාත්මක බවක් ඔබට ගොඩනගා ගැනීමේ හැකියාව ප්‍රායෝගිකව ඔබට ලැබෙනවා.


1,198 views

1 comentario

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación

this is the first time i log into your site, very interesting articles there. these are very helpful to our self development.thank you. all the best

Me gusta
bottom of page