top of page

පුංචි වැඩක් කරලා කෝටි ගනන් සල්ලි හොයන හැටි!

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Mar 19, 2020


මේ තියෙන්නේ Barnett Newman කියන ඇමරිකානු චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක්. මේ චිත්‍රයේ තියෙන්නේ නිල්පාට පසුබිමක ඇදුනු සුදුපාට ඉරක් පමනයි. බැලූ බැල්මට මේ චිත්‍රය ඕනෑම පුංචි දරුවෙකුට වුනත් අදින්න පුලුවන් ආකාරයේ සරල චිත්‍රයක් බව ඕනෑම කෙනෙකුට පෙනෙනවා. ඒ වගේම මෙවැන්නක් නිරමාණය කරන්න විශේෂ දක්ෂතාවයක් අවශ්‍ය නැති බවත් ඕනෑම කෙනෙකුට පෙනෙනවා.


නමුත් මෙම චිත්‍රය ඉතිහාසගත විදිහට අලෙවි වාර්ථා තබමින් ඇ. ඩොලර් මිලියන 43.8කට 2013 වසරේදී අලෙවි වනවා. ඒ කියන්නේ වර්ථමාණ රුපියල් වලින් නම් ලක්ෂ 79000කටත් අදිකයි.


සල්ලි හොයනවා කියන්නේ වෙනමම කලාව. බොහෝ දෙනෙක් හිතන්නේ සල්ලි කියන්නේ දක්ෂතාවය, වටිනාකම මත හුවමාරු වන දෙයක් විදිහට, නමුත් ඇත්ත ඒක නෙමේ. සල්ලි ලැබෙන්නේ සල්ලි හොයන්න දන්න කෙනාට, සල්ලි ඉපයීම කියන්නේ වෙනම කලාවක්, වෙනම විශයක්. ඒ කලාවේ, ඒ විශයේ නිපුණතාවයක් තියෙන කෙනාට තමන් විකුණන භාන්ඩය හෝ සේවාව මොකක්ද කියන එක අදාල නෑ. ඔහු ඒ දේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් මුදල් බවට පරිවර්ථනය කරනවා.


අන්න ඒක නිසයි, පෝශනයෙන් අනූන කොල කැද බොන්න මිනිස්සු අදි මදි කරද්දි , විවිද රසායනික ග්‍රව්‍ය දාලා කෘතිමව හදපු, කිසිදු ගුණයක් නැති , ශරීරයට අහිතකර විවිද බීම වර්ග සල්ලි දීලා, හොයාගෙන ගිහිල්ලා, බොන්න මිනිසුන් පෙලබෙන්නේ!


හොදට මතක තියා ගන්න , ඔබ කොතරම් දක්ෂයෙක් වුනත්, ඔබ සතුව කොතරම් වටිනා දේවල් තිබුනත්, ඔබට මූළ්‍යමය අතින් සාර්ථක වෙන්න නම් මුදල් උපයන කලාව ගැන ඉගෙන ගන්නම වෙනවා. මේ ලෝකයේ පොහොසතුන් වෙලා තියෙන්නේ වෙන කිසිම කෙනෙක් නෙමේ මුදල් උපයන කලාව ගැන දන්න මිනිසුන්ම පමණයි!


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර


මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොත මෙතැන Click කර Download කර ගන්න.





 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page