1. ඉලක්කයක් සමග වසර පටන් ගන්න
නව වසර අවසානයේ ඔබේ ජීවිතය , ආර්තික වශයෙන්, පවුල් ජීවිතය අතින්, සෞඛ්‍යය අතින් හා වෙනත් අංශ වලින් කුමන ආකාරයේ සාර්ථකත්වයක් කරා ලගා වී තිබිය යුතුද යන්න පිලිබදව පැහැදිලි ඉලක්කයක් පිහිටුවා ගන්න. නිශ්චිත ඉලක්කයක් අරමුනක් නැතුව, කිසිම දෙයක් සාර්ථක කරගන්න හැකියාවක් නෑ.
2. එකිනෙක ඉලක්කය වෙනුවෙන් ලිඛිත සැලැස්මක් සකස් කරන්න
ඔබේ ඉලක්කය වෙත ලගා වීම වෙනුවෙන් වසරේ දින 365ට අදාලව මාසික ඉලක්ක, දෛණික ඉලක්ක වලින් සමන්විත සැලැස්මක් සකසා ගන්න, මෙම සැලැස්ම දෙස බැලූ විට ඔබට එකිනෙක දිනයන් තුල ඔබ කුමන කුමන පියවරයන් තබමින් සාර්ථක විය යුතුද යන්න , හා එකිනෙක දිනය තුල ඔබ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කුමන කුමන දේවල් කල යුතුද යන්න පැහැදිලිව බලාගත හැකි විය යුතුයි.
3. දින සැලැස්මකට අනුව වැඩ කරන්න
සෑම දිනයක්ම ඔබ නව වසරේ දින 365 වෙනුවෙන් සැකසූ සැලැස්ම මත පදනම්ව සකසනු ලැබූ දින සැලැස්මකට අනුව වැඩ කරන්න, ඔබට එදිනෙදා ජීවිතයේදී කිරීමට සිදුවෙන දේ සහ ඔබ ඔබේ සාර්ථකත්වයට වෙත යාමට කල යුතු දේ පැහැදිලිව හදුනාගෙන ඔබේ දවසේ පැය 24 කලමණාකරනය කරගෙන ඒ අනුව වැඩ කරන්න. සෑම දිනකම අවසානයේ ඔබ ඔබේ සැලැස්මට අනුව වැඩ කලාද ඒ අනුව ඔබේ දෛණික සාර්ථකත්වය කොයි ආකාරයෙන්ද යන්න මැන බලන්න.
4. නිවරැදි ආකල්පමය වෙනසක් ඇතිකරගන්න
සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන යාමේදී ඇතිවන බාදක අභියෝග වලට සාර්ථකව මුහුන දීම වෙනුවෙන් ශක්තිමත් ආකල්පමය වෙනසක් ඇතිකරගන්න කටයුතු කරන්න. අභියෝග , බාදක දෙස ධනාත්මකව බලමින් ඉදිරියට යන ආකාරය හුරු වෙන්න.
5. යටි සිත බලගන්වන්න
ඔබේ ඉලක්කය වෙත පහසුවෙන් ලගා වීම වෙනුවෙන් , යටි සිත බලගැන්වීමේ අභ්‍යාසය සිදු කරන්න දිනපතා යම් කාලයක් වෙන් කරන්න. ඔබ වෙතට යහපත් දේ ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ඔබ තුල වන හැකියාව වර්ධනය කරගන්න.
6. ඔබ වෙනුවෙන් ඔබේ මාසික ආදායමෙන් 10%ක් වෙන් කරන්න
ඔබේ බලාපොරොත්තු වන සාර්ථකත්වය වෙත යාම වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබා ගැනීමට හා අලුත් දේවල් අත්හදා බැලීම වෙනුවෙන් වැය කරන්න,ඔබේ මාසික ආදායමෙන් අවම 10%ක්වත් වෙන් කිරීම පුරුද්දක් කර ගන්න.
7. සාර්ථක මිනිසුන් කීප දෙනෙකු ඔබේ මිතුරන් බවට පත්කර ගන්න.
සාර්ථකත්වය පිලිබද යමක් සාකච්චා කල හැකි, යම් උපදෙසක් ලබා ගත හැකි, ඔබේ දියුනුව වෙනුවෙන් යමක් ඉගෙන ගත හැකි. ධනාත්මක මානසිකත්වයකින් යුතු කීප දෙනෙකු ඔබේ මිතුරන් කර ගන්න. ඔවුන් සමග සමීප සබදතා පැවැත්වීමට උත්සාහ කරන්න.
8. උපදේෂකවරයකු තෝරා ගන්න
ඔබට වඩා සුදුසුයයි සිතෙන සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයකු තෝරාගෙන , මාස කීපයකට වරක් ඔබේ ඉලක්ක , සැලසුම් හා ඔබ ලගා කරගෙන ඇති සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයා සමග සාකච්චා කරන්න. ඔබේ ගැටලු හා වඩා වේගවත් දියුනුව වෙනුවෙන් ගතහැකි ක්‍රම ශිල්ප පිලිබදව ඔබට අදාලව උපදෙස් ලබා ගන්න.
නව වසරට සැලැස්මක් සකස් කර ගන්න : ජීවිතය දිනන මග eBook එක සහ සැලසුම් සැකසීමේ ප්‍රායෝගික වැඩපත්‍රිකා Download කරගන්න මෙතැන click කරන්න.
Comments